BREAKING NEWS
latest

728x90

468x60

අනුරපුරේ ගණිකා නිවාස පහක්‌ වටලයි; කාන්තාවෝ 10 දෙනෙක්‌ අත්අඩංගුවට

ආයුර්වේද සම්භාහන මධ්‍යස්‌ථාන පවත්වාගෙන යන මුවාවෙන් අනුරාධපුර නගර සීමාවේ හා ඒ අවට පවත්වාගෙන ගිය කතුන් මුදලට අලෙවි කිරීමේ ස්‌ථාන පහක්‌, පස්‌වැනි වතාවටත් වටලා නගර සෝභන වෘත්තියේ නියෑළුණු තරුණ කතුන් දස දෙනකු අනුරාධපුර මූලස්‌ථාන පොලිසිය මඟින් 6 දා සවස අත්අඩංගුවට ගෙන ඇත.

අනුරාධපුර ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක්‌ මත වැටලීම කර ඇත. මෙහෙයුමේදී වයස අවුරුදු 25 ජ් 40 අතරේ පසුවන කාන්තාවන් පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.

සෝදිසි වරෙන්තු 16 ක්‌ ලබාගෙන එම ස්‌ථාන සියල්ල වැටලීමට උත්සාහ කළත් කිසියම් ආකාරයකින් සම්භාහන මධ්‍යස්‌ථාන හිමියන්ට වැටලීම සිදුකරන බව සැලවීමත් සමඟ ඔවුන් ආයතන වසාදමා පලාගොස්‌ තිබූ බව පොලිසිය පවසයි. අනුරාධපුර නව නගරය, දහයියාගම, පුබුදුපුර, µS්‍රSමන් මාවත යන ප්‍රදේශවල පවත්වගෙන ගිය සම්බාහන මධ්‍යස්‌ථාන තුනක්‌ හා නිවාඩු නිකේතන දෙකක්‌ වටලා සැකකාරියන් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකාරියන් මීට පෙරත් අවස්‌ථා ගණනාවකදීම අවකල් ක්‍රියාවේ නිරත වීමේ චෝදනාවට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කර තිබෙන බව පොලිසිය කියයි. පසුගිය මාස කිහිපයේ අඛණ්‌ඩව සිදුකළ වැටලීම්වලදී ගණිකා වෘත්තියේ නිරත වූ කාන්තාවන් අසූදෙනකු පමණ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙන බව පොලිසිය පවසයි.

වැටලීම සිදු කරද්දී ඇතැම් ආයතනවල හිමිකරුවන් ගේට්‌ටුවලට අගුළු දමා පොලිසිය පැමිණේ දැයි බලමින් හොරගල් අහුලමින් සිටි බවත් ඔවුන්ට ගේට්‌ටු විවෘත කරන ලෙස පැවසූ විට යතුරු නැතිවී ඇතැයි කීම නිසා තාප්ප උඩින් පැන ආයතනවලට ඇතුළු වී බලද්දී තරුණ කාන්තාවන් කාමරවල සඟවා සිටි බවත් පොලිසිය පවසයි. එසේ සඟවාගෙන සිටි කාන්තාවන් සිවුදෙනකු ළමා හා කාන්තා කාර්යාංශයේ ස්‌ථානාධිපතිවරිය සිදුකළ වැටලීමේදී අත්අඩංගුවට පත් වී තිබුණි.

අත්අඩංගුවට ගත් සියලුම සැකකාරියෝ අනුරාධපුර මැදවච්චිය, පුත්තලම, තඹුත්තේගම යන ප්‍රදේශවල පදිංචිකාරියෝ ය. ඔවුන් සියලුම දෙනා ඊයේ (07 දා) අනුරාධපුර මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

අනුරාධපුර කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරි තිලිණ හේවාපතිරණ සහකාර පොලිස්‌ අධිකාරි චූලනී සී. වීරරත්න යන මහත්වරුන්ගේ උපදෙස්‌මත අනුරාධපුර මූලස්‌ථාන පොලිසියේ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‌ෂක සංජීව මහනාම පොලිස්‌ පරීක්‌ෂක එම්. එස්‌. කුමාරසිංහ උප පොලිස්‌ පරීක්‌ෂකවරුන් වන ඩී. බී. අයි. ප්‍රේමරත්න, විමල් රංජිත්, කේ. ඒ. රත්නසිරි උප පොලිස්‌ පරීක්‌ෂිකා යමුනා කාන්ති යන මහත්ම මහත්මීහු වැටලීම සිදුකළහ.


« PREV
NEXT »

Facebook Comments APPID