යාපනය සුලිපුරම් ප්‍රදේශයේදී ඝාතනයට ලක් වූ 06 හැවිරිදි පාසල් දැරියගේ ඝාතනයට සම්බන්ධ බවට සැකකෙරෙන ප්‍රධාන සැකකරු මල්ලාකම් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔහු ලබන ජූලි මස 11 වනදා දක්වා බන්ධනාගාර ගත කිරීමට මල්ලාකම් මහෙස්ත්‍රාත් ආශිර්වාදම් ග්‍රේෂියන් ඇලෙක්ස්රාජ් මහතා නියෝග කොට සිටියේය.
-
Thursday, June 28, 2018
පසුගියදා මාතර ස්වර්ණාභරන ආයතය කොල්ලකෑමට පැමිණි අවස්ථාවේදී මියගිය පොලිස් නිළධාරියා සහ තුවාල ලැබූ පොලිස් නිළධාරීන් රෝහල් ගත කිරීමට කටයුතු කල පුද්ගලයින් පිළිබඳව සමාජයේ පුළුල් කතා බහක් ඇති වුනා.
කෙසේ වෙතත් එම අවස්ථාවේදී මාතර කඹුරුපිටය ප්‍රධාන මාර්ගයේ ගමන්ගත් බස් රථයක රිය සහයකයෙකුගේද හිස ප්‍රදේශයටද වෙඩි වැදී වෙඩි වැදී මාතර රෝහලට ඇතුලත් කර තිබුණා.
-
Thursday, June 28, 2018
ත්‍රිරෝද රථ සහ යතුරු පැදි සඳහා නව පෙට්‍රල් වර්ගයක් හඳුන්වා දීමට ඉදිරියේදී කටයුතු කරන බවත්, එම පෙට්‍රල් අඩු මිලකට ලබා දිය හැකි නිසා යතුරු පැදි හා ත්‍රිරෝද රථ වලට සැලකිය යුතු වාසියක් අත්වන බවත්, ඛනිජ තෙල් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පසුගිය දිනෙක ප්‍රකාශ කළේය.
මෙරටට ආනයනය කරනු ලබන බොරතෙල් සපුගස්කන්ද පිරිපහදුවේදී අඩු ඔක්ටේන් අංකයක් යටතේ පෙට්‍රල් නිෂ්පාදනය කර මෙසේ ත්‍රිරෝද රථ සහ යතුරු පැදි සඳහා ලබා දීමට සැළසුම් කර තිබේ.
ත්‍රීරෝද රථ සහ යතුරු පැදි 99%ක්ම භාවිතා කරන්නේ ඔක්ටේන් 92 පෙට්‍රල් ඉන්ධන වර්ගයයි.
ලෝකයේ දැනට භාවිත ඔක්ටේන් 92 වන හා ඔක්ටේන් 95 ඉහළ ප්‍රමිතිගත පෙට්‍රල් විශේෂයක් ලෙසින් සලකනු ලබයි.
-
Wednesday, June 27, 2018
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවති තෙවන ටෙස්ට් තරඟය කඩුලු 4කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (26) සමත් වුණා .
ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 81 රැස්කරගෙන සිටි අතර ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 63ක් අවශ්‍ය විය.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා ඉනිමට එකදු ලකුණක් හෝ එකතු වීමට පෙර ජේසන් හෝලඩර් ගේ පන්දුවක් හමුවේ කුසල් මෙන්ඩිස් දැවී ගියේය. පසුව පිටියට එක්වූයේ කුසල් පෙරේරායි.
-
Wednesday, June 27, 2018
සමස්ත විදුලි පාරිභෝජනයෙන් සියයට දෙකක් (2%) වැය කරමින් දිවයින පුරා වීථි ලාම්පු ලක්ෂ 7 දැල්වෙන බව පසුගිය දා රත්නපුර පිහිටි සබරගමු පළාත් සභා ශ්‍රවණාගාරයේ පැවති මහජන උපදේශන වැඩමුළුවේදී හෙලිදරව් විය.
වීථි ලාම්පු කළමනාකරණය පිළිබඳ යෝජිත ජාතික සැලැස්ම සහ විදුලිබල, පානීය ජල හා ඛනිජ තෙල් සම්බන්ධ පරිභෝගික ගැටළු විසදීමේ යාන්ත්‍රණය සැකසීම පිළිබඳ සබරගමුව පළාත් මහජන උපදේශනය එදින පැවැත්විණි.
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව, ලංකා විදුලි බල මණ්ඩලය, ලංකා විදුලි පෞද්ගලික සමාගම, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය, පළාත් පාලන ආයතන හා මාර්ග සංවර්ධන අධිකාරිය එක්ව මෙම මහජන උපදේශන වැඩමුළුව ක්‍රියාත්මක කරයි.
-
Tuesday, June 26, 2018
කරාපිටිය ශික්‌ෂණ රෝහලේ ළමා දැඩිසත්කාරක ඒකකයේ මැස්‌සන් පවා සිටින බවත් මේ නිසා ඒ ආසන්නයේ ඇති මුළුතැන්ගෙය පිරිසිදුව තබාගැනිමේ වැදගත්කම එම ඒකකයේ වෛද්‍යවරයකු විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්‌ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා වෙත පෙන්වා දී ඇත.
ළමා දැඩිසත්කාරක ඒකකයේ ධාරිතාවය වැඩිකිරීමේ කටයුතු සොයාබැලීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්‌ෂ ජනරාල්වරයා විසින් කළ නිරීක්‌ෂණ චාරිකාවේදී වෛද්‍යවරයා මේ බව සඳහන් කළේය.
-
Tuesday, June 26, 2018
මාකඳුරේ මධුෂ්ගේ ප්‍රධානම ගෝලයකු බව කියන තිලක් නමැත්තා පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් ඊයේ (25 වැනිදා) සවස කඹුරුපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට යැමේදී දෙපාර්ශ්වය අතර ඇතිවූ වෙඩි හුවමාරුවකින් මියගොස් ඇත.
තිලක් නමැති අපරාධකරු ත්‍රිරෝද රථයක යමින් සිටියදී මග රැකවල්ලාගෙන සිටි පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් ඔහු අත්අඩංගුවට ගැනීමට සූදානම් වෙද්දී ටී 56 ගිනි අවියකින් ඔවුන් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් වෙත ප්‍රහාරයක් එල්ල කර තිබේ. ඒ අවස්‌ථාවේදී විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් එල්ල කළ ප්‍රතිප්‍රහාරවලින් තිලක් නමැති අපරාධකරු බරපතළ තුවාල ලැබූ අතර ඔහු රෝහල්ගත කිරීමට රැගෙන යද්දී මියගොස් ඇත.
-
Monday, June 25, 2018
කිලිනොච්චිය අම්බාකුලම් ගම්මානයේදී අමානුෂික ලෙස පහරදී දිවියකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුවන් පස්‌දෙනකු ඊයේ (24දා) කිලිනොච්චිය පොලිsසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පස්‌දෙනා අම්බාකුලම් ගම්මානයේ පදිංචිකරුවන් වන අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් එම ප්‍රදේශයේ පදිංචි තවත් 03 දෙනකු අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්‌ඩායම් දෙකක් යොදවා ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් ඊයේ (24දා) පැවැසීය.
-
Sunday, June 24, 2018
"වඳින්න ගිය දේවාලෙ ඉහේ කඩාගෙන වැටුණ" කියල බොහොම ප්‍රසිද්ධ කියමනක් තියෙනවා. ඔන්න ඔය කියමන නැවත වතාවක් සත්‍යයක් බවට පත් කරමින් මේ ළඟදී දවසක අපිට ඉන්න දක්‍ෂ ජනප්‍රිය රංගන ශිල්පියෙකුට ලොකු අකරතැබ්බකට මුහුණ පාන්න සිද්ධ වෙලා.
ඔහු නමින් කුමාර, කුමාර තිරිමාදුර. සිංදු කියල නටල බොහොම විනෝදෙන් ඉන්න අපේ භාෂාවෙන් කියනවා නම් ෆන් පොරක් තමයි කුමාර තිරිමාදුර කියන්නෙ. ඒ වගේම ඔහු බොහොම සංවේදී පුද්ගලයෙක්. සරසවි මෑණියන්ගෙ ඇල්ම බැල්ම ආකර්ෂණය හරියට ලබල වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කලාකාරයෙක් වෙච්ච අපේ මේ කතා නායකයට මේ කියන්න යන අලකලංචියට මුහුණ දෙන්න වෙන්නෙත් ඔහු තුළ තිබුණ ඒ සංවේදී උතුම් මානුෂීය ගුණාංග නිසාමයි.
-
Sunday, June 24, 2018
විනෝද වීමට ගොස් දියේ ගිලී මියගිය සිද්ධීන් පිළිබඳ වාර්තා අපි අනේක වාරයක් අසා ඇත්තෙමු. ගිලී මිය යා නොදී දිවි බේරා ගැනීමට පිරිමින් පැමිණි බැවින් තමාව අල්ලන්න එපා යෑයි කෑ ගැසූ ගැහැනුන් පිළිබඳ ඔබ අසා තිබෙනවා ද? එවැනි පුවතක් සැලවූයේ පසුගියදා මහනුවර ගන්නෝරුවෙනි. අවදානම් ස්‌ථානයක සුන්දර අත්දැකීමක් අත්විඳීමට බෝට්‌ටුවකින් ගොස් එය පෙරලී ජීවිතයත් මරණයක් අතර සටනක් කරමින් දිවි ගලවා ගැනීමට සෞදි සංචාරකයන් පිරිසක් උත්සහ කරත්දී අප මෙතෙක් අසා නොතිබූ මෙම අපූරු සිද්ධියට මුහුණ දුන්නේ ඔවුන් බේරා ගැනීමට උත්සහ කළ ගන්නෝරුවේම තරුණ පිරිසකි.
Subscribe to:
Posts
(
Atom
)
Loading...
Most Reading
-
frdfïIa iq.;md, iuÕ l,lg miq l;dnyla ux lrkafka ug ´k foa frdfïIa iq.;md, hkq kj mrmqr ksfhdackh lrk w;sYh ckm%sh .dhlhl= nj wuq;=fjka lsj...
-
rcfha ffjoH ks,OdÍkaf.a ix.ufha n,mEï u; tla orefjl= fyda ckms%h mdi,aj,g we;=<;a l<fyd;a Bg tfrysj lghq;= lrk nj uyck whs;Ska iq/...
-
idudkH fm< úNd.fha oekg ;sfnk ieleiau fjkia lsÍug cd;sl wOHdmkh wdh;kh ;SrKh lr ;sfnkjd' ta wkqj fuu úNd.fha§ YsIHhska fmkS is...
-
fkd¾fõ rdcHfha fndafvda k.rh wikak uqyqfoa olakg ,efnk fid,aÜiafg%duka ^Saltstraumen& §h iq<sh ie<flkafka f,dj we;s n,j;au §h...
-
fldÜfÜ wdkkao Ydia;%d, úoHd,fha úÿy,am;sg úreoaOj miq.shod úfrdaO;djhla mdi, bÈßfha§ mej;=ks' ta Tyqf.a ¥Ys; md,khg tfrysjhs' ...
-
ia;%S foay ,laIK j,ska fy<s lrk ryia fndfyduhla ;sfhkjd'tajdhska lsysmhla .ek lshkakïflda' Th;a n,kak fï ,laIK Thdg;a ;sfhkjo ...
-
mQcH jg/l úð; ysñhka úiska 2014-04-09 jk Èk fld<U ksfmdka fydag,fha mj;ajk ,o udOH yuqjg ndOd lsÍu iïnkaO isoaêhg wêlrKh yuqfõ fmkS fk...
-
wfußldkq fvd,¾ ñ,shk 20la ják Èhuka;shla fidrlï fldg furgg tjQ ,dxlslhl= vqndhs fmd,sia w;awvx.=jg f.k ;sfí' ielalre trg uq,H wdh...
-
lgqkdhl nKavdrkdhl cd;Hka;r .=jkaf;dgqmf,a m%Odk .=jka Odjk m:h ,nk jif¾ uq,a Nd.fha udi 3 l ld,hla m%;sixialrK lghq;= ioyd jid oefuk nj ...
-
lrej,.iajej fmd,sia jiug wh;a myßh ckmofha jhi wjqreÿ 3 ½ l oeßúhl ish ksjiska ysá yeáfha w;=reoyka ù Bg meh 12lg muK miqj rd;%sfha § ;í...