ප්‍රවීණ පුවත්පත් මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුම වෙබ් අඩවි සංස්කාරකවරුන් ලෙස එක්ව තිබේ.
ඒ 'සත්හඬ' පුවත්පත පසුගිය දා වසා දැමීමත් සමඟයි.
ප්‍රවීන මාධ්‍යවේදී විමලනාත් වීරරත්න මහතා, ලංකා නිව්ස් වෙබ් කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂකවරයා වශයෙන් එක්ව තිබේ.
රාවය, සත්හඬ ආදී පුවත්පත් ගණනාවක සේවය කළ ප්‍රවීන මාධ්‍යවේදී විමලනාත් වීරරත්න මහතා ලබන සඳුදා (22) සිට ලංකා නිව්ස් වෙබ් කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂකවරයා වශයෙන් LNW මාධ්‍ය ජාලය සමග එක්වන බව එම වෙබ් අඩවිය වාර්තා කරයි.
රාවය පුවත්පතට අතිශය ජනප්‍රිය වූ ‘විමලෙගෙ කොලම‘ තීරු ලිපිය රචනා කළ විමලනාත් වීරරත්න මහතා, රාවය පුවත්පතේ විශේෂාංග කර්තෘ වශයෙන් කටයුතු කර පසුව ඉරුදින පුවත්පත සමග සම්බන්ධ විය.
ඉරුදින පුවත්පතේ කර්තෘවරයා වශයෙන් කටයුතු කළ ඔහු, පසුව සත්හඬ පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා වශයෙන් ද කටයුතු කළේය.