BREAKING NEWS
latest

728x90

468x60

හතුරුසිංහගේ ඉල්ලා අස්වීම බංගලාදේශය තවමත් භාරගෙන නෑ

බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ සිය ඉල්ලා අස්වීම භාර දුන් බව බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය පවසයි. එහෙත් තමන් තවමත් ඔහුගේ ඉල්ලා අස්වීම භාර නොගත් බවත් ඩකා අගනුවර දී මාධ්‍ය හමුවක් ඇමතූ බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති නස්මුල් හසාන් සඳහන් කළේය. ඔහුගේ දුරකථනයට ඇමතූ නමුත් චන්දික හතුරුසිංහ එයට පිළිතුරු නොදෙන බවත් සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

ඔහු දැනට පුරප්පාඩු වී පවතින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු පදවිය භාරගැනීමට නියමිත බවට ජනමාධ්‍ය වාර්තා කර තිබිණ. විශේෂයෙන්ම බංග්ලාදේශයේදී ඔහුගේ සහාය පුහුකරුවෙකු ලෙසින් ක්‍රියා කළ තිලාන් සමරවීර පසුගියදා ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරු පුහුණුකරු ලෙසින් පත්කරනු ලැබීමත් සමග හතුරුසිංහ ප්‍රධාන පුහුණුකරු පදවිය භාරගැනීමේ හැකියාව ඉහළ යන බවත් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ අදහස් දක්වන ක්‍රීඩාලෝලීන් පෙන්වා දී තිබුණි.

"බිට්කොයින්" භාවිතය තහනම්?

බැංකු ලෝකයේ දැනට විශාල ලෙස ව්‍යාප්ත වෙමින් පවතින ඩිජිටල් මුදල් ඒකකයක් වන බිට්කොයින් භාවිතා කිරීම තහනම් කිරීමට කුවේටය සැළසුම් කර තිබෙනවා.

Wagon- R ලක්‍ෂ 5කින් අඩුවෙයි - Axio-Aqua-Vezal ලක්‍ෂ 7.5කින්, Allion ලක්‍ෂ 09කින්, Premio-Xtrail ලක්‍ෂ 10කින් ඉහලට - අලුත්ම මිල ගණන් ලිස්ට් එක මෙන්න..

2018 වසර සදහා යෝජිත අයවැයෙන් මෙරට ජනප‍්‍රිය ජපාන හා යුරෝපා වාහන කිහිපයක මිල ගණන් තවත් ඉහල යනු ඇති බව PWC ජාත්‍යන්තර විගණන ආයතනය සදහන් කරයි.

ඒ එනුව ටොයොටා Allion රථයක් රුපියල් 895,000කින්, ටොයොටා Premio, Prius හා නිසාන් Xtrail මිට්ෂුබිෂි Outlander වර්ගයේ රථයක් රුපියල් 995,000කින්ද ආනයනික බදු ඉහල යනු ඇති බව ඔවුන් පෙන්වා දෙති.

ටොයොටා Axio, Aqua, හොන්ඩා Vezal, Grace රථයක් රුපියල් 745,000කින්ද වැඩි වනු ඇතැයිද සදහන්ය.

බුදු පිළිම තහණම්..! පොතුවිල් ඩිපෝවේ සේවකයන්ගේ ආගමික නිදහසට බාධා

ජාතික සංහිඳියාව ගැන බොහෝ දේ කතාකරන යුගයක සහ සංහිඳියාව ගොඩනංවන්නට බොහෝ ව්‍යාපෘතීන් සිදු කරමින් පවතින මොහොතක කණගාටුදායක කරුණු රැසක් පොතුවිල් ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. ඒ අනුව පොතුවිල් ඩිපෝවේ සේවය කරන පිරිසකටයි මෙම ගැටළුවට මුහුණ පා සිටින්නේ.

චන්දික බංග්ලාදේශයට සමුදී – ලංකාවට සේවය කිරීමට පැමිණෙයි

බංග්ලාදේශ ක්‍රිකට් පුහුණුකරු චන්දික හතුරුසිංහ සිය ඉල්ලා අස්වීමේ ලිපිය එරට ක්‍රිකට් ආයතනයට බාර දුන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ වගේම එම මාධ්‍ය පවසන්නේ චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුගේ ධුරය සඳහා යෑම සඳහා මෙලෙස ඉවත්වී තිබෙන බවයි.

මේ අතර ඉන්දිය කණ්ඩායම සමගින් පැවැත්වීමට නියමිත පූර්ණ ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම බදාදා (08දා) ඉන්දියාවට පිටත්විය.

කෙසේ වෙතත් එම කණ්ඩායම සමගින් ශ්‍රී ලංකා නව පිතිකරණ පුහුණුකරු තිලාන් සමරවීමට පිටත්විමට නොහැකිවිය. ඒ වීසා ගැටුවක් හේතුවෙනි.

NEVERSKA LADY ශ්‍රි ලංකා මුහුදේ ඊයේ රාත්‍රියේ නැංගුරම් දමයි

තෙල් කලබල අස්සේ මංගල මහත්තයාගේ මංගල අයවැය ඔන්න අද හවස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. මේක තමයි නිදහස් ශ්‍රී ලංකාවේ 71 වැනි අයවැය. ඒ වගේම යහපාලන රජයේ තුන්වන අයවැය ලේඛනය.


මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය, මංගල සමරවීර මහත්මයා අද හවස 3.00ට අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. 2018 අයවැය වෙනුවෙන් වුන විසර්ජන පනත් කෙටුම්පත, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලේ පහුගිය ඔක්තෝම්බර් 9 වන දා. ඒ, මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහත්මයා විසින්.

ශ්‍රි ලාංකේය ජායාරූප ක්ෂේත්‍රයට වින කරන Image Today ඉන්දියානු වෙළද ප්‍රදර්ශණයට දේශීය ජායාරූප ශීල්පීන්ගේ විරෝධය


දැනට වසර ගණනාවක සිට සෑම වසරකම නොවැම්බර් මාසයේ පවත්වනු ලැබූ ශ්‍රි ලාංකේය ජායාරූප ක්ෂේත්‍රයට වින කරන Image Today ඉන්දියානු වෙළද ප්‍රදර්ශණය මෙවරද නොවැම්බර් මාසයේ BMICH හිදී පැවැත්වේ.

මෙම වෙළෙඳ ප්‍රදර්ශනයට මින් පෙර වාර ගණනකදී ජායාරූප ක්ෂෙත්‍රයේ ප්‍රමුඛ පෙලේ ලාංකේය සමාගම් විශාල සංඛ්‍යාවක් සහභාගි විණි .නමුත් ⁣මෙවර ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙලේ සමාගම් රාශියක් සහභාගී නොවීමට එකග වූහ. මෙම ප්‍රදර්ශනය Buy Sell නැමැති ඉන්දියානු වෙළෙඳ ප්‍රදර්ශන සංවිධායකයින් විසින් කරනු ලබයි. විදේශීය රටක තාක්ෂණය, යන්ත්‍ර උපකරණ මෙන්ම ඔවුන්ගේ ව්‍යාපාරික දැනුම අපේ ඡායාරූප ක්ෂෙත්‍රයට දායක කර ගැනීමට හා දායකත්වය ලබා දීම මෙවැනි ප්‍රදර්ශනවල මූලික අරමුණයි. එසේම මෙවැනි ජාත්‍යන්තර ප්‍රදර්ශනය වල සදාචාරය ද එය යි.

කවුරුත් දැක්කේ නැති අතුලගේ සුබ පැතුම

අතුල අධිකාරිගේ සහ සමිතාගේ පුතාගේ උපන්දිනය පසුගියදා යෙදී තිබුණා.ඒ වෙනුවෙන් ඔවුන්ගේ දියණිය කාවින්ද්‍යා අධිකාරි ද ෆේස්බුක් ඔස්සේ සුභ පතා තිබුණා.ෆේස්බුක් ඔස්සේ කාවින්ද්‍යා තැබූ සුබ පැතුම බොහෝදෙනෙකුගේ අවදානයට යොමුවී තිබුනා.

ශ්‍රීලංකන් දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවය ලෙස පිදුම් ලබයි

ශ්‍රීලංකන් ගුවන් සමාගම කලාපීය ගුවන් සේවා ක්ෂේත්‍රයේ “ප්‍රමුඛතම ජාත්‍යන්තර ගුවන් සේවය” ලෙස 2017 වසරේ දෙවැනි වාර්ෂික දකුණු ආසියානු සංචාරක සම්මාන උළෙලේ දී පසුගියදා පැසසුම් ලැබීය. රටවල් ගණනාවකට අයත් අනෙකුත් ගුවන් සේවා අභිබවා යමින් ශ්‍රීලංකන් ව්‍යාපාරික පංතිය කලාපයේ සමස්ත ගුවන් සේවා මැදිරි පංති අතරින් “විශිෂ්ටතම පංතිය” ලෙස සම්මානයට පාත්‍ර විය.

මෙම සම්මාන උළෙල මාලදිවයිනට අයත් ගැන් දිවයිනේ අද්දු නඟරයේ පිහිටි Equator Village නිවාඩු නිකේතනයේ දී හි 2017 ඔක්තෝබර් මස 28 වැනිදා පවත්වනු ලැබීය. සමස්ත සංචාරක ක්ෂේත්‍රයම ආවරණය කරමින් එනම් සම්පූර්ණ සේවා සහිත ගුවන් සේවා, පිරිමැසුම් ගුවන් සේවා,හෝටල්,විවිධ ආකාරයේ නිකේතන ,සම්මන්ත්‍රණ පහසුකම්,සංචාරක ඒජන්සි,සංචාර මෙහෙයවන්නන්,ත්‍රාසජනක සංචාරක ක්ෂේත්‍රය, ගුවන් තොටුපළවල් , සුවතා මධ්‍යස්ථාන ,සංචාර තාක්ෂණ සපයන්නන්, ප්‍රවාහන සපයන්නන් සහ ක්ෂේත්‍රයේ CSR ක්‍රියාකාරකම් යනාදිය සඳහා කාණ්ඩ 50 යටතේ මෙහිදී සම්මාන ප්‍රදානය කරනු ලැබීය.

බිරිඳ තරබාරු නම් සැමියාට දියවැඩියාව! අලුත්ම සමීක්‍ෂණයකින් හෙළි වේ

බිරිඳ තරබාරු නම් ඇයගේ සැමියා දියවැඩියා රෝගයට ගොදුරු වීමේ අවදානම වැඩි බව නවතම වෛද්‍ය සමීක්‍ෂණ, අනුව අනාවරණය වී ඇතැයි ශ්‍රී ලංකා දියවැඩියා පදනමේ සභාපති අන්තරාසර්ග රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් කටුලන්ද මහතා පැවසීය.

මැද පෙරදිග ගුවන්තොටේ - ශ්‍රී ලංකාවට ගුවන්යානයක්‌ එනතුරු සිටි කත කන්න නැතිව මරුට


මැද පෙරදිග ගෘහ සේවිකාවක්‌ වශයෙන් රැකියාවක්‌ කළ 30 හැවිරිදි දෙදරු මවකට එහි නිවැසියන් විසින් පහරදී කෲර ලෙස සැලකීමක්‌ හේතුවෙන් ශ්‍රී ලංකාව බලා යැමට ඇයගේ ඥතීන් විසින් එවනු ලැබූ ගුවන් ටිකට්‌ පතේ දිනය වෙනස්‌කර එරට ගෘහමූලිකයන් විසින් ඇයට භාරදීම නිසා ශ්‍රී ලංකාව බලා යන ගුවන් යානයක්‌ පැමිණෙන තුරු ගුවන් තොටුපලේ දින ගණනාවක්‌ රැඳීසිට අවසානයේ ඇය නිරාහාරව මියයැමේ දුක්‌මුසු පුවතක්‌ පිළිබඳව මීගමුව දිස්‌ත්‍රික්‌ මහරෝහලේ හදිසි මරණ පරීක්‍ෂක වෛද්‍ය කීර්ති සිරිජයන්ත වික්‍රමසිංහ මහතා හමුවේ පැවැති මරණ පරීක්‍ෂණයකදී අනාවරණ විය.

අනුරපුරේ ගණිකා නිවාස පහක්‌ වටලයි; කාන්තාවෝ 10 දෙනෙක්‌ අත්අඩංගුවට

ආයුර්වේද සම්භාහන මධ්‍යස්‌ථාන පවත්වාගෙන යන මුවාවෙන් අනුරාධපුර නගර සීමාවේ හා ඒ අවට පවත්වාගෙන ගිය කතුන් මුදලට අලෙවි කිරීමේ ස්‌ථාන පහක්‌, පස්‌වැනි වතාවටත් වටලා නගර සෝභන වෘත්තියේ නියෑළුණු තරුණ කතුන් දස දෙනකු අනුරාධපුර මූලස්‌ථාන පොලිසිය මඟින් 6 දා සවස අත්අඩංගුවට ගෙන ඇත.

අනුරාධපුර ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක්‌ මත වැටලීම කර ඇත. මෙහෙයුමේදී වයස අවුරුදු 25 ජ් 40 අතරේ පසුවන කාන්තාවන් පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.

රිද්මය හොඳ නම් අසේල ටෙස්‌ට්‌ සංචිතයට - අද ඉන්දියාවට

ආබාධය සුවවී සිටින අසේල ගුණරත්න පුහුණු තරගවලදී තරග කිරීමට සුදුසු වාතාවරණයක පසු වුවහොත් 16 වැනි ක්‍රීඩකයා වශයෙන් ඔහුව ශ්‍රී ලංකා කණ්‌ඩායමට එක්‌ කිරීමට ක්‍රිකට්‌ තේරීම් කමිටුව බලාපොරොත්තු වේ. කුසල් මෙන්ඩිස්‌ව ටෙස්‌ට්‌ සංචිතයෙන් ඉවත් කර ඇති අතර ඔහු අවසන් වරට ඉන්දියාව සමග පැවැති ටෙස්‌ට්‌ තරගාවලියේදී ශතකයක්‌ ලබා ගත් ක්‍රීඩකයෙකි.

ඉන්දියාව සමග මේ වසරේදී දෙවැනි වරටත් තරග තුනකින් සමන්විත ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගාවලියකට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා කණ්‌ඩායම අද (08 දා) ඉන්දියාව බලා පිටත්ව යැමට නියමිතය. මෙම තරගාවලියට 15 දෙනකු නම් කර තිබුණද 16 වැනි ක්‍රීඩකයා වශයෙන් තරගාවලිය අතරමගදී අසේල ගුණරත්නව නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ සූදානමින් පසුවේ.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉන්දීය මෙගා නාට්‍යය බද්ද තවත් ඉහලට

පිටරටින් ආනයනය කර මෙරටදී හඬකවා ප්‍රදර්ශනය කරන ටෙලිනාට්‍ය පිලිබදව වසර ගණනක් මුළුල්ලේ විවිධ පිරිස් විවිධ අදහස් දක්වමින් පවති.විශේෂයෙන්ම ඉන්දීය මෙගා නාට්‍යය තුලින් මෙරට සම්ප්‍රදායට පටහැනි බවට බොහෝදෙනෙක් හඩ නැගුහ.


එක්තරා කාලයකදී මෙම නාට්‍යය මෙරට ප්‍රදර්ශනය තහනම් කල යුතුය යන මතය සමාජයේ බොහෝ සෙයින් කතා බහට ලක්වූ අතර එය හුදෙක් සමාජයේ කතා බහකට පමණක් සිමා විය.එලෙස හද නැගුවන් අතර ශ්‍රී ලාංකීය කලාකරුවන් පෙරමුණේ සිටියේය.

රත්මලාන ශ්‍රි විද්‍යාරාම විහාරස්ථානයේ කඨින මහා පිංකම කතෝලකයකුගෙ අතින්

රත්මලාන, රජමාවත, ශ්‍රි විද්‍යාරාම විහාරස්ථානයේ කඨින මහා පිංකම සල්පිටි කෝරලයේ ප්‍රධාන සංඝ නායක, කරගම්පිටිය ශාස්ත්‍රානන්ද පිරිවෙනේ පරිවේණාධීපති, ශ්‍රි විද්‍යාරාම විහාරස්ථානයේ විහාරාධිපති කඳුරුපේ ගුණාලංකාර නායක ස්වාමින් වහන්සේගේ අනුශාසනාවෙන් තුරුණු හස්ති පදනමේ සභාපති ජෙහාන් ප්‍රනාන්දු මහතාගේ සහ එම පදනමේ නිලධාරින් ඇතුළු සාමාජිකයින්ගේ ප්‍රධාන දායකත්වයෙන් පසුගියදා ඉතා ගෞරවණිය අයුරින් පැවැත්විය.

සයිටම් විසැඳුම් වහාම ක්‍රියාත්මක කර සිසුන්ට සාධාරණය ඉටු කරන්න

සයිටම් ආයතනය සම්බන්ධයෙන් රජය ප්‍රකාශයට පත් කළ විසඳුම් මාලාව වහා ක්‍රියාත්මක කර සිසුන්ට සාධාරණය ඉටු කරන්නැයි සයිටම් ආයතනයේ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කරයි.

පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය රට තුළ අඛණ්ඩව පවත්වාගෙන යාමට ඉඩ ප්‍රස්ථාව ලබා දීමෙන් සයිටම් සම්බන්ධයෙන් රජය ඉදිරිපත් කළ මෙම විසඳුම් මාලාවට බොහෝ දෙනාගේ ධනාත්මක ප්‍රතිචාරය ලැබී ඇති මෙම අවස්ථාව ඒ සඳහා හොඳම අවස්ථාව වන බවද එම කමිටුව ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් පෙන්වා දී ඇත.

තුත්තිරිත් ඔබේ ආලින්දයට

සුපර් සික්ස් අධ්‍යක‍ෂණයෙන් සිනමාවට පිවිස පැණි මකුඵවෝ හා සාම චිත්‍රපට නිෂ්පාදනය කල යූ. ඒ. පල්ලියගුරුගේ ප්‍රථම මෙගා ටෙලි නාට්‍ය නිෂ්පාදනය තුත්තිරි නමින් නිෂ්පාදනය කොට ඇත. යූ. ඒ. පල්ලියගුරුගේ සංකල්පයකට අනුව නිර්මාණය කල ටෙලි නිර්මාණය මගින් ලංකාවේ පළමු වරට Sifi Comedy වර්ගයේ ටෙලි නිර්මණයක් ටෙලි ප්‍රේක‍ෂකයන් හට අත්දැකීමට ලබා දීම ඔවුන්ගේ අරමුණයි.

දිනෙන් දින ටෙලි නාට්‍ය කළාවට තර්ජනයක් වෙමින් හඩ කවමින් විකාශය වන හරසුන් විදේශීය නිෂ්පාදන හමුවේ කිසිඳු කොපියකින් තොරව නිර්මාණය කොට ඇති මෙම ටෙලි නාට්‍යයට පදනම වී ඇත්තේ ජනවහරේ එන තුත්තිරි ගස් යට මිනිස්සු ජිවත්වෙන කාලයක් එනවා කියන කථාවයි.

‘කූඹියෝ’ IMDB ජාත්‍යන්තරයේ මුල් තැනට

ස්වාධීන රූපවාහිනී සේවයෙන් මේ දිනවල විකාශය වන ‘කූඹියෝ’ ටෙලිනාට්‍යය අයි. එම්. ඩී. බී. ජාත්‍යන්තර දර්ශකයේ ‘Crime Series’ අංශයේ පළමු ස්ථානය ලබා තිබේ. මෙය ශ්‍රී ලංකාවේ නිපැයුණු ටෙලිනාට්‍යයක් ජාත්‍යන්තර දර්ශකයක පළමු තැනට පත් මුල්ම අවස්ථාව වෙයි. 

මේ ලෝකේ මිනිස්සු හරි නරකයි මගේ රත්තරං මැණික,ඔය රත්තරන් හදවතට කාටවත් හිරිහැර කරන්න දෙන්නේ නැහැ - කාවින්ද්‍යා


අතුල-සමිතා ගැන වගේම ඔවුන්ගේ වැඩිමහල් දියණිය වූ කාවින්ද්‍යා ගැන පසුගිය කාලේ සමාජ මාධ්‍යවල විවිධාකාරයෙන් කටකතා පැතිරුණා. නමුත් මේ කියන්න යන්නේ ඒ වගේ කටකතාවක් ගැන නම් නෙමෙයි. කාවින්ද්‍යා සිය මල්ලීට එක්කළ අපූරු උපන්දින සුබ පැතුමක් ගැනයි.

සංවේදී සුබ පැතුමක් එක්කරලා තිබුනේ මේ විදිහට…

ඉතාලිය යද්දී අනතුරට පත් යාත්‍රාවේ ලාංකිකයිනුත්

මධ්‍යධරණී මුහුද හරහා ඉතාලිය බලා යාත්‍රා කරමින් තිබියදී අනතුරට පත් මගී ප්‍රවාහන යාත්‍රාවේ ශ්‍රී ලාංකිකයින් පිරිසක් සිටින බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එහි ගමන් ගත් පුද්ගලයින් 700ක් පමණ බේරාගෙන ඇති අතර අනතුරින් පුද්ගලයින් 23 දෙනෙකු මියගොස් ඇති බව ද සදහන්.

විදෙස් වාර්තා පවැසුවේ ඔවුන්ගේ මළ සිරුරු මේ වන විට සොයාගෙන ඇති බවයි.

මේ අතර බේරාගත් පිරිස අතර ශ්‍රී ලාංකිකයින් ද සිටින බව විදෙස් වාර්තා සඳහන් කළේය.