BREAKING NEWS
latest

728x90

468x60

මුහුදු සම්පත් ගවේෂණයට නොර්වේජියානු සහාය

ශ්‍රී ලංකාවට අයත් අනන්‍ය ආර්ථික මුහුදු කලාපයේ ඇති සියළු ම සමූද්‍ර සම්පත් පිළිබඳ ගවේෂණයක් සිදුකර දීමට නොර්වේජියානු සමූද්‍ර පර්යේෂණ ආයතනය එකඟතාවය පළකර ඇත.

ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය හෙවත් නාරා ආයතනය සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව හා එක්ව මෙම ගවේෂණ කටයුතු සිදුකිරීමට නියමිතය.

මීට පෙර එනම් 1979 සහ 1980 යන වසරවලදී නොර්වේජියානු ෆ්‍රිජ් ඔෆ් නැන්සන් නෞකාව මඟින් ශ්‍රී ලංකා අනන්‍ය ආර්ථික කලාපය තුළ මෙවැනි සමූද්‍ර සම්පත් පිළිබඳ ගවේෂණයක් සිදුකර ඇත. ඉදිරි ගවේෂණ කටයුතු සඳහා ලබන වසරේ ජූනි මාසයේදී පමණ එම ෆිජ් ඔෆ් නැන්සන් නෞකාව නැවතත් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

1979 සහ 1980 යන වසරවලදී සිදුකළ ගවේෂණ කටයුතු පිළිබඳ ව තොරතුරු යාවත්කාලීන කිරීම හා නව ගවේෂණ කටයුතුවල නියැලීම මෙවර සිදු කෙරේ. එම මූලික කරුණුවලට අමතරව මේ යටතේ නාරා ආයතනයේ හැකියාවන් ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතියක් ද ක්‍රියාත්මක කෙරේ.

මෙම ගවේෂණ කටයුතු සඳහා ශ්‍රී ලාංකික විද්‍යාඥයින් සහභාගී වන අතර ගවේෂණ තොරතුරු ආශ්‍රයෙන් ඔවුන්ගේ හැකියාවන් වර්ධනය කරගැනීමටද මෙය අවස්ථාවක් වනු ඇත.

මෙම ගවේෂණ කටයුතු මඟින් දැනට අප අනන්‍ය ආර්ථික කලාපයේ මත්ස්‍ය සම්පත්වල ගහණය, තව දුරටත් එම සමූද්‍ර සම්පත් නෙලා ගැනීමට ඇති හැකියාව හා එම තත්ත්වයන් දියුණු කිරීම, සමූද්‍ර සම්පත් සඳහා බලපාන කාලීන වෙනස්වීම්, මත්ස්‍ය සම්පත් බහුල ප්‍රදේශ, අප සමූද්‍ර කලාපය තුළ පාවිච්චි කළයුතු ආම්පන්න ආදිය පිළිබඳ නිර්දේශ ලබා ගැනීමට බලාපොරොත්තු වේ.

මීට අමතරව දැනට අප විසින් නෙලා නොගන්නා සමූද්‍ර සම්පත් පිළිබඳවත්, එමෙන්ම එතරම් ඉල්ලුමක් නොමැති සම්පත් නෙලා ගැනීම පිළිබඳවත් මෙම ගවේෂණය තුළින් නිර්දේශ ලබාදේ.

මෙම ගවේෂණ කටයුතු සඳහා යොදවන ෆ්‍රිජ් ඔෆ් නැන්සන් නෞකාව ලෝකයේ දියුණුම තාක්ෂණික උපකරණ සහිත සමූද්‍ර ගවේෂණ නෞකාවක් වීම හා මෙම ගවේෂණ කටයුතු නොර්වේජියානු රජයේ තාක්ෂණික ආධාර යටතේ ලබා දීමට රජය එකඟ වීම මෙහි විශේෂත්වයකි.
« PREV
NEXT »

Facebook Comments APPID