BREAKING NEWS
latest

728x90

468x60

හෝටලේට එද්දි රෑ 11යි - වෙඩින් එක ඉවර වෙලා ඇඳුම් ටික ලෑස්ති කරගෙන තරගයට ආවා

ඊයේ (24) පැවති තරඟය කඩුලු 3 කින් ඉන්දියාව ජය ගත්තත් තවමත් තරගය පිළිබඳ කතාබහ කරන ක්‍රීඩා ලෝලීන්ගේ වැඩි අවධානයක් යොමු වී තිබෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම අතීශයින් දුර්වල වී කණ්ඩායම පිළිබඳව ගැන ප්‍රේක්ෂක ආකල්පය පවා සෘණාත්මක මොහොතක සුපිරි පන්දු යැවීමක නිරත වූ පිටදඟ පන්දු යවන්නෙකු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට එක්ව සිටින අකිල ධනංජය පිළිබඳවයි.

තම ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රහණයේ බලාපොරොත්තුව මොහොතකට උදුරා ගනිමින් ඉන්දීය පිතිකරුවන් නිරුත්තර කර සුපිරි පන්දු යැවීමක අකිල ධනංජය නිරත වුණා.

රසායන විද්‍යා ප්‍රශ්න ටියුෂන් ගුරාට යෑව්වේ චීනෙන් ගෙන්වූ අධි තාක්‌ෂණික උපකරණයකින්

අමතර පංති ගුරුවරයකුගේ සහාය ලබාගෙන උසස්‌ පෙළ විභාගයේ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලබාදීම සඳහා කොළඹ ප්‍රධාන පෙළේ පාසලක අධ්‍යාපනය ලබමින් සිටි සැකකාර ශිෂ්‍යයා අධි තාක්‌ෂණික උපකරණයක්‌ භාවිත කර ඇති බව අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව හෙළි කරගෙන ඇත.

මෙම අධි තාක්‌ෂණික උපකරණය අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාර ශිෂ්‍යයා තම පියාගේ ක්‍රෙඩිට්‌ කාඩ්පත උපයෝගී කරගෙන අන්තර්ජාලය හරහා අදාළ අධි තාක්‌ෂණ උපකරණය චීනයෙන් ගෙන්වාගෙන ඇති බවද හෙළි වී ඇත. සැකකාර ශිෂ්‍යයා මෙම අධි තාක්‌ෂණික උපකරණය භාවිත කර ඉතාම සුක්‌ෂම ලෙස රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රය ස්‌කෑන් කර එය අමතර පංති ගුරුවරයාගේ ලැප්ටොප් පරිගණකය වෙත අන්තර්ජාලය හරහා යවා ඇත.

පොහොට්ටු කාර්යාලයේ සිට කරන ප්‍රකාශ ගැන හිටපු ජනපති ලැජ්ජා විය යුතුයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් සභාපතිවරයාට පක්ෂය ශක්තිමත් කිරීමට සහය ලබාදීම පසෙක තබා, පොහොට්ටු පක්ෂ කාර්යාලයේ සිට කරමින් සිටින ප්‍රකාශ පිළිබඳ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ලැජ්ජාවට පත්විය යුතු බව හිරියාල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක, වයඹ පළාත් සභා මන්ත්‍රී කමල් ඉන්දික මහතා පැවසීය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ ( 24 දා ) කුරුණෑගල දී පැවැති මාධ්‍ය හමුවකදීය. එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ කමල් ඉන්දික මහතා මෙසේද පැවැසීය.

කිරිගරුඩ බුද්ධ ප්‍රතිමා වහන්සේට ජනපතිගෙන් පුෂ්පෝපහාර

මියන්මාරයේ සිට වැඩමකරවන ලද කිරිගරුඩ සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ වෙත ප්‍රථම පුෂ්පෝපහාරය පැවැත්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද (25) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී සිදු විය.

මියන්මාරයේ වෙසෙන ජයන්ත රාජකරුණා මහතා විසින් පරිත්‍යාග කරන ලද මෙම කිරිගරුඩ සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ අනුරාධපුර ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරස්ථානය කරා වැඩමකරවීමට නියමිතය.

මුහුදු සම්පත් ගවේෂණයට නොර්වේජියානු සහාය

ශ්‍රී ලංකාවට අයත් අනන්‍ය ආර්ථික මුහුදු කලාපයේ ඇති සියළු ම සමූද්‍ර සම්පත් පිළිබඳ ගවේෂණයක් සිදුකර දීමට නොර්වේජියානු සමූද්‍ර පර්යේෂණ ආයතනය එකඟතාවය පළකර ඇත.

ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය හෙවත් නාරා ආයතනය සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව හා එක්ව මෙම ගවේෂණ කටයුතු සිදුකිරීමට නියමිතය.

මීට පෙර එනම් 1979 සහ 1980 යන වසරවලදී නොර්වේජියානු ෆ්‍රිජ් ඔෆ් නැන්සන් නෞකාව මඟින් ශ්‍රී ලංකා අනන්‍ය ආර්ථික කලාපය තුළ මෙවැනි සමූද්‍ර සම්පත් පිළිබඳ ගවේෂණයක් සිදුකර ඇත. ඉදිරි ගවේෂණ කටයුතු සඳහා ලබන වසරේ ජූනි මාසයේදී පමණ එම ෆිජ් ඔෆ් නැන්සන් නෞකාව නැවතත් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

දෙන්නා තුන්දෙනා වෙයි.හෙට තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙන වෙනස්කම

පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේදී ඉන්දියාව සමඟ හෙට පැවැත්වෙන දෙවන එක්දින තරඟයේදී නව සැලැස්මකට අනුව ශ්‍රී ලංකා පිල ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කළමණාකාර අසංක ගුරුසිංහ පවසනවා.

ඔහු කියා සිටියේ පළමු තරඟයේදී ශ්‍රී ලංකා පන්දු යවන්නන් දැක්වූ දුර්වල ක්‍රීඩා විලාශය තරඟයේ පරාජයට එක් හේතුවක් වූ බවයි.

මාරාන්තික උපත් ආබාධ, අතවරයකින් පිළිසිඳ ගැනීම් ගබ්සාවට කැබිනට් අනුමැතිය

ඉපදෙන්නට සිටින දරුවා මාරාන්තික උපත් ආබාධයකින් පෙළෙන්නේ නම් හෝ අතවරයකට ලක්වීමෙන් දරුවකු පිළිසිඳ ගෙන සිටින්නේ නම් මවගේ කැමැත්තට අනුව ගර්භනීභාවය අවසන් කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයට අනුමැතිය ලැබී ඇති බව ශ්‍රී ලංකා පරාජන්ම විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න මහතා පවසයි.

එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර පනතක් බවට පත් කළ යුතු අතර, එම වැඩපිළිවෙළ ඉදිරි කාලය තුළ දී සිදු කෙරෙන බවත් මේ කැබිනට් සංදේශයට අනුමැතිය ලැබුණ ද එය අවභාවිතයේ යෙදීමට කිසිදු අවස්ථාවක අනුමැතියක් ලබා නොදෙන බවත් ඒ මහතා අවධාරණය කළේය.

සැප වාහන හිඟ බදු කෝටි 35 ක්‌ ගෙවන්න මාස 3 ක්‌ කල්දෙයි

සුඛෝපභෝගී වාහන කාණ්‌ඩයන්ට අයත් වාහනවලින් රුපියල් කෝටි 35 ක බදු මුදලක්‌ අයවිය යුතු බැවින් එම හිඟ මුදල් ගෙවීමට මාස 3 ක සහන කාලයක්‌ ලබාදීමට රජය තීරණය කර ඇත. 

සුඛෝපභෝගී, අර්ධ සුඛෝපභෝගී හා අර්ධ සුඛෝපභෝගී ද්විත්ව කාර්ය වාහනවලින් මෙම හිඟ බදු මුදල් අයවිය යුතු වෙයි.

සිලින්ඩර් ධාරිතාව 2500 ඉක්‌මවන ඩීසල් මෝටර් කාර් හා සිලින්ඩර් ධාරිතාව 2000 ඉක්‌මවන පෙට්‍රල් මෝටර් කාර් සුඛෝපභෝගී වාහන ලෙසත් සිලින්ඩර් ධාරිතාව 2201 සිට 2500 දක්‌වා වන ඩීසල් මෝටර් කාර්, සිලින්ඩර් ධාරිතාව 2200 ඉක්‌මවන ඩීසල් ජීප් රථ, සිලින්ඩර් ධාරිතාව 1801 සිට 2010 දක්‌වා වන පෙට්‍රල් කාර් හා සිලින්ඩර් ධාරිතාව 1800 ඉක්‌මවන පෙට්‍රල් ජීප් රථ අර්ධ සුඛෝපභෝගී වාහන සහ සිලින්ඩර් ධාරිතාව 2200 ඉක්‌මවන ඩීසල් කැබ් රථ හා සිලින්ඩර් ධාරිතාව 1800 ඉක්‌මවන පෙට්‍රල් කැබ් රථ අර්ධ සුඛෝපභෝගී ද්විත්ව කාර්ය වාහන ලෙසත් වර්ග කර ඇත.

2017 ඡන්ද හිමි ලේඛනය දැන් වෙබ් අඩවියේ - ඔබ නැත්තම්

2017 ඡන්ද හිමි නාමලේඛනයේ කෙටුම්පත සකස්කර අවසන් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. මෙම කෙටුම්පත මැතිවරණ කොමිෂන් සභාවේ www.slelections.gov.lk/ වෙබ් අඩවියේ ප්‍රදර්ශනය කෙරේ.

ක්‍රිකට් ක්‍රිඩා ලෝලීන් පිරිසක් රංගිරි දඹුල්ලේදී හූ කියයි


ඉන්දීය කණ්ඩාම හමුවේ ශ්‍රී ලංකා පිල ලද දරුණු පරාජයත් සමග තරගය නැරඹීමට පැමිණ සිටි ක්‍රිකට් ක්‍රිඩා ලෝලීන් පිරිසක් රංගිරි දඹුල්ල ක්‍රිඩාංගනය ඉදිරිපිට විරෝධතා පැවැත්වූහ.

ගර්භාෂයේ දරුවෙක්‌ දරා ගෙන සිටි පමණින් ඇය අම්මා යෑයි හඳුන්වන්නට හැකි ද?

එදා අම්මලා සතු වූ වගකීම්
අද අම්මලාට තිබෙනවාද?

ගර්භාෂයේ දරුවෙක්‌ දරා ගෙන සිටි පමණින් ඇය අම්මා යෑයි හඳුන්වන්නට හැකි දැයි යන ප්‍රශ්නයට පිළිතුරු ලෙසින් දරුවෙක්‌ ගර්භාෂයේ දරා නොගත්ත ද තමන්ගේ ලෙයින් නූපන් දරුවන්ට සැබෑම "අම්මාවරුන්" වන අම්මාවරු පෙන්වා දීමේ හැකියාව තිබේ. සැබැවින්ම දරුවෙක්‌ කුසේ දරා නොගත්තද ඇයට මවක වීමේ අයිතියක්‌ තිබිය යුතුය.

අදින් දශක කිහිපයකට එහා ග්‍රාමීය මවුවරු දරුවන් දහ දොළොස්‌ දෙනෙක්‌ටත් වැඩිs දරුවන් පහළොවක්‌ වැනි සංඛ්‍යාවක්‌ ප්‍රසූත කළ අවස්‌ථා තිබේ. එවැනි වූ අම්මලා අදටත් නිරෝගීව සිටිනු දක්‌නට ලැබීම සතුටකි. 

පාලාඩිකුලමෙන් අතුරුදන්වූ පාසල් සිසුවිය කළුතර පෙම්වතාගේ නිවසින් හමුවේ

පෞද්ගලික උපකාරක පන්තියකට යන අතරතුරදී ඉකුත් 02 වැනිදා අතුරුදන්වූ අනුරාධපුර පාලාඩිකුලම ප්‍රදේශයේ පදිංචි පහළොස්‌ හැවිරිදි බාලවයස්‌කාර පාසල් ශිෂ්‍යාව අනුරාධපුර පොලිස්‌ ස්‌ථානයේ ළමා සහ කාන්තා කාර්යාංශයේ නිලධාරීන් විසින් දකුණු කළුතර හම්බෙගෙදර ප්‍රදේශයේ පදිංචි විසි හය හැවිරිදි පෙම්වතාගේ නිවසේ සිටියදී සොයාගෙන ඇත. 

සිසුවිය අතුරුදන්වීම සම්බන්ධයෙන් ඇගේ මව විසින් අනුරාධපුර පොලිසියට කළ පැමිණිල්ලක්‌ මත පොලිසිය අධිකරණ නියෝග මත දුරකථන සමාගමකින් ලබාගත් දුරකථන විශ්ලේෂණ වාර්තාවක්‌ මත සිදුකළ විමර්ශනවලට අනුව අනාවරණය කර ගත් තොරතුරු ඔස්‌සේ මෙසේ සිසුවිය සොයාගෙන ඇත.

උසස් පෙළ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 3ක් කලින් දීපු ගම්පහ ටියුෂන් ගුරා මෙන්න

පසුගියදා (19) පෙරවරුවේ පැවති අ.පො.ස උසස් පෙළ රසායන විද්‍යා දෙවන ප්‍රශ්න පත්‍රය අවසන් වීමෙන් අනතුරුව ගම්පහ රත්නාවලි බාලිකා විද්‍යාලය අසල බෙදා හැරුණු අත් පත්‍රිකාවක් හේතුවෙන් විශාල අර්බුදයක් මතුව තිබෙනවා.

විභාගය අවසන් වීමෙන් අනතුරව පාසලෙන් එලියට පැමිණි සිසුන්ට දැක ගත හැකි වුයේ ප්‍රදේශයේ උපකාරක පන්ති පවත්වන ගුරුවරයෙකු විසින් සකසා බෙදා දුන් එම අත් පත්‍රිකාවේ තමන් මීට සුළු මොහොතකට පෙර මුහුණදුන් ප්‍රශ්න පත්‍රයේ 7,9, සහ 10 යන ප්‍රශ්න සියලුම රූප සටහන් සහිතව එම අත් පත්‍රිකාවේ සටහන් කර ඇති බවයි. තවද එම පත්‍රිකාවේ සදහන් කොට ඇත්තේ තමන්ගේ පන්තියේ අවසන් සම්මන්ත්‍රණයට සහභාගී වුයේ නම් එම ප්‍රශ්න වලට එලසින්ම පිළිතුරු සැපයීමට හැකියාව තිබු බවයි.

මේ පිළිබඳව විභාග කොමසාරිස් කරන ලද පැමිණිල්ලකට අනුව රහස් පොලිසිය පරීක්ෂණ පවත්වයි.

“මම ලංකාවේ ඔක්කොම ණය එක දවසින් ගෙවනවා “- 2020 එන සුපිරි ජනාධිපති අපේක්ෂකයා මෙන්න

අපි ණය ගන්නෙ බැංකුවෙන්. හැබැයි අපේ රට ණය ගන්නෙ පිට රටවලින්. සෙල්ලම් නෑ මේ වෙද්දි අපි ඇමෙරිකාව, චීනය, ඉන්දියාව වගේ රටවලට විතරක් නෙවෙයි ලෝක සන්විධාන කීපයකිනුත් ණය අරන් තියෙනවා. ඒ කොච්චරක්ද කියලා කියනවනම් 1 මේ වෙද්දි ඉපදෙන්න ඉන්න දරුවන් පවා ලක්ෂ ගණන් වලින් පිට රට වලට ණයයි. මේ ණය කවදා, කොහොම ගෙවලා ඉවර කරන්න පුළුවන් වෙයිද?

ලේක්හවුසියේ රුක්මාල් හොඳම ඡායාරූප ශිල්පියා සම්මානයට

ඊයේ (19) කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවති 2017 ශ්‍රී ලංකා රාජ්‍ය ඡායාරූප උළෙලේදී හොඳම ජනමාධ්‍ය, පුවත් සහ ක්‍රීඩා ඡායාරූපයට හිමි සම්මානය දිනා ගැනීමට අප ආයතනයේ ජේෂ්ඨ ඡායාරූප ශිල්පී රුක්මාල් ගමගේ සමත් විය.