BREAKING NEWS
latest

728x90

468x60

Wagon- R ලක්‍ෂ 5කින් අඩුවෙයි - Axio-Aqua-Vezal ලක්‍ෂ 7.5කින්, Allion ලක්‍ෂ 09කින්, Premio-Xtrail ලක්‍ෂ 10කින් ඉහලට - අලුත්ම මිල ගණන් ලිස්ට් එක මෙන්න..

2018 වසර සදහා යෝජිත අයවැයෙන් මෙරට ජනප‍්‍රිය ජපාන හා යුරෝපා වාහන කිහිපයක මිල ගණන් තවත් ඉහල යනු ඇති බව PWC ජාත්‍යන්තර විගණන ආයතනය සදහන් කරයි.

ඒ එනුව ටොයොටා Allion රථයක් රුපියල් 895,000කින්, ටොයොටා Premio, Prius හා නිසාන් Xtrail මිට්ෂුබිෂි Outlander වර්ගයේ රථයක් රුපියල් 995,000කින්ද ආනයනික බදු ඉහල යනු ඇති බව ඔවුන් පෙන්වා දෙති.

ටොයොටා Axio, Aqua, හොන්ඩා Vezal, Grace රථයක් රුපියල් 745,000කින්ද වැඩි වනු ඇතැයිද සදහන්ය.

ටොයොටා Prado රථයක් රුපියල් 8,400,000කින්ද ටොයොටා Land Cruserරථයක් රුපියල් 12,500,000කින්ද මිට්ෂුබිෂි montero රථයක් රුපියල් 12,800,000ද මිල ඉහල යනු ඇතැයිද PWC පුරෝකතනය කරති.

එමෙන්ම මෙවර අයවැය මගින් 1000ccට අඩු මෝටර් රථවල මිල ගණන්වල සැලකිය යුතු වෙනසක් සිදු නොවෙයි.


« PREV
NEXT »

Facebook Comments APPID