BREAKING NEWS
latest

728x90

468x60

සැප වාහන හිඟ බදු කෝටි 35 ක්‌ ගෙවන්න මාස 3 ක්‌ කල්දෙයි

සුඛෝපභෝගී වාහන කාණ්‌ඩයන්ට අයත් වාහනවලින් රුපියල් කෝටි 35 ක බදු මුදලක්‌ අයවිය යුතු බැවින් එම හිඟ මුදල් ගෙවීමට මාස 3 ක සහන කාලයක්‌ ලබාදීමට රජය තීරණය කර ඇත. 

සුඛෝපභෝගී, අර්ධ සුඛෝපභෝගී හා අර්ධ සුඛෝපභෝගී ද්විත්ව කාර්ය වාහනවලින් මෙම හිඟ බදු මුදල් අයවිය යුතු වෙයි.

සිලින්ඩර් ධාරිතාව 2500 ඉක්‌මවන ඩීසල් මෝටර් කාර් හා සිලින්ඩර් ධාරිතාව 2000 ඉක්‌මවන පෙට්‍රල් මෝටර් කාර් සුඛෝපභෝගී වාහන ලෙසත් සිලින්ඩර් ධාරිතාව 2201 සිට 2500 දක්‌වා වන ඩීසල් මෝටර් කාර්, සිලින්ඩර් ධාරිතාව 2200 ඉක්‌මවන ඩීසල් ජීප් රථ, සිලින්ඩර් ධාරිතාව 1801 සිට 2010 දක්‌වා වන පෙට්‍රල් කාර් හා සිලින්ඩර් ධාරිතාව 1800 ඉක්‌මවන පෙට්‍රල් ජීප් රථ අර්ධ සුඛෝපභෝගී වාහන සහ සිලින්ඩර් ධාරිතාව 2200 ඉක්‌මවන ඩීසල් කැබ් රථ හා සිලින්ඩර් ධාරිතාව 1800 ඉක්‌මවන පෙට්‍රල් කැබ් රථ අර්ධ සුඛෝපභෝගී ද්විත්ව කාර්ය වාහන ලෙසත් වර්ග කර ඇත.

1995 අංක 16 දරන මුදල් පනතට අනුව මෙම වාහන හිමිකරුවන් අදාළ වාහන ප්‍රථම වරට ලියාපදිංචි කරනු ලබන දින සිට වර්ෂ 7 ක්‌ දක්‌වා ඉදිරියට වාර්ෂිකව බදු මුදලක්‌ ගෙවිය යුතුවෙයි. මෙහි පළමු බදු වාරිකය වාහනය ලියාපදිංචි කරන අවස්‌ථාවේදී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අය කරනු ලබන අතර ඉතිරි වාරික එම දෙපාර්තමේන්තුවට හෝ රක්‍ෂණ ආයතනයට ගෙවිය හැකිය. එලෙස බදු ගෙවීම පැහැර හරින අවස්‌ථාවලදී හිඟ බදු මුදල් සඳහා සියයට 50 ක දඩ මුදලක්‌ද අයකරනු ලබයි.

මේ අනුව හිඟ බදු ගෙවීම සඳහා සැප්තැම්බර් 01 වැනිදා සිට නොවැම්බර් මස 30 දක්‌වා මාස 3 සහන කාලයක්‌ ලබාදීමටත් එම කාලය තුළ හිඟ බදු ගෙවන්නන්ගෙන් සියයට 5 ක දඩ මුදලක්‌ පමණක්‌ අය කිරීමටත් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය තීරණය කර තිබේ.
« PREV
NEXT »

Facebook Comments APPID