BREAKING NEWS
latest

728x90

468x60

මගුරු ගඟෙන් එගොඩ මෙගොඩ වන ගම්මුන්ගේ ජීවිත අනතුරේ - පාලින්දනුවර ඒදඬු පාලම අබලන්

අගලවත්ත මැතිවරණ ආසනයට අයත් පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශයේ මගුරු ගඟෙන් ඉලුක්‌පොත ගම්මානයටත්, ගලහිටිය ගම්මානයටත් එගොඩ මෙගොඩ වීම සඳහා ප්‍රදේශවාසීන්ගේ ශ්‍රමයත්, කාලයත්, මුදලත් වැය කර දමා ඇති ඒදඬු පාලම අද දවස වනවිට දැඩි ලෙසම අබලන් බවත් එමෙන්ම දැඩි ලෙසම අවදානම් බවත් මේ ඒදඬු පාලම මතින් එගොඩ මෙගොඩ යන එන ඉලුක්‌පොත, ලත්පඳුර, සුදුවැලිමානාන, පැළෑඳ, කරව්ව, කපුගෙදර, අස්‌වැලිය, ගලහිටිය, කටුහේන, මාහේන, හිනිදුම්මුල්ල ආදී ප්‍රදේශවල පදිංචිකරුවන් සඳහන් කරති. 

එමෙන්ම මහ වැසි ඇදවැටීමත් සමඟ මගුරු ගඟ ගැලූ විට මේ ඒදඬු පාලම ගඟ පහළට ගසාගෙන යන බවද ඉන්පසු නැවත වරක්‌ ප්‍රදේශවාසීන් එක්‌ව තම ශ්‍රමයත්, කාලයත්, මුදලත් වැය කර නැවතත් ඒදඬු පාලම සකස්‌ කර ගන්නා බවද ලී දඬු කපන්නට යැමේදී විවිධ බාධකවලට මුහුණදුන් අවස්‌ථාද ඇති බව ප්‍රදේශවාසීන් වැඩිදුරටත් සඳහන් කරති. ශ්‍රීÊලංකාවට නිදහස ලැබුණු දින සිට මෙරට පාලකයන්ට මේ ස්‌ථානයට අඩි තුනේ කොන්ක්‍රීට්‌ පුංචි පාලමක්‌ ලබාදෙන ලෙස ඉල්ලා ගෙවී ගිය වසර 70 තුළ ඔවුන් දැනුවත් කළ බවද අදින් වසර 05 පෙර අවස්‌ථා ගණනාවකදී මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් පැමිණ මේ ස්‌ථානය පරීක්‌ෂා කළ බවද, මැනුම් කටයුතු කළ බවද ඒවා හරියට ගඟට කැපූ ඉනිමෙන් පල රහිත වූ බවද සඳහන් වේ.

දිනපතා මේ ඒදඬු පාලම මතින් 500 පමණ පිරිසක්‌ එගොඩ මෙගොඩ යන බවද මේ අතර ඉලුක්‌පොත විදුහලටත්, ලත්පඳුර පඤ්Æසේන විදුහලටත්, කඹුරාවල මහ විදුහලටත් පාසල් සිසු සිසුවියන් රැසක්‌ යන බව මෙදිනට පෙරවරු කාලයටත්, පස්‌වරු කාලයටත් දරුවන් එගොඩ මෙගොඩ කිරීම සඳහා දෙමාපියන්ද මේ ස්‌ථානයට පැමිණිය යුතුය. මේ වනවිට මේ ඒදඬු පාලම මතින් වැටී ජීවිත කීපයක්‌ අහිමි වූ බවද ඉලුක්‌පොත, ගලහිටිය ප්‍රදේශවාසීන් සඳහන් කරන අතර ප්‍රදේශයේ ගර්භණී මවුවරුන්ගේ හා කිරි දෙන මවුවරුන්ගේ සායන පැවැත්වෙනදාට මේ ඒදඬු පාලමෙන් යන එන මේ පිරිස දැකීමෙන් තමන්ගේ සිතටද දැඩි බියක්‌ දැනෙන බව ප්‍රදේශවාසීහු සඳහන් කරති. එමෙන්ම කුඩා තේ වතු හිමියන් කුඩා රබර් වතු හිමියන් හා කුරුඳු වගාකරුවන්ද සඳහන් කරන්නේ තම නිෂ්පාදනයන් අලෙවි කිරීම සඳහා මේ ඒදඬු පාලම මතින් රැගෙන යායුතු බවය. එබැවින් මේ අබලන් අනතුරුදායක ඒදඬු පාලම පිළිබඳ අදහස්‌ දැක්‌වූ පිරිස නිලධාරීන්ගෙන් බලධාරීන්ගෙන් දේශපාලන අධිකාරියෙන් ඉල්ලා සිටින්නේ නැවත නැවත අනතුරු සිදු වීමට පෙර මේ සඳහා විසඳුමක්‌ ලබාදෙන ලෙසය.

ලත්පඳුර - ජී. ඩී. ජයසිරි
« PREV
NEXT »

Facebook Comments APPID