BREAKING NEWS
latest

728x90

468x60

ඩෝසර් කළ සූඩයිකුඩා දාගැබට පුරාවිද්‍යාව අත ගසයි

පසුගියදා කිසියම් පිරිසක්‌ විසින් විනාශ කර දමන ලද සාම්පූර් සුඩයිකුඩා ප්‍රදේශයේ පිහිටි දාගැබ ඇතුළත් ප්‍රදේශය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව භාරයට ගෙන සංරක්‌ෂණයට පියවර ගන්නා බව පුරාවිද්‍යා අධ්‍යක්‌ෂ ජනරාල් මහාචාර්ය පී. බී. මණ්‌ඩාවල මහතා පවසයි.

යාපනෙන් අතුරුදන් වූ දරුවයි බිරියයි 18 වසරකට පසු ඕස්ට්‍රේලියාවෙන් සොයාගනී

යාපනයේ වැසියකුගේ අතුරුදන් වූ බිරිය හා දරුවා වසර දහඅටකට පසුව පෙරේදා ඕස්ට්‍රේලියාවේදී හමු වී තිබේ.පී. බහිදරන් නමැති මේ පුද්ගලයා විවාහ වී වසර හතරකට පසුව එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් පිරිසක් විසින් බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් එම සංවිධානයට බඳවා ගෙන තිබේ.
අවසන් යුද සමය දක්වා ඔහු එල්.ටී.ටී.ඊ. සංවිධානය සමඟ කටයුතු කොට අවසන් කාලයේදී යුද හමුදාව වෙත භාර වී රජයේ පුනරුත්ථාපන වැඩසටහන යටතේ පුනරුත්ථාපනය වීමෙන් පසුව නිදහස ලබා ඇත.

කිසිම වෙදකමකින් සනීප කරන්න බැරි ලෙඩවලට බෙහෙත් නාඩිවාක්‍යයේ. – ආනන්ද මෛත්‍රී නාහිමිගේ විස්මිත දෙසුම මෙන්න

නාඩි වාක්‍ය පිළිබඳව අපි විටින් විට අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නාහිමියන් සමග සාකච්ඡා කළෙමු. මෙම සාකච්ඡාවන් සඳහා මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ප්‍රවෘත්ති) දිවංගත ප්‍රභාත් මානවසිංහ මහතා ද, දිවයින පුවත් පතේ ප්‍රවෘත්ති කර්තෘව සිටි දිවංගත දයාරත්න රණසිංහ මහතා ද සහභාගි වූහ.සිංහල බසින් රූපවාහිනි සාකච්ඡාව මෙහෙය වූයේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්‌ථා නිවේදකව සිටි සුගත් ලයනල් රණසිංහ මහතාය. ඉංග්‍රීසි බසින් සාකච්ඡාව මෙහෙයවූයේ එවකට ස්‌වාධීන රූපවාහිනි සේවයේ ක්‍රීඩා වාර්තාකරු ලෙස සේවය කළ අතුල රත්නායක මහතා ය.

ඇතැම් අවශ්‍ය කරුණු සහ ගැටලු සහිත තැන් පිළිබඳ විමසන ලද්දේ මවිසිනි. එකී සාකච්ඡා වෙන් වෙන් වශයෙන් දැක්‌වීමෙන් පාඨක ඔබ තුළ ඇතිවිය හැකි ව්‍යාකූල තත්ත්වයන් මඟ හැරීම සඳහා අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමියන්ගෙන් අප අසන ලද සියලු ප්‍රශ්න සහ උන්වහන්සේ දුන් පිළිතුරු සරලව පාඨක ඔබගේ පහසුව සඳහා මෙසේ ප්‍රශ්න සහ පිළිතුරු වශයෙන් කැටි කොට කොටස්‌ වශයෙන් පළවන බව සලකන්න.

වයස 82 ක කාන්තාවක හා අනියම් ඇසුර නිවසට සැලවීම නිසා ඔංචිල්ලා කණුවක එල්ලී එක්‌ දරු පියා දිවි නසා ගනී

දැරණියගල පොලිස්‌ බල ප්‍රදේශයේ බොරලංකඩ ග්‍රාමයේ දමිළ පාසලේ ඔංචිල්ලා කණුවක එල්ලී 38 වියෑති එක්‌දරු පියෙකු සිය දිවිනසාගෙන ඇත.

වෙබ් මාධ්‍ය සඳහා ආචාර ධර්ම මාලාවක් !

වෙබ් මාධ්‍යවේදීන් සඳහා වූ ආචාර ධර්ම මාලාවක් ප්‍රකාශයට පත්කිරීමට වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංවිධානය කටයුතු යොදා ඇත.

උසස් පෙළ ප්‍ර‍තිඵල නිකුත්වෙයි ප්‍රථමයන් මෙන්න

2017 වසරට අදාළ ව පැවැත් වූ අ.පො.ස.(උ/පෙළ) විභාගයේ ප්‍රතිඵල අද (28) අන්තර් ජාලයට නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව  විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් මෙම ප්‍රතිඵල ලබාගත හැකිය.

මෙවර විභාගයේ ජීව විද්‍යා අංශයේ පළමු ස්ථානය, මාතර සුජාතා බාලිකා විද්‍යාලයේ දිලිනි සඳුනිකා ශිෂ්‍යාවටත්, වාණිජ අංශයේ පළමු ස්ථානය එම විද්‍යාලයේම දුලානි රසන්තිකා ශිෂ්‍යාවට හිමිව තිබිම විශේෂත්වයකි. 

ගැටිස්‌සියන් ජලයෙහිදීම ගල් කළ සද්ධානන්ද හිමියෝ

පොල් ත්‍රිකෝණයට අයත් වයඹ පළාතේ කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයේ බිංගිරිය නගරයට නුදුරු බ්‍රාහ්මණයාගම විහාරස්‌ථානයක එකල වැඩ විසූ සද්ධානන්ද හිමියෝ ප්‍රදේශයේ මහත් ප්‍රසිද්ධියෙක්‌ ඉසිලූ ධම්මකථික ස්‌වාමීන් වහන්සේ නමක්‌ වූහ. ප්‍රදේශයේ පඬිරුවනක්‌ වූ උන්වහන්සේ යන්ත්‍ර, මන්ත්‍ර ගුරුකම් පිළිබඳව ද ඉමහත් ප්‍රසිද්ධියක්‌ ඉසිලූහ.

මහත් කථිකත්වයක්‌ ඇති උන්වහන්සේ දිනක්‌ තම අවශ්‍යතාවක්‌ සඳහා තම විහාරස්‌ථානයේ සිට බිංගිරිය නගරයට වැඩියේ වැව් කණ්‌ඩියක්‌ දිගේ පා ගමණින්ය. ඉතා ඉක්‌මන් ගමනින් වැඩි උන්වහන්සේ දුටු වැවේ දිය නාමින් සිටි ගැටිස්‌සියන් සමූහයක්‌ මහ හයියෙන් කොක්‌හඬලා සිනහසුනේ ඔලුක්‌කුවකට මෙනි. මේ සිද්ධියෙන් තදබල ලෙස උරණවූ සද්ධානන්ද හිමියෝ තම ගමන නවතා ගැටිස්‌සියන් සමීපයට විත් ඔවුනට අත දිගුකර මන්තරයක්‌ මතුරා ජපකර නැවත සුපුරුදු පරිදි තම කටයුත්ත සඳහා වැඩම කළේ කිසිම හැළ හොල්මනක්‌ නොමැතිවය.

2017 උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි

2017 අ.පො.ස උ.පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වන විට අන්තර්ජාලයට නිකුත් කර තිබේ. 

ඒ අනුව  විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් මෙම ප්‍රතිඵල ලබාගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

අරවින්දට පස්සේ ඊයේ ලංකාවට ගෙනාපු සුපිරි Ferrari කාර් එක මෙන්න

Ferrari කාර් එකක් ගන්න එක කාගේත් සිහිනයක්.

හැබැයි එක හැබෑ කරගන්න ගොඩක් ආමාරු හීනයක් කියලා දැන දැන තමයි ඒ හීනේ ඉන්නේ.

කෝටිපතියන්ට නම් එක ලොකු හීනයක් නෙමේ.

භූත බියකින් යාපනය කැළඹෙයි - 09ක්‌ හදිසියේ මියගිහින්

යාපනය නගරාසන්න වැසියෝ සියලු දෙනාම මේ දිනවල භූත බලවේගයක්‌ පිළිබඳව පැතිර යන ආරංචියක්‌ නිසා බියට පත්වී සිටිති.මීට ඉතාම ආසන්න හේතුවක්‌ වී ඇත්තේ ඉතාම කෙටි කලක්‌ ඇතුළතදී යාපනයේ එකම පවුල් දාමයකට අයත් පුද්ගලයන් 09 දෙනකු හදිසියේම මිය යැමයි. ඔවුන් යාපනයේ කුඩා පරිමාණයේ වෙළෙඳ කටයුතුවල නිරතව සිටි පවුල් දාමයකි.

එසේ මියගිය පුද්ගලයන් 9 දෙනා අතර කාන්තාවන් 4 දෙනකු හා කුඩා ළමයින් දෙදෙනකු ද සිටින අතර ඔවුන් මිය යැමට හේතුව පැහැදිලි වශයෙන් ප්‍රකාශ කිරීමට යාපනය ශික්‌ෂණ රෝහලේ වෛද්‍යවරුන් ද අසමත් වූ බව යාපනයේ වැසියෝ පවසති.

හෙල්මට්‌ එකකින් ගසා පුද්ගලයකු මැරූ දෙදෙනා දැලේ

සුගියදා යතුරුපැදි ආරක්‍ෂිත හිස්‌ වැසුමින් ගසා පුද්ගලයෙකු ඝාතනය කර පළාගොස්‌ සැඟවී සිටි සැකකරුවන් දෙදෙනකු මහරගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කොහුවල පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට පත්වූයේ කළුබෝවිල ඇළ ඉවුර පාරේ පදිංචි 40 - 42 වියේ පසුවන විවාහකයන් බවත් පොලිසිය පැවසීය.

වස්‌කඩුව පනාපිටිය තිඹිරිගස්‌හේන ප්‍රදේශයේ පදිංචි ලියනගේ දොන් නෙරන්ජන් නෙළුම්ප්‍රිය ජයසිංහ නමැති 38 හැවිරිදි තිදරු පියා මෙලෙස ඝාතනයට පත්විය.

හිටපු පෙම්වතියගේ ප්‍රහාරවලට රොෂාන් පිලපිටියගේ බිරිඳගේ මවගෙන් ප්‍රතිප්‍රහාරයක් - මේ මගේ ප්‍රථම හා අවසන් ප්‍රකාශයයි

රොෂාන් පිලපිටියගේ සහ රිද්මාගේ විවාහය ගැන පසුගියදා ආන්දෝලනාත්මක විදියට කතාබහක් ඇතිවුණා.

මේ නිසා සමාජ මාධ්‍යයන්වලද විවිධ මඩ ප්‍රචාර එල්ල වුණා.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් රොෂාන් පිලපිටියද අදහස් දැක්වූ අතර ඔහු පවසා සිටියේ සුනලි රත්නායක මෙම ප්‍රචාරයන් ගෙනගිය බවත් ඇයට එරෙහිව නීතිමය පියවර ගන්නට සූදානම් බවත්ය.

ධවල මන්දිරයේ සුපිරි නත්තල

ලෝකයම නත්තල් අසිරියට සැරැසෙද්දී අමෙරිකාවේ ධවල මන්දිරයද කිසිවෙකුටත් නොදෙවැනි අන්දමේ අලංකාර නත්තලකට සැරසුණි. එතෙක් මෙතෙක් සිටි ජනාධිපති ආර්යාවන් අතර හොඳම මෝස්තරකාරියක ලෙස සැලකෙන මෙලානියා ට්‍රම්ප් නත්තල් සැරැසිලි ඇරඹුවේ ඔක්තෝබරයේ සිටය.



සාමාන්‍යයෙන් අමෙරිකාවේ ප්‍රධාන පෙළේ නත්තල් ගස් දෙකක් දක්නට ලැබේ. එයින් එකක් ප්‍රධාන නගරයේ පිහිටුවන අතර එය (කැපිටල් ක්‍රිස්මස් ට්‍රී) ලෙස හැඳින්වෙයි. අනෙක් ප්‍රධාන නත්තල් ගස ධවල මන්දිරයේ දකුණු පස තණබිමේ පිහිටුවාලන ජාතික නත්තල් ගසයි. මෙවර ධවල මන්දිර නත්තල් ගස හෙවත් ජාතික නත්තල් ගස ගෙන ආවේ වොෂින්ටනයේ සිට සැතපුම් 2800ක් ඈතින් පිහිටි වනබිමක සිටය. එය නිල් ස්ප_ස් වර්ගයේ ගසකි. ප්‍රධාන නත්තල් ගස ඉඩාහෝහි ජාතික වනෝද්‍යානයෙන් ලබාගත් අඩි 80ක් උස එන්ගල්මාන් ස්පස් ගසකි.

රුසියාව පවවා තිබූ තේ ආනයන තහනම ඉවතට

ශ්‍රී ලංකාවෙන් ආනයනය කරනු ලබන තේ ඇතුළු කෘෂි නිෂ්පාදන සඳහා පනවා තිබූ තහනම ලබන 30 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට රුසියාව තීරණය කර ඇති බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක ප්‍රකාශ කළා. 


විශේෂයෙන් තේ සඳහා පනවා ඇති තහනම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මෙරට තාක්ෂණික කණ්ඩායමක් ඊයේ දිනයේ රුසියාව බලා පිටත්ව ගිය අතර, ඔවුන් එරට බලධාරීන් සමඟ පැවැත්වූ සාකච්ඡාවලදී මෙම තීරණය ගෙන ඇති බවයි අමාත්‍යවරයා  සඳහන් කළේ. 

9 දෙනෙකුගෙන් යුත් මෙම තාක්ෂණික කණ්ඩායමට තේ මණ්ඩලයේ සභාපති රොහාන් පෙතියාගොඩ සහ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රොහාන් විජේකෝන් ද ඇතුළත් වුණා. 

කොක්මාදුවේ අනුරුද්ධ හිමි සිවුර විසිකර අඳනය පිටින් මුහුදට පැන, දියේ ගිළුණු හතරක් බේරාගෙන

ගාල්ල කොග්ගල මුහුදු තිරයේ ගිලෙන්නට ගිය තරුණ කාන්තාවන් 04 දෙනෙකුගේ දිවි බේරා ගන්නට ගාල්ල ඉමදුව පරගොඩ රජමහා විහාරස්ථානයේ විහාරවාසී කොක්මාදුවේ අනුරුද්ධ හිමියන්යෝ සමත් වුහ.

ගාල්ල කොග්ගල සංචාරක කලාපයේ මුහුදු තිරයේ කොග්ගල සිට උපන්දින සාදයකට පැමිණි කාන්තාවන් 04 දෙනෙක් හා තවත් පිරිසක් දිය නාමින් සිටි ඇත. මේ අවස්ථාව වන විට තවත් විශාල පිරිසක් මෙම ස්ථානයේ දිය නාමින් සිටියහ.

එක්වරම මුහුද රළු වී මුහුදු ජලය එක්වරම වැඩිවී තිබේ. මේනිසා දිය නාමින් සිටි උපන්දින සාදයට පැමිණි සිටි පිරිස අතර සිටි තරුණ කාන්තාවන් 04 ක් දියේ ගිලි ගසාගෙන යන්නට විය.

අක්මාවෙ කොටසක් දුන්න පුද්ගලය නාමල් අදුරන්නෙ නෑලු - නාමල්ට බුකියේ පලු යන්න බැනුම්

නාමල් උඩුගම ලංකාවේ සිටින දක්ෂ ගායන ශිල්පියෙක්.

දන්න පරිදි දැනට වසර කීපයකට පෙර නාමල් උඩුගම ගායන ශිල්පියා අක්මාවේ සැත්කමකට භාජනය වුණා.

එහිදී මෙම සැත්කමට අවශ්‍ය අක්මාවේ කොටසක් ක්‍රිෂාන්ත සම්පත් විසින් නාමල් උඩුගම ගායන ශිල්පියාට 2015 මාර්තු 22 වෙනි දින ලබා දී ඇත බවයි සදහන් වෙන්නේ .

ඔබේ ශරීරයේත් මේ දේවල් පිහිටා තිබෙනවාද..?

නම්‍යශීලී දිව.

දිව ඕනෑම අතකට නැවිය හැකි යැයි අප සිතා ගෙන සිටියත් ඇත්තටම එසේ නැහැ.

දිවෙහි නම්‍යශීලීත්වය ජානමය ලක්ෂණ අනුව වෙනස් වෙනවා. වඩාත්ම නම්‍යශීලී දිවක් ඇත්තේ ඉන්දියානුවන්ට බවයි පර්යේෂකයන් පවසන්නේ.

ලෝකයේ මිනිසුන්ගෙන් 1% පමණක් දිව තුන්වරක් රෝල් කළ හැකියි.

සෙලවිය හැකි කන්.

සාර්ථක ගැබ් ගැන්වීමක් සඳහා පිරිමියෙකු සතු සුදුසුකම් මෙන්න..!

දරු පිළිසිඳ ගැනීමකදී කාන්තාවක තුළ තිබිය යුතු සුදුසුකම් පිළිබඳව බොහෝ දෙනෙක් කථා කරනවා. නමුත් කාන්තාවක් ගැබ් ගැන්වීම සම්බන්ධයෙන් කටයුතු කරන පිරිමියෙකුගේ තිබිය යුතු නීරෝගීතාවය පිළිබඳව බොහෝ දෙනෙකු අවධානය යොමුකොට නැහැ.

මේ අතර ඉන්දියාවෙ මුම්බායි නගරයේ කොහිනූර් රෝහලේ ප්‍රසව සහ නාරිවේද විශේෂඥ වෛද්‍ය අංජලී තල්වල්කාර් මාස දෙකකට වරක් ආසියාතික තරුණියන්ගේ ගර්භනී බව පිළිබඳ වැඩමුළු පවත්වනවා. මෙවර ඇය කතා කර තිබෙන්නේ දරු උපතක් සඳහා පිරිමියාගේ සෞඛ්‍යයේ බලපෑම ගැනයි.

මුස්ලිම් මස් කඩේ 2018 වසරට ගහපු කැලැන්ඩරයට රුවන්වැලි සෑය දාලා - රත්නපුරේ යකා නටල

රත්නපුරය ප්‍රදේශයේ මස් අලෙවි කරන ස්ථානයක නව වසරට මුද්‍රණය කළ දින දර්ශන තොගයක් නිසා ඊයේ (24) දින එම ප්‍රදේශයේ තරමක් නොසන්සුන් කාරී තත්වයක් ඇතිවුණා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ෆේස්බුක් පිටුවක පළ වූ අදහස් හා ඡායාරූප පහතින් නරඹන්න