BREAKING NEWS
latest

728x90

468x60

2017 ඡන්ද හිමි ලේඛනය දැන් වෙබ් අඩවියේ - ඔබ නැත්තම්

2017 ඡන්ද හිමි නාමලේඛනයේ කෙටුම්පත සකස්කර අවසන් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. මෙම කෙටුම්පත මැතිවරණ කොමිෂන් සභාවේ www.slelections.gov.lk/ වෙබ් අඩවියේ ප්‍රදර්ශනය කෙරේ.

මීට අමතරව 2016 ඡන්ද හිමි නාමලේඛනය ඉන් ඉවත් කෙරෙන නම් සහ අලුතින් ඇතුළත් කෙරෙන නම් පිළිබඳ විස්තර අදාළ ග්‍රාම නිලධාරී කාර්යාල වලදී පරීක්ෂා කළ හැකිය.

තවද කොළඹ නගරය, කොළඹ දිස්ත්‍රික්කය ඇතුළු නාගරික හා අර්ධ නාගරික බොහෝ ප්‍රදේශයන්හි ඡන්ද හිමි නාමලේඛනයට නම් ඇතුළත් කර ගැනීමේ යම් අඩුවීමක් නිරීක්ෂණය වන බැවින් 2017 ඡන්ද හිමි නාම ලේඛනයට තමන්ගේ නම ඇතුළත් වී ඇත්දැයි ජනතාවටනිසැක වන ලෙසත් ඉදිරි ඡන්ද විමසීම් වලදී ඡන්ද භාවිතා කළ හැක්කේ 2017 නාම­ලේ­ඛ­නයේ නම් ඇතු­ළත් තැනැ­ත්තන්ට පම­ණක් බවත් මැති­ව­රණ කොමි­ෂන් සභාව දන්වා සිටි.
යම් හෙය­කින් තමන්ගේ නම 2017 ඡන්ද හිමි නාම­ලේ­ඛ­න­යට ඇතු­ළත්ව නොමැති නම් වහාම අදාළ මැති­ව­රණ කාර්යා­ල­ව­ලට දැනු­ම්දී­මට කට­යුතු කරන ලෙස මැති­ව­රණ කොමි­ෂන් සභාව වයස අවු­රුදු 18ට වැඩි සිය­ලුම පුර­වැ­සි­ය­න්ගෙන් ඉල්ලා සිටී.
« PREV
NEXT »

Facebook Comments APPID