BREAKING NEWS
latest

728x90

468x60

විවාහය සහ ලිංගික ජීවිතය කේන්ද්‍රය තුළින් දකිමු

විවාහය යනු ස්‌ත්‍රී පුරුෂ දෙදෙනා අතර වූ ආධ්‍යාත්මික බැඳීමක්‌ පමණක්‌ නොව සමාන්තර වශයෙන් ජීව විද්‍යාත්මක අවශ්‍යතාවක්‌ වූ ලිංගිකත්වය සමඟද බැඳී පවතී. මේ නිසා විවාහය නමැති බැඳීම තුළ ලිංගික අවශ්‍යතා සමබර නොවන විටක විවාහයේ ගැටලුකාරී සහ අර්බුදකාරී තත්ත්වයන් ඇතිවීමට හේතු විය හැක. කෙසේ වෙතත් ආදරය හා බැඳුණු ලිංගිකත්වය හුදෙක්‌ කායික රසාස්‌වාදයකට පමණක්‌ සීමා නොවේ. එය දෙදෙනාගේ කායික හා මානසික චිත්තවේග පෞරුෂයන් අතර මනා ගැළපීමක්‌ ඇති මානව අවශ්‍යතාවක්‌ බවට පත්වේ. 

යම් ජන්මියෙකුගේ ලිංගික තෘප්තිය, ශක්‌තිය හා රසාස්‌වාදය යන කරුණු ඔහුගේ හෝ ඇයගේ කේන්ද්‍රයේ පවත්නා ග්‍රහ තත්ත්වය අනුව ලිංගික ජීවිතයක්‌ ගත කිරීමට ප්‍රථම අනාවරණය කර ගැනීමට පිළිවන. පුද්ගලයකුගේ ලිංගික ජීවිතය පාලනය කිරීම සම්බන්ධයෙන් එම පුද්ගලයා උපත ලබන අවස්‌ථාවේදී පවත්නා ලග්නය, නැකත සහ ග්‍රහ තත්ත්වය යන කරුණු විශ්ලේෂණය කිරීමෙන් අවබෝධ කරගත හැකි වේ. 

සාමාන්‍යයෙන් නිරෝගී හොඳ මානසිකත්වයකින් යුත් ඕනෑම පුද්ගලයකුට ලිංගික ආශාවන් තිබිය යුතුය. එය මනුෂ්‍යයන්ට පමණක්‌ නොව තිරිසන් සතුන්ටද සාධාරණ දෙයකි. මිනිස්‌ සමාජයේ සෑම දෙයක්‌ම කෙරෙනුයේ සමාජ රටාව ආරක්‌ෂා කර ගනිමිනි.

පුද්ගලයකුගේ ලිංගික ජීවිතය පාලනය කිරීම සම්බන්ධයෙන් එම පුද්ගලයා උපත ලබන අවස්‌ථාවේ කේන්ද්‍රය තුළ අති ධාවන කාමයෝග හා අනාචාර හැසිරීම් මෙන්ම ලිංගික බෙලහීනතාවන් පිළිබඳවද කේන්ද්‍රය තුළින් අනාවරණය කරගත හැකි වේ. 

යම් ජන්මියෙකුගේ ලිංගික ආශාවන් සහ උවමනාවන් තීරණය කිරීමේදී සඳු, කුජ, සිකුරු යන ග්‍රහයන්ගේ බල තත්ත්වය ගැන සලකා බැලේ. මෙම ග්‍රහයන්ගේ බල තත්ත්වය අනුව කාමාශාවන් වැඩිවන අතර සෙනසුරු හා කේතු යන ග්‍රහයන් ලිංගික ජීවිතයේ වර්ධනයක්‌ ඇති නොකරයි. විවාහක කාන්තාවක හෝ පුරුෂයකු වෙනත් ස්‌ත්‍රියක්‌ හෝ පුරුෂයකු සමඟ ලිංගික සේවනයේ යෙදීම සාරධර්ම බිඳ හෙළීමකි. ආගමානුකූලව බලන විට එය බලවත් අකුසල කර්මයකි. තම සහකරුගේ හෝ සහකාරියගේ කුමන හෝ දුර්වලතාවක්‌ පදනම් කොටගෙන වෙනත් පාර්ශ්ව කරුවකුගේ පහස ලැබීමට යොමුවීම යුක්‌ති සහගත හෝ සාධාරණ ක්‍රියාවක්‌ නොවේ. විවාහ ජීවිතය යනු ලිංගික සේවනයම පමණක්‌ නොවේ. 

අති ධාවන කාමයෝග හා අනාචාර පැවැත්මට බලපාන ග්‍රහයෝග රාශියක්‌ ජ්‍යෙdතිෂයේ පෙන්වා දී ඇත. මෙවැනි ග්‍රහයෝග එකක්‌ හෝ කිහිපයක්‌ ඔබට යෝජනා කරන සහකරුගේ හෝ සහකාරියගේ කේන්ද්‍රය තුළ පවතී නම් ඔහු හෝ ඇය විවාහයෙන් පසුව අනියම් සැපතක්‌ පතා යැම අනිවාර්යෙන්ම සිදු වේ. 

අඟහරු, සිකුරු යන ග්‍රහයන් නීච තත්ත්වයට පත්ව චන්ද්‍රයා සමඟ සංයෝග වූ කල අනියම් සම්බන්ධතා ගොඩනඟා ගැනීමට පෙළඹේ. අඟහරු සමඟ සඳු සංයෝගව සිටියදී සෙනසුරුගේ හා සිකුරුගේ දෘෂ්ටිය පවතී නම් සියුම් ක්‍රම උපයෝගී කරගෙන අනියම් ලිංගික සම්බන්ධතා රහසිගතව ගොඩනඟා ගනී. මෙවැනි සම්බන්ධතා හොර රහසේ පවත්වාගෙන යන අතර හෙළිවන්නේ කලාතුරකිනි. 

සාමාන්‍යයෙන් කුජ, සිකුරු සංයෝගය චමත්කාරජනක ආදර සම්බන්ධතාවක්‌ ගොඩනැංවීමට ඉවහල් වෙයි. මෙම සංයෝගය තුළින් බොහෝ විට අධික කාමාශාව සහ එබඳු හැඟීම්වල ඇලී ගැලී සිටීමත් දක්‌නට ලැබේ. කුජ, සිකුරුගෙන් එක්‌ ග්‍රහයෙකු හත්වැන්න අධිපති වීම සහ රාහුගේ බලපෑමක්‌ද ඇතිවූ විට ලිංගික වශයෙන් සදාචාර විරෝධී ක්‍රියාවන්ට පෙළඹී තමාගේ කීර්ති නාමය පවා හානිකර ගනී. මේ නිසා කුජ, සිකුරු බලවත් වූ ජන්මීන් ප්‍රේමය, විවාහය, ලිංගිකත්වය යන කාර්යයන්හි සදාචාරාත්මක යථාර්ථයන් පිළිබඳ අවබෝධයෙන් ක්‍රියා කළ යුතුය. 

රාහු, සිකුරු සම්බන්ධතාවද විවාහයට අයහපත් ලෙස බලපානු ලබයි. මෙය අති ධාවන කාමයෝගයක්‌ ලෙස හඳුන්වාදී ඇති අතර අශුභ භාවයක යෙදීමෙන් ජන්මියාගේ බුද්ධි බලය හීන වී ලිංගික අපචාරී හැසිරීම්වල යොමු වීමට ඉඩකඩ පවතී.

රාහු, සිකුරු දෙදෙනා කුජ සමඟ හත හෝ අට යන භාවයක යෙදී 6 අධිපතියාද ඊට සම්බන්ධ වුවහොත් විකෘති කාමභෝගී ජීවිතයකට යොමුවීම තුළින් ලිංගික රෝගාබාධයන්වලට ලක්‌වීමටද ඉඩකඩ පවතී.

රවි සහ සඳුගේ ශුභදෘෂ්ටි සහිතව සිකුරු එකොළොස්‌ වැන්නේ පතිත වීම නිසා ජන්මියා සමාජයට ප්‍රිය පුද්ගලයකු කරන අතර එසේ වූ කාන්තාව පුරුෂ පක්‍ෂයේ ආකර්ශනයට ලක්‌වන අතර පුරුෂයා කාන්තා පක්‍ෂයේ ආකර්ශනයට නිතැතින්ම ලක්‌වේ.

කෙසේ වෙතත් සිකුරු 12 වැන්නේ යෙදීම ශුභ තාවයක්‌ නොපෙන්වයි. මෙම රාශිය මේෂ, කටක හෝ මකර වී සිකුරු එහි යෙදී ඇති පුරුෂයා ස්‌ත්‍රීන් කිහිප දෙනකු සමඟ සම්බන්ධතාව පවත්වන අයෙකු වේ. එමෙන්ම මෙවැනි පුරුෂයන් කාන්තාවන් වෙනුවෙන් අධිකව වියදම් කරන්නෝද වෙති. 12 වැන්නේ සිකුරු නියෝජනය විවාහය තුළින් ලබන්නා වූ කායික හා මානසික තෘප්තියෙහි කිසියම් අඩුවක්‌ ඇති කෙරේ.

සඳු, කේතු සමඟ සංයෝගව හත්වැන්නේ සිටියදී එම සංයෝගය සෙනසුරුගේ දෘෂ්ටියට ලක්‌වීම නිසා ජන්මියා සමලිංගික සේවනයට යොමු කෙරේ. 

කුජ, සිකුරු යන ග්‍රහයන් අතිශය බලවත් වීමද එම ග්‍රහයන් අතිශය දුර්වල වීමද විවාහ ජීවිතය කෙරෙහි අයහපත් බලපෑමක්‌ ඇති වෙයි. යම් ජන්මියෙකුගේ කුජ සිකුරු දෙදෙනා දුර්වල ලෙස පිහිටීම ලිංගික ආශ්වාදය කෙරෙහි උදාසීන බවක්‌ පෙන්නුම් කරයි. කුජ කටක රාශියේ නීච වීමත්, සිකුරු කන්‍යා රාශියේ නීච වීමත් තුළින් ලිංගික ආශාවන් ඇතුළු සියලු වින්දනාත්මක හැඟීම් යටපත් කොට ආධ්‍යාත්මයට නැඹුරු වීමක්‌ පෙන්නුම් කරයි. 

මේ අයුරින් කාම උදාසීනත්වය හා ලිංගික බෙලහීනතාව නිසාද යුගදිවිය වැඩි කාලයක්‌ පවත්වා ගෙන යැමට නොහැකි තත්ත්වයක්‌ උද්ගත විය හැක.

මෙම කාර්යයේ දී ජන්මියෙකුගේ කේන්ද්‍රයේ 7 වැන්න 7 වැන්නට යෙදෙන ග්‍රහ දෘෂ්ටි පිළිබඳ වැඩි අවධානයක්‌ යොමුකළ යුතුය. හත්වැන්නේ සෙනසුරු කේතු බුධ වැනි ග්‍රහයෙකුගේ පිහිටීම ලිංගික ජීවිතය අඩාල කිරීමට බෙහෙවින් උපකාරී වේ. සෙනසුරු, කේතු, බුධ යන ග්‍රහයන් ලිංගික ජීවිතය ප්‍රිය කරන ග්‍රහයන් නොවේ. මේ නිසා ලිංගික ශක්‌තිය හීන කිරීමටද මෙම ග්‍රහයන්ගේ බලපෑම නිසා ඇති වේ. බ්‍රහස්‌පතිගේ බලයද සමහර විටක මේ සඳහා බල පවත්වයි. විවාහයෙන් පසු මෙවැනි තත්ත්වයන් ඇතිවීම තුළින් විවාහය බිඳ වැටීම්, විවිධ අර්බුදකාරී තත්ත්වයන් පැන නැගිය හැක.

හත්වැන්න අධිපතියා නීච වීම, සතුරු රාශි ගතවීම ලිංගික ශක්‌තිය හා විවාහයේ ප්‍රීතිමත් භාවය අඩු වීමට හේතු වනු ඇත. සෙනසුරු, බුධ, කේතු යන ග්‍රහයන් සතුරු නීච තත්ත්වයෙන් පසුවීම වඩා අයහපත්ය. පොරොන්දම් පමණක්‌ පරීක්‍ෂා කිරීම තුළින් මෙවැනි අසමානතා, ලිංගික ජීවිතයේ තෘප්තිමත් භාවයන් හඳුනා ගැනීමට ප්‍රමාණවත් නොවේ. 

සමගි සම්පන්න හා අර්ථවත් විවාහ ජීවිතයක්‌ සඳහා ලිංගික ජීවිතයේ සමානාත්මතාව බෙහෙවින් ඉවහල් වේ. වැඩිදුර විස්‌තර 0771268646 අංකයෙන් ලබාගත හැක.

ජ්‍යෙතිෂවේදිනී, තුෂාරා වික්‍රමසිංහ
317, දාගොන්න (වැව පාර), මීගමුව
« PREV
NEXT »

Facebook Comments APPID