BREAKING NEWS
latest

728x90

468x60

මැද පෙරදිග ගුවන්තොටේ - ශ්‍රී ලංකාවට ගුවන්යානයක්‌ එනතුරු සිටි කත කන්න නැතිව මරුට


මැද පෙරදිග ගෘහ සේවිකාවක්‌ වශයෙන් රැකියාවක්‌ කළ 30 හැවිරිදි දෙදරු මවකට එහි නිවැසියන් විසින් පහරදී කෲර ලෙස සැලකීමක්‌ හේතුවෙන් ශ්‍රී ලංකාව බලා යැමට ඇයගේ ඥතීන් විසින් එවනු ලැබූ ගුවන් ටිකට්‌ පතේ දිනය වෙනස්‌කර එරට ගෘහමූලිකයන් විසින් ඇයට භාරදීම නිසා ශ්‍රී ලංකාව බලා යන ගුවන් යානයක්‌ පැමිණෙන තුරු ගුවන් තොටුපලේ දින ගණනාවක්‌ රැඳීසිට අවසානයේ ඇය නිරාහාරව මියයැමේ දුක්‌මුසු පුවතක්‌ පිළිබඳව මීගමුව දිස්‌ත්‍රික්‌ මහරෝහලේ හදිසි මරණ පරීක්‍ෂක වෛද්‍ය කීර්ති සිරිජයන්ත වික්‍රමසිංහ මහතා හමුවේ පැවැති මරණ පරීක්‍ෂණයකදී අනාවරණ විය.

එම සිද්ධියෙන් මරණයට පත්ව ඇත්තේ පස්‌සර අරලියාගම පදිංචිව සිටි වඩුතන්ත්‍රීගේ දිළුම් ප්‍රියංගා නමැති 30 හැවිරිදි දෙදරු මවය. ඇගේ මරණ පරීක්‍ෂණය හදිසි මරණ පරීක්‍ෂක සිරි ජයන්ත වික්‍රමරත්න මහතා හමුවේ පැවැති අවස්‌ථාවේ සාක්‍ෂි දුන් ඒ ෂෙල්ටන්ද අල්විස්‌ (61) මහතා මට දරුවන් අට දෙනකු ඉන්නවා. මෙම සිද්ධියේදී මරණයට පත්වූ දිළුම් ප්‍රියංගිකා මගේ දෙවැනි දුවයි. ඇය විවාහ වී සිටිනවා. නමුත් ඇගේ දරු දෙදෙනා කොහේ සිටී දැයි සොයාගන්න බැහැ.

ඇය 2016 ජුලි මස 2 වැනිදා ගෘහ සේවිකාවක්‌ ලෙස ඩුබායි රටට සේවයට ගියා. ඇය කලක්‌ තමා සේවය කරන ස්‌ථානය හොඳ තැනක්‌ යෑයි පැවසුවා. පසුව ඇයට සිදුවන හිංසා පිළිබඳව ඇය ඥතීන්ට පැවසුවා. ඒ අනුව ඇයට ආපසු පැමිණීමේ ගුවන් ටිකට්‌ පතක්‌ ඇගේ ඥතීන් විසින් යවා තිබුණා.

පසුව ඇය ගුවන් ටිකට්‌ පත රැගෙන ගුවන්තොටුපළට ගියත් ශ්‍රී ලංකාව බලා ගුවන් ගත වන යානයක්‌ අද හෙට පිටත්වීමට නොමැති බව කිව්වා. ඇය ගුවන් තොටුපළේ දින ගණනාවක්‌ රැඳී සිටියත් ශ්‍රී ලංකාව බලා පියාසර කරන ගුවන් යානයක්‌ පැමිණ නැහැ. ඇය දින ගණනාවක්‌ ගුවන් තොටුපළේ නිරාහාරව සිටි නිසා මියයන්න ඇතැයි මා සිතනවා යෑයි පැවසීය. මෙහිදී එරට පශු වෛද්‍යවරයා සහ මීගමුව දිස්‌ත්‍රික්‌ මහරෝහල් ප්‍රධාන අධිකරණ වෛද්‍ය විශේෂඥ එම්. එස්‌. රුහුල් හක්‌ මහතා විසින් ලබා දුන් වෛද්‍ය නිගමනයන් අනුව එම මරණයට හේතුව නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවට මීගමුව හදිසි මරණ පරීක්‍ෂක වෛද්‍ය සිරි කීර්ති ජයන්ත වික්‍රමරත්න මහතා විසින් නිගමනය කරන ලදි.
 
« PREV
NEXT »

Facebook Comments APPID