BREAKING NEWS
latest

728x90

468x60

රිද්මය හොඳ නම් අසේල ටෙස්‌ට්‌ සංචිතයට - අද ඉන්දියාවට

ආබාධය සුවවී සිටින අසේල ගුණරත්න පුහුණු තරගවලදී තරග කිරීමට සුදුසු වාතාවරණයක පසු වුවහොත් 16 වැනි ක්‍රීඩකයා වශයෙන් ඔහුව ශ්‍රී ලංකා කණ්‌ඩායමට එක්‌ කිරීමට ක්‍රිකට්‌ තේරීම් කමිටුව බලාපොරොත්තු වේ. කුසල් මෙන්ඩිස්‌ව ටෙස්‌ට්‌ සංචිතයෙන් ඉවත් කර ඇති අතර ඔහු අවසන් වරට ඉන්දියාව සමග පැවැති ටෙස්‌ට්‌ තරගාවලියේදී ශතකයක්‌ ලබා ගත් ක්‍රීඩකයෙකි.

ඉන්දියාව සමග මේ වසරේදී දෙවැනි වරටත් තරග තුනකින් සමන්විත ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගාවලියකට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා කණ්‌ඩායම අද (08 දා) ඉන්දියාව බලා පිටත්ව යැමට නියමිතය. මෙම තරගාවලියට 15 දෙනකු නම් කර තිබුණද 16 වැනි ක්‍රීඩකයා වශයෙන් තරගාවලිය අතරමගදී අසේල ගුණරත්නව නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ සූදානමින් පසුවේ.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පළමු ටෙස්‌ට්‌ තරගය ලබන 16 වැනිදා කොල්කටා ඊඩ්න් ගාර්ඩ්න් හිදීත් දෙවැන්න 24 වැනිදා නාගපූර් හිදී සහ තෙවැන්න දෙසැම්බර් 2 වැනිදා ධර්මශාලාහිදී පැවැත්වේ. අදාළ ටෙස්‌ට්‌ තරගාවලියෙන් අනතුරුව එක්‌දින තරග තුනකට සහ විස්‌සයි විස්‌ස තරග තුනකටද ශ්‍රී ලංකා පිල සහභාගි වීමට නියමිතය. ටෙස්‌ට්‌ තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්‌ඩායම තෙදින පුහුණු තරගයකටද සහභාගි වේ.

ආබාධය සුවවී සිටින අසේල ගුණරත්න පුහුණු තරගවලදී තරග කිරීමට සුදුසු වාතාවරණයක පසු වුවහොත් 16 වැනි ක්‍රීඩකයා වශයෙන් ඔහුව ශ්‍රී ලංකා කණ්‌ඩායමට එක්‌ කිරීමට ක්‍රිකට්‌ තේරීම් කමිටුව බලාපොරොත්තු වේ. කුසල් මෙන්ඩිස්‌ව ටෙස්‌ට්‌ සංචිතයෙන් ඉවත් කර ඇති අතර ඔහු අවසන් වරට ඉන්දියාව සමග පැවැති ටෙස්‌ට්‌ තරගාවලියේදී ශතකයක්‌ ලබා ගත් ක්‍රීඩකයෙකි. කෙසේ වෙතත් පාකිස්‌තානය සමග පැවැති ටෙස්‌ට්‌ තරග ද්විත්වයකදී මෙන්ඩිස්‌ පිතිකරුවකු ලෙස අසාර්ථක වීම සහ එක්‌දින තරගවලදීත් අසාර්ථකත්වයට පත්වීම හේතුවෙන් කණ්‌ඩායමේ ස්‌ථානය අහිමිව තිබේ. ඔහු වැටී සිටින තත්ත්වයෙන් ගොඩ ගැනීම සඳහා කණ්‌ඩායමෙන් ඉවත් කළ බව තේරීම් කමිටුව පවසයි.

අසේල ගුණරත්න සති දෙකක සිට පිතිකරණ පුහුණුවීම්වල නිරත වන අතර ඔහුගේ ආබාධයට ලක්‌වූ ඇඟිල්ලේ සියුම් වේදනාවද මේ වන විට පහව යමින් තිබේ. කෙසේ වෙතත් මාස කිහිපයක්‌ තරග නොකිරීම හේතුවෙන් ඔහුගේ තත්ත්වය පරීක්‍ෂා කිරීමට පුහුණු තරග කිහිපයක්‌ ගුණරත්නට ලබා දෙන බව තේරීම් කමිටුව පවසා සිටියේය.

ශ්‍රී ලංකා ටෙස්‌ට්‌ සංචිතය.

දිනේෂ් චන්දිමාල් (නායක), දිමුත් කරුණාරත්න, ධනංජය ද සිල්වා, සධීර සමරවික්‍රම, ඇන්ජලෝ මැතිව්ස්‌, ළහිරු තිරිමාන්න, රංගන හේරත්, සුරංග ලක්‌මාල්, ඩිල්රුවන් පෙරේරා, ළහිරු ගමගේ, ලක්‍ෂාන් සඳකැන්, විශ්ව ප්‍රනාන්දු, දසුන් ශානක, නිරෝෂන් දික්‌වැල්ල සහ රොෂේන් සිල්වා
« PREV
NEXT »

Facebook Comments APPID