BREAKING NEWS
latest

728x90

468x60

මිත්තනියගේ රන් මාලය උකස්‌ කර බියර් පාටියක්‌ දැමූ මුණුපුරා කොටුවෙයි

80 හැවිරිදි වයෝවෘද්ධතම මිත්තනියගේ රුපියල් 93,000 ක්‌ වටිනා රන් මාලය සොරාගෙන එය උකස්‌ කොට ලබාගත් රුපියල් 80,000 ක මුදල් වලින් තම මිතුරන් රැසක්‌ සමඟ එක්‌වී ජයට "බියර් පාටියක්‌" දැමූ බව කියන 20 හැවිරිදි මුණුපුරා මීගමුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති උ.පො. පරීක්‍ෂක ආනන්ද හේරත් මහතා විසින් අත්අඩංගුවට ගෙන ඇත.

වටිනා රන් මාලය අහිමි වූ මිත්තනිය වූයේ මීගමුව ශාන්ත ජෝසප් වීදියේ පදිංචි ඩබ්ලිව්. ඒ. මේරි ජෙනට්‌ (80) මහත්මියයි.

මෙහි විමර්ශනයේදී අනාවරණය වූ තොරතුරු අනුව මෙහි සැකකාර මුණුපුරා වයෝවෘද්ධ කතගේ වැඩිමල් දියණියගේ පුතුය. වයෝවෘද්ධ කත තම නිවසේ තනිවම ජීවත්වෙන්නීය.

මෙම තත්ත්වය සැලකිල්ලට ගත් මුණුපුරා (සැකකරු) තම මිත්තනියගේ නිවසට ගොස්‌ ඇගේ රන් මාලය සොරකම් කොට ඇත. පසුව එය උකසට තබා මුදල් ගෙන මිතුරන් සමඟ බීර පාටි දමා ඇත.

සොරකම් කළ රන් මාලය සමඟ සැකකාර මුණුපුරා අත්අඩංගුවට ගෙන ඇත. ඩබ්ලිව්. ළහිරු නමැති සැකකරු මීගමුව අතිරේක මහෙස්‌ත්‍රාත් නිල්මිණි රන්කොත්ගේ මහත්මිය හමුවට පැමිණවීමෙන් පසු සැකකරු මෙම 30 වැනි දින දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කොට ඇත. සැරයන් (4924) ජිනදාස මහතා පැමිණිල්ල මෙහෙයවිය. අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ ගොඩ්ප්‍රි කුරේ මහතා පෙනී සිටියේය. වැඩිදුර විභාගය 30 දා පැවැත්වේ.
« PREV
NEXT »

Facebook Comments APPID