BREAKING NEWS
latest

728x90

468x60

පාලාඩිකුලමෙන් අතුරුදන්වූ පාසල් සිසුවිය කළුතර පෙම්වතාගේ නිවසින් හමුවේ

පෞද්ගලික උපකාරක පන්තියකට යන අතරතුරදී ඉකුත් 02 වැනිදා අතුරුදන්වූ අනුරාධපුර පාලාඩිකුලම ප්‍රදේශයේ පදිංචි පහළොස්‌ හැවිරිදි බාලවයස්‌කාර පාසල් ශිෂ්‍යාව අනුරාධපුර පොලිස්‌ ස්‌ථානයේ ළමා සහ කාන්තා කාර්යාංශයේ නිලධාරීන් විසින් දකුණු කළුතර හම්බෙගෙදර ප්‍රදේශයේ පදිංචි විසි හය හැවිරිදි පෙම්වතාගේ නිවසේ සිටියදී සොයාගෙන ඇත. 

සිසුවිය අතුරුදන්වීම සම්බන්ධයෙන් ඇගේ මව විසින් අනුරාධපුර පොලිසියට කළ පැමිණිල්ලක්‌ මත පොලිසිය අධිකරණ නියෝග මත දුරකථන සමාගමකින් ලබාගත් දුරකථන විශ්ලේෂණ වාර්තාවක්‌ මත සිදුකළ විමර්ශනවලට අනුව අනාවරණය කර ගත් තොරතුරු ඔස්‌සේ මෙසේ සිසුවිය සොයාගෙන ඇත.

එම අවස්‌ථාවේ සිසුවිය, ඇගේ පෙම්වතා ඔහුගේ මව සහ සහෝදරියක්‌ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය එම සිසුවිය සොයා ගන්නා අවස්‌ථාව වනවිටත් ඇය සිය පෙම්වතා සමඟ අඹු සැමියන් ලෙස ජීවත්ව සිට ඇත.

අත්අඩංගුවට ගත් සිසුවිය, ඇගේ පෙම්වතා, ඔහුගේ මව සහ සහෝදරිය පොලිසිය විසින් පෙරේදා (19 දා) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පෙම්වතා සහ ඔහුගේ මව මේ මස 25 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට නියෝග කළ අනුරාධපුර මහෙස්‌ත්‍රාත් හර්ෂණ ධනුෂ්ක රත්නායක මහතා උසස්‌ අධ්‍යාපනය ලබන සැකකරුගේ සහෝදරියක වන විසිහත් හැවිරිදි තරුණිය රුපියල් ලක්‍ෂයක ශරීර ඇපයක්‌ මත මුදාහරින ලෙසට නියෝග කොට ඇත.

මේ අතර අපයෝජනයට ලක්‌වූ සිසුවිය පරිවාස හා ළමාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධීක්‍ෂණය යටතේ අනුරාධපුර සාලියපුර පිහිටි කාන්තා ළමා රැඳවුම් මධ්‍යස්‌ථානයේ රඳවා තැබීමට විනිසුරුවරයා විසින් නියෝග කොට ඇත.

නීත්‍යානුකූල භාරකාරත්වයෙන් පැහැරගෙන ගොස්‌ බාල වයස්‌කාර ගැහැනු ළමයකු දූෂණය කිරීමේ චෝදනාව මත මෙසේ රක්‍ෂිත බන්ධනාගාර ගතකරනු ලැබුවේ අනුරාධපුර බැංකු පෙදෙසේ පිහිටි පෞද්ගලික නවාතැන් පළක සේවයෙහි නියුතුව සිටි දකුණු කළුතර හම්බෙගෙදර පදිංචි විසිහය හැවිරිදි වංශපුර ආරච්චිගේ චමින්ද ලහිරු විඡේසිංහ සහ ඊට අනුබලදීමේ චෝදනාව යටතේ ඔහුගේ මව වන පනස්‌ හැවිරිදි නාවල ගෙදර අනෝමා යන දෙදෙනාය.

සිසුවිය පසුගිය 02 වැනිදි සිය මවට ලිපියක්‌ ලියා නිවසේ තබා පිටව ගොස්‌ ඇති අතර සිසුවිය නිවසින් පිටව යාම පිළිබඳව පැමිණිල්ල ඉදිරිපත් කළ ඇගේ මව තම දියණිය ලිපියක්‌ ලියා තබා ගොස්‌ ඇති බව පොලිසියට නොපවසා එය වසං කොට ඇති බව පොලිස්‌ පරීක්‍ෂණ වලදී අනාවරණය වී ඇත. මේ අතර තම දියණියගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වමින් සිටින අතරතුර පොලිසිය ඒ සම්බන්ධයෙන් නිසි පරීක්‍ෂණයක්‌ නොපවත්වන බවට චෝදනා කරමින් සිසුවියගේ ඥතීන් පොලිස්‌පතිවරයාටද පැමිණිලි කොට තිබිණි.

මේ පිළිබඳව අනුරාධපුර මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක සංජීව මහානාම මහතාගේ උපදෙස්‌ මත ළමා හා කාන්තා කාර්යාංශයේ ස්‌ථානාධිපති කාන්තා පොලිස්‌ පරීක්‍ෂිකා යමුනා කාන්ති මහත්මිය ඇතුළු නිලධාරීන් වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.
« PREV
NEXT »

Facebook Comments APPID