BREAKING NEWS
latest

728x90

468x60

ඇමෙරිකාව සිරියාවට පහරදීම ගැන කතාකිරීමට ආරක්ෂක කවුන්සිලය රැස්වෙයි

ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රටවල් සිරියාවේ ඩැමැස්කස් නුවර ඉලක්ක කිහිපයකට ගුවන් ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරම සඳහා අද (14) ආරක්ෂක කවුන්සිලය රැස්වීමට නියමිතය.

ආරක්ෂක කවුන්සිලය රුසියාවේ ඉල්ලීම පරිදි රැස්වීමට නියමිත අතර සිරියාවට එස් – 300 මිසයිල ආරක්ෂණ පද්ධතියක් ලබාදීම කෙරෙහි අවධානය යොමු කරන බව ද රුසියාව නිවේදනය කර තිබේ.

රාජකීය විවාහය ආවරණය කරන මාධ්‍යවේදීන් අතරට ශ්‍රී ලංකාවේ කාන්තාවක්

එංගලන්ත රාජකීය පවුලේ හැරී කුමරු සහ මේගන් කුමරිගේ රාජකීය විවාහොත්සවය ආවරණය කිරීමට අවසර ලැබී තිබෙන මාධ්‍යවේදීන් අතරට ශ්‍රී ලාංකික කාන්තාවක් ද සිටින බවට වාර්තා වේ.

එම විවාහොත්සවය මැයි මස 19 වනදා ලන්ඩනයේ ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේ පැවැත්වීමට නියමිතය. 

හැරී කුමරු සහ මේගන් මාර්කල්ගේ මෙම විවාහයට මේ වන විට ජාත්‍යන්තර මාධ්‍ය ආයතනවල දැඩි අවධානයක් යොමුවී තිබෙන අතර රාජකීය යුවලගේ මංගල ඇදුම් සැකසීම කරන්නේ කවුරුන්ද, විවාහ සඳහා තෝරා ගන්නා මල් වර්ගය ගැන පවා මේ වන විට ජාත්‍යන්තර මාධ්‍යවලට උණුසුම් පුවත් මවමින් තිබෙන මොහොතක එම රාජකීය විවාහය ආවරණය කිරීම සඳහා අවසර ලැබී තිබෙන මාධ්‍යවේදීන් අතරට ශ්‍රී ලාංකික කාන්තාවක් ද එක්ව සිටින බව වාර්තා වේ.

කිරි පැකට් දෙකකට වස දමා බිරිදටත් දරුවාටත් දෙන්න හැදූ සැමියෙක් මාට්ටු

කිරි පැකට් දෙකකට කිසියම් වස වර්ගයක් සුක්ෂම ලෙස ඇතුළු කර එම කිරි පැකට් පානය කිරීමට සලස්වා බිරිඳ සහ තුන් හැවිරිදි දරුවා ඝාතනය කිරීඹට උත්සාහ කළ බව කියන සැමියක් නිට්ටඹුව මූලස්ථාන පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් විසින් ඉකුත්දා අත්අඩංගුවට ගනු ලැබිය.

විස සහිත කිරි පැකට් පානය කිරිමෙන් රෝගාතුරවූ බව කියන මව සහ ඇයගේ සිඟිති දියණිය වතුපිටිවල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන බව නිට්ටඹුව මූලස්ථාන පොලිසියේ නිලධාරීයෙක් පැවසීය.

පොලිසිය පරීක්ෂණ පවත්වා හෙළි කරගෙන තිබෙන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය. අගුණකොළපැලැස්සේ පදිංචි 41 හැවිරිදි කාන්තාවක සැමියා සමග ඇති කරගත් පවුල් ආරවුලක් මත අවුරුදු 03ක් පමණ වයසැති දරුවා ද ගෙන නිට්ටඹුව පොලිස් බල ප්‍රදේශයට අයත් යටියන ප්‍රදේශයේ නිවෙසක් කුලියට ගෙන එහි පදිංචිව සිටින අතරවාරයේ ජීවත් වීම සදහා රෙදිපිළි විකිණීම කරගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.

ඹබ දන්නා - නොදන්නා අලුත් අවුරුදු චාරිත්‍ර ගැන මෙන්න

ජ්‍යෙතිෂයට අනුව සූර්යයා හෙවත් රවි ග්‍රහයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීම සිංහල අලුත් අවුරුද්ද ලෙසින් හඳුන්වනවා.

වසර දහස්‌ ගණනක ඉතිහාසයේ සිට පැවත එමින් අපට උරුමව ඇති සංස්‌කෘතික හා කලා උරුමයක දායාදයන් වන මේ මහා සූර්ය මංගල්‍යය හෙවත් අලුත් අවුරුද්ද නැකත් හා චාරිත්‍ර වාරිත්‍ර මුල් වූ සමයක්‌ වන අතර එම කාලය තුළ අප විසින් නැකතට අනුගමනය කරන්නා වූ සුවිශේෂී චාරිත්‍ර හතක්‌ ද පවතිනවා. සුබ නැකත් අනුව එකී චාරිත්‍ර ඉටුකිරීම තුළ මනුෂ්‍යයාට අත්වන ප්‍රතිඵල මෙලෙස දැක්‌විය හැකිය.

නව සඳ බැලීම

දෝහා - කටාර් හිදී උත්කර්ෂවත් අලුත් අවුරුදු උළෙලක්‌ හෙට

කටාර් හි වෙසෙන ශ්‍රී ලාංකිකයින් හා විවිධ විදෙස්‌ ජාතිකයින් සහභාගී කරවාගෙන හෙට 13 වැනි (සිකුරාදා) සවස 6.30 සිට දෝහා නගරයේ "සද්‍යාරි මෝල්" වෙළෙඳ සංකීර්ණයේදී "අවුරුදු උළෙලක්‌" උත්සවාකාරයෙන් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

රෝහලේ සිටි බිරිඳට සැමියා බලෙන් වස පොවයි

තම බිරිඳට බලහත්කාරයේ වස පෙවූ බව කියන හුන්නස්‌ගිරියේ දේමිත්තගම පදිංචිකරුවකු වූ සැමියා තෙල්දෙනිය වැඩබලන මහෙස්‌ත්‍රාත් සරත් ප්‍රේමකුමාර මහතා විසින් අප්‍රේල් 25 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය.

මෙලෙස රක්‍ෂිත බන්ධනාගාරගත වූයේ අජිත් සමන් කුමාර නමැති එක්‌දරු පියෙකි. මෙලෙස බලහත්කාරයෙන් වස පොවනු ලැබූ බව කියන බිරිඳ පේරාදෙණිය ශික්‍ෂණ රෝහලට ඇතුළත් කරනු ලැබිණි.

සෝනම් කපූර් විවාහ වෙන්න යයි

අනිල් කපූර්ගේ දියණියවන සෝනම් කපූර් බොලිවුඩ් සිනමාවේ කැපී පෙනෙන නිළියක්. ඇයගේ විවාහය පිළිබඳ ඉන්දියානු මාධ්‍ය වාර්තා කරලා තිබෙනවා.

කොටින්ගේ ආයුද ගබඩාවක් සොයාගනී

මුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල් නැගෙනහිර ප්‍රදේශයේ එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් වලදමන ලද ආයුධ ගබඩාවක් පසුගියදා (09) සවස ගොඩගැනීමට මුලතිව් පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් පියවර ගෙන ඇත.

වව්නියාව හා මුලතිව් පොලීස් විශේෂ කාර්ය බලක කඳවුරට ලැබුනු බුද්ධි තොරතුරකට එම කඳවුරුහි අණදෙන නිලධාරීවරුන්ගේ නායකත්වයෙන් එහි නිලධාරීන් පිරිසක් විසින් මුලතිව් අධිකරණයෙන් ලබාගත් අධිකරණ නියෝගයකට අනුව වෙල්ලමුල්ලි වයික්කාල් නැගෙනහිර ප්‍රදේශයේ පස් කපන යන්ත්‍රයක් යොදා ගනිමින් සිදු කල කැනීම් වලදී එල්.ටී.ටී.ඊ සිංවිධානය විසින් වල දමන ලද යුද උපකරණ ගබඩාව හමු වී ඇත.

නාමල් රාජපක්ෂ උපන්දිය සමරපු හැටි මෙන්න

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඊයේ  (10) සිය 32 වන උපන්දිනය සැමරුවා.

ඒ වෙනුවෙන් අද උදෑසන පැවැත්වුනු සාදය සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ,ශිරන්ති රාජපක්ෂ සහ පවුලේ අය මෙන්ම නෑදැ හිතවතුන් රැසක්ද සහභාගී වී සිටියා.

හොරවැඩ කරලා හමාරයි.. මෙන්න ලයිසන් ගන්න විභාගය ඩිජිටල් ක්‍රමයට

රියැදුරු බලපත්‍ර ලබාගැනීමේදී පවත්වනු ලබන ලිඛිත පරීක්ෂණය ඩිජිටල් ක්‍රමයට පැවැත්වීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

ලබන මැයි මාසයේ සිට මෙම ක්‍රමය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

මරණය දැක දැක සෞදි අරාබියෙන් ගැලවී ආ ලසඳා

අපේ රටේ කාන්තාවන් ගොඩක් රට රැකියාවට යන්නෙ ඉක්මනින් දියුණු වෙන්න, තමන්ගෙ දරුවන්ට උගන්නන්න මේ වගේ බලාපොරොත්තු ගොන්නක් හිතේ තියාගෙන.

නමුත් සෞදි අරාබිය ඇතුළු මැද පෙරදිග රටවල් වල ගෘහ සේවයට යන අපේ කාන්තාවන් මුහුණ දෙන අත්දැකීම්නම් ඒ තරම් සුන්දර නැහැ.

බොහෝ කලක් තිස්සේ අරාබි රටවල් වලට යන අපේ කාන්තාවන් මුහුණ දුන් විවිධ දුක් කරදර ගැන අපි ඕනෑ තරම් අසා තිබෙනවා.

එවන් වූ තවත් සංවේදී කතාවක් පසුගියදා අපිට අසන්නට ලැබුනා. ගලේවෙල පත්කොළගොල්ල ගමේ පිදිංචි ඩී.එම්.

4දෙනෙකුට ගමන් කළ හැකි හෙලිකොප්ටර්යක් නිර්මාණය කල සිසුවා ලොක්කන්ගෙන් ඉල්ලීම මෙන්න

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අරලගංවිල විලයාය මධ්‍ය මහ විද්‍යාලයේ උසස් පෙළ තාක්ෂණික අංශයේ ඉගෙනුම ලබන හිරන්ත නම් සිසුවා විසින් පුද්ගලයන් සිව්දෙනෙකු ගමන් කළ හැකි ආකාරයේ හෙළිකොප්ටර් යානයක් නිර්මාණය කර තිබෙනවා.

වයසටගියත් මේකනම් මහ පුදුම ආදරයක් | Love Gossip

විවිධාකාරයේ Photo shoot නිතර දකින්න ලැබෙන සමාජ වටපිටාවක තරමක් වෙනස් ආකාරයේ ඉතා ආදරණීය ඡායාරූප පෙළක් අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා.

කිරිපුංචා හොඳ ගොවියා නිධානයට බෙල්ල ගියා උගේ පැංචා කොලු ගැටයා ඒකට බැට දෙන්ට ගියා

කිරි පුංචා උන්නැහැ දක්ෂ ගොවියෙක්. එයාට පුතෙක් හිටියා. ඉතින් එයාගේ පවුලයි පුතයි තුන්දෙනා ගමේ පොඩි ගේක ජීවත් වුණා. කිරි පුංචා ගොවියා වුණාට පුංචි කොල්ලා සන්දියේ පන්සලක ඇබිත්තකම කළා. ඒ කාලේ මිනිහා කොණ්ඩා කපන්නට ඉගෙන ගත්තා. ඉතින් ඒ සෑත්තරේ අපතේ අරියේ නෑ. ඔය නිකන් ඉන්න වෙලාවට ගමේ මිනිස්සුන්ගේ කොණ්ඩා කැපුවා.

ඔහොම කාලේ ගත වුණා. ඒ පළාත පුරා හිටි හැටියේ ආරංචියක් ගියා ගමේ වැව ඉස්මත්තේ කැලෑවේ තියෙන පරුවත විමානේ ගල් තලාවක මහා බලගතු නිධානයක් තියෙනවා. ඒක ගන්නට පිටින් ආපු කට්ට¾ඩියෝ වගයක් ගං ගාණේ ඇවිද ඇවිද බිල්ලට මිනිස්සු හොයනවා කියලා. මේ ආරංචියෙන් මිනිස්සු හරියට බය වුණා. බිල්ලට හොයන්නෙ රැවුල තියෙන පිරිමි කියලත් ආරංචි වුණා. මේ කාරණේ නිසා රැවුල තියෙන පිරිමි ඉක්මනට රැවුල කැපුවා. රැවුල තියෙන පිරිමියෙක් පළාතේ හොයා ගන්න බැරිවුණා. බය වෙන්න තව හේතු වුණේ එක එක ගම්වලින් හිටි ගමං පිරිමි අතුරුදන් වෙච්ච ආරංචි එහෙම ආපු හින්දා.

කාරිය කරනට වටකොට බැරුවා ඇඳලා වට පිට හරි හැටි කෙරුවා

අදට අවුරුදු 30කට පමණ පෙර නිකවැරටිය ප්‍රදේශයේ පිටිසර ගමක රාජ්‍ය නොවන සංවිධානයකින් වැසිකිළි සෑදවීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කෙරිණි. මේ යටතේ සෑම නිවෙසකටම වැසිකිළියක් සාදා ගැනීමට මුදල් ආධාරයක් හා බඩු බාහිරාදිය ලබා දී ඇත. ඒ අනුව ගමේ සෑම ගෙදරකම වැසිකිළියක් සාදාගනු ලැබිණි.

සල්මාන් ඛාන්ට වසර 5ක් සිරගෙයි ලගින්න සිදුවූ හේතුව මෙන්න | Salman Khan

බොලිවුඩයේ සුපිරි තරුවක් වන සල්මන් ඛාන්ට වසර 5ක සිර දඬුවමක් නියම කිරීමට ඉන්දියාවේ ජෝද්පූර් අධිකරණය ඊයේ තීන්දු කළේය. ඊට අමතරව ඉන්දීය රුපියල් 10,000ක දඩ මුදලක්ද ඔහුට මෙහිදී නියම කෙරිණ. එ් 1998 වසරේදී රූගත කරන ලද හින්දි සිනමාපටයක් වන ‘හම් සාත් සාත් හෙයින්’ චිත‍්‍රපටයේ දර්ශනයක් සඳහා දුර්ලභ ගණයේ මුවන් දෙදෙනකු දඩයම් කිරීමේ චෝදනාවට වරදකරු බවට තීන්දු වීමත් සමඟයි. වන සංරක්ෂණ පනත යටතේ දුර්ලභ ගණයේ සංරක්ෂිත මුවන් විශේෂයක මුවන් දෙදෙනකු මෙහිදී දඩයම් කළ බවට සල්මන් ඛාන් සමඟ බොලිවුඞ් නළු නිළියන් ඇතුළු 28 දෙනකුට එරෙහිව නඩුව විභාග වුණි. කෙසේවෙතත් මෙහිදී සල්මන් ඛාන් සමඟ රඟපෑ සහය නළු නිළියන් වන සයිෆ් අලි ඛාන්, තාබු, සොනාලි බෙන්ද්‍රේ සහ නලීම් චෝදනාවෙන් නිෙදාස් කොට නිදහස් කෙරුණි. චෝදනාවලින් නිෙදාස් වූ අය අතර චිත‍්‍රපටයේ වෙඩි ශබ්දය ඇසී දිව යන ආකාරය රඟපෑ ප‍්‍රදේශවාසීන් ද වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ ය.

දුර්ලභ ඩයිනෝසර් පා සළකුණු ස්කොට්ලන්තයෙන් හමුවෙයි

ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් දුර්ලභ ඩයිනෝසර් පා සළකුණු සමූහයක් ස්කොට්ලන්තයේ වයඹ දිග ස්කේයි දූපතෙන් සොයාගැනීමත් සමඟ මධ්‍යම ජුරාසික් යුගය සම්බන්ධව නවතම තොරතුරු රැසක් එළිදරව් වී ඇතැයි විද්‍යාඥයෝ පවසති.

එඩිම්බරෝ සරසවියේ සහ චීන විද්‍යාත්මක ඇකඩමියේ පර්යේෂකයන් පිරිසක් විසින් සොයාගන්නා ලද මෙම තොරතුරු ස්කොට්ලන්ත භූ විද්‍යා ජර්නලයේ නවතම වාර්තාවක එළිදක්වා ඇත.

ස්කේයි දූපතේ තිබී මීට අවුරුදු මිලියන 170කට එපිට යුගයට අයත් යැයි සැලකෙන ඩයිනෝසර් පා සළකුණු 50 ක් පමණ සොයා ගත් බව ඔවුහු පවසති.

රියැදුරු සෙල්ෆෝන් වරදට අරුම පුදුම නීතියක්

ජංගම දුරකථනවලින් ඇමතුම් ලබා ගනිමින් රියැදුරන් වාහන ධාවනය කිරීම සම්බන්ධයෙන් ‍පොලිසිය එකිනෙකට වෙනස් නීති දෙකක් ක්‍රියාත්මක කරන බව අප කළ සොයා බැලීමකදී අනාවරණය විය.

කොළඹ නගරයේ ‍පොලිස් ස්ථානවල රථවාහන නිලධාරීන් සහ නාගරික රථවාහන ‍පොලිසියේ නිලධාරීන් ජංගම දුරකථන භාවිත කරමින් රිය ධාවනය කරන රියැදුරන් නීතියේ රැහැනට හසුකර ගැනීමෙන් පසු ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව ‘රිවිර’ට පෙනී ගියේය. ජංගම දුරකථන භාවිත කරමින් රථවාහන ධාවනය කිරීම සම්බන්ධයෙන් දඩ පත්‍රිකා නිකුත් කළ නොහැකි බව සඳහන් කරමින් එසේ රියැදුරන් අධිකරණවලට ඉදිරිපත් කිරීමට ‍පොලිසිය පියවර ගනී.

ශ්‍රී ලංකාවේ දැවැන්තම අවුරුදු සැණකෙලිය අද

ශ්‍රී ලංකාවේ දැවැන්තම නව අවුරුදු උත්සවය වන, මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය විසින් සංවිධානය කරන "සූර්යාභිෂේකය 2018" සැණකෙලිය සඳහා මේ වනවිට නිදහස් චතුරශ්‍ර පරිශ්‍රය ලහිලහියේ සූදානම් වෙමින් තිබේ.