BREAKING NEWS
latest

728x90

468x60

කොග්ගල මුහුදු වෙරළේදී තම බිරිඳගේ ගෙල මිරිකා මරා දැමූ සැමියාට වසර 9 ක සිර දඬුවම්

කොග්ගල මුහුදු වෙරළේදී තම බිරිඳගේ ගෙල මිරිකා පසුව බෝතලයකින්ද ඇන ඝාතනය කිරීමේ අධි චෝදනාවට වරද පිළිගත් විත්තිකරුවකුට දකුණු පළාත් බද ගාල්ල මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විත්තිකරු මිනී මැරුමක්‌ නොවන සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක්‌ සිදු කිරීමේ චෝදනාවට වරදකරු කොට වසර නවයක බරපතළ වැඩ සහිත සිර දඬුවමක්‌ සහ රුපියල් පන්දහසක දඩයක්‌ ගෙවීමට පෙරේදා (16 දා) නියම කළේය.

දඩය නොගෙවන්න් නම් තවත් මාස තුනක සිර දඩුවමක්‌ද විත්තිකරුට නියම විය.

මෙසේ දඬුවම් නියම වූයේ හපුආරච්චිගේ ඉන්ද්‍රවංශ නමැති විත්තිකරුවකුටය.

විත්තිකරු 2001 ජූලි 02 වැනි දින හබරාදුව පොලිස්‌ වසමේ කොග්ගල මුහුදු වෙරළේදී සෙල්ලප්පෙරුමගේ ලක්‌සනා සජීවනි ද සිල්වා නමැති විසිනව හැවිරිදි තම බිරිඳගේ ගෙල මිරිකා පසුව බෝතලයක්‌ කඩා ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් විත්තිකරුට එරෙහිව ගාලු මහාධිකරණයේ අධි චෝදනා ගොනුකර තිබිණි.

විත්තිකරුගේ බිරිඳ මියයන විට සත්මස්‌ ගැබිණියක්‌ බවත් විත්තිකරු ඇය සමඟ යතුරුපැදියෙන් ඇයගේ මොරටුවේ නිවසට යමින් සිටියදී අලුයම පහට පමණ කොග්ගල හොරයිසන් හෝටලය අසළදී බහින් බස්‌වී තිබේ. පසුව විත්තිකරු ඇයගේ ගෙල මිරිකා පසුව බීමට වතුර ගෙනෙන ලද වීදුරු බෝතලය බිඳ ඇන ඝාතනය කර තිබේ. පසුව විත්තිකරු ඇඳසිටි ඇඳුම් ගලවා දමා වෙනත් ඇඳුම් ඇඳගෙන ගොස්‌ ඇති බවත් උදෑසන හෝටලයේ කළමනාකරු වෙරළේ මළ සිරුරක්‌ තිබෙනවා දැක පොලිසියට දන්වා ඇති බවත් පැමිණිල්ල කියා සිටියේය.

විත්තිකරුගේ නිතිඥයින් කියා සිටියේ විත්තිකරුගේ මානසික තත්ත්වය නිසා මෙම අපරාධය සිදුව ඇති අතර විත්තිකරු ඒ සම්බන්ධයෙන් බලවත් කම්පාවට පත්ව සිටින බවය.

විත්තිකරු වෙනුවෙන් චතුර දිසානායක ජනාධිපති නීතිඥ ශානක රණසිංහ යන නිතිඥ මහත්වරුන් පෙනි සිටි අතර රජයේ අධිනිතිඥ කේ. වී. ඉන්දිකා මෙනවිය පැමිණිල්ල මෙහෙය වූවාය.

අහංගම සුගතපාල දීයගහගේ
« PREV
NEXT »

Facebook Comments APPID