BREAKING NEWS
latest

728x90

468x60

ශ්‍රි ලාංකේය ජායාරූප ක්ෂේත්‍රයට වින කරන Image Today ඉන්දියානු වෙළද ප්‍රදර්ශණයට දේශීය ජායාරූප ශීල්පීන්ගේ විරෝධය


දැනට වසර ගණනාවක සිට සෑම වසරකම නොවැම්බර් මාසයේ පවත්වනු ලැබූ ශ්‍රි ලාංකේය ජායාරූප ක්ෂේත්‍රයට වින කරන Image Today ඉන්දියානු වෙළද ප්‍රදර්ශණය මෙවරද නොවැම්බර් මාසයේ BMICH හිදී පැවැත්වේ.

මෙම වෙළෙඳ ප්‍රදර්ශනයට මින් පෙර වාර ගණනකදී ජායාරූප ක්ෂෙත්‍රයේ ප්‍රමුඛ පෙලේ ලාංකේය සමාගම් විශාල සංඛ්‍යාවක් සහභාගි විණි .නමුත් ⁣මෙවර ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙලේ සමාගම් රාශියක් සහභාගී නොවීමට එකග වූහ. මෙම ප්‍රදර්ශනය Buy Sell නැමැති ඉන්දියානු වෙළෙඳ ප්‍රදර්ශන සංවිධායකයින් විසින් කරනු ලබයි. විදේශීය රටක තාක්ෂණය, යන්ත්‍ර උපකරණ මෙන්ම ඔවුන්ගේ ව්‍යාපාරික දැනුම අපේ ඡායාරූප ක්ෂෙත්‍රයට දායක කර ගැනීමට හා දායකත්වය ලබා දීම මෙවැනි ප්‍රදර්ශනවල මූලික අරමුණයි. එසේම මෙවැනි ජාත්‍යන්තර ප්‍රදර්ශනය වල සදාචාරය ද එය යි.

නමුත් මෙම වෙළෙඳ ප්‍රදර්ශන හරහා පසුගිය වසර ගණනාවක සිට සිදුවූයේ ඔවුන්ගේ සේවාවන් අපේ රට තුළ මුල් බැස ගැනීමයි. මූලිකව ම ඡායාරූප මුද්‍රණ (wedding photo albums )අපේ රටෙන් ඉන්දියාව ට ගෙන ගොස් එවා මුද්‍රණය කර සැපයීම සිදු කරයි .ඊට අමතර ව අද වන විට කොළඹ හා තදාසන්න ප්‍රදේශ වල ඉන්දියානු ඡායාරූප ශිල්පීන් අද අපේ රටේ මංගල අවස්ථා අඩු මිලට ඡායාරූප ගත කිරීම ආරම්භ කර ඇත.මෙය ඉදිරියේදී මනාලියන් හැඩ ගැන්වීම, මංගල ඇඳුම් නිර්මාණය ආදි ලෙස ඡායාරූප ක්ෂේත්‍රයට සෘජුවම හා වක්‍රව සම්බන්ධ ක්ෂේත්‍ර ගණනාවකට විහිදී යන බව එම ප්‍රදර්ශනය ගැන පසු විපරම් කිරීමේදී හොඳින් තේරුම් ගත හැක .

ඉන්දියාවේ ප්‍රාන්තයකටත් වඩා කුඩා අපේ රටේ ඡායාරූප ක්ෂේත්‍රයේ රැඳී සිටින වාණිජ ව්‍යාපාර ආයතන සියල්ල ම පාහේ අද වන විට මෙම සේවාවන් ඉන්දියාවෙන් සැපයීම නිසා පාඩු විඳීමට සිදුවී ඇත. එම ආයතනවල රැකියා ආයතන වල රැකියා කරන ශ්‍රමිකයන් හට ද මෙම සාධකය සෘජුවම බලපා ඇත .

මෙහි ඇති භයානකම තත්ත්වය අප දුටුවේ පසුගිය වසරේ සිටයි. එනම් ඉන්දියානු වෘත්තීය ඡායාරූප ශිල්පීන් අප රටට පැමිණ මංගල අවස්ථා ඡායාරූපගත කිරීමේ දී ය. මෙය තවදුරටත් දුරටත් වර්ධනය වුවහොත් ස්වයං රැකියාවක් වශයෙන් ඡායාරූප ශිල්පයේ යෙදී සිටින හා හෙට දින ඡායාරූප ක්ෂේත්‍රයට එකතු වන ආධුනික ශිල්පීන්ට ද ජීවනෝපාය මාර්ග වැසී යනු ඇත. එබැවින් අප රටේ ජායාරූප ක්ෂේත්‍රයට විනකරන Image Today ප්‍රදර්ශනයට එරෙහි වීමට අප හට සදාචාරාත්මක අයිතියක් ඇත. මෙවර නොවැම්බර් මස B.M.I.C.H හිදි පැවැත්වෙන මෙම ප්‍රදර්ශනයට, මෙරට ප්‍රමුඛ පෙළේ ආයතන ගණනාවක් සහභාගි නොවීමට තීරණය කිරීම සතුටට කරුණකි. එබැවින් තමන් ට පෞද්ගලික ව සිදුවන වාසි අවාසි ගැන නො සලකා තවත් අයෙකු කරන දේ බලා නොසිට අපේ රටේ ජායාරූප ක්ෂෙත්‍රයට, ශිල්පීන්ට. සැබැවින් ම ආදරය කරන්නෙකු නම් තමන්ගේ යුතුකම ඉටු කරමු. Image Today වර්ජනය කරමු. ඉන්දියාවට අපේ ඡායාරූප ක්ෂේත්‍රය ගිල ගැනීමට ඉඩ නොදෙමු.

මෙම ව්‍යසනයෙන් ක්ෂේත්‍රය මුදවා ගැනීමට Fuji- Heyleys, Kodak-Millers, Digimax- Digital Imaging, Ninehearts, CameraLK, Photo Technica, SeyaColour Lakdam, Lakseya, Visart, Jam Photo ආයතන පෙළගැසීම පිළිබ‍ඳ අප සතුටු වන්නෙමු.



« PREV
NEXT »

Facebook Comments APPID