BREAKING NEWS
latest

728x90

468x60

දෝහා - කටාර් හිදී උත්කර්ෂවත් අලුත් අවුරුදු උළෙලක්‌ හෙට

කටාර් හි වෙසෙන ශ්‍රී ලාංකිකයින් හා විවිධ විදෙස්‌ ජාතිකයින් සහභාගී කරවාගෙන හෙට 13 වැනි (සිකුරාදා) සවස 6.30 සිට දෝහා නගරයේ "සද්‍යාරි මෝල්" වෙළෙඳ සංකීර්ණයේදී "අවුරුදු උළෙලක්‌" උත්සවාකාරයෙන් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

කටාර් හි ශ්‍රී ලංකා තානාපති ඒ. එස්‌. පී. ලියනගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම අවුරුදු උළෙලේ විශේෂ ආරාධිත අමුත්තන් වශයෙන් සිනමා නළු රවීන්ද්‍ර රන්දෙණිය සහ ප්‍රවීණ මාධ්‍යවේදී ආරියසිරි විතානගේ යන මහත්වරු සහභාගීවීමට නියමිතය.

සංගීතාංග ඇතුළු ශ්‍රී ලාංකික සංස්‌කෘතික විශේෂාංගයන්ගෙන් සමන්විත මෙම අවුරුදු උළෙලේ දී ශ්‍රී ලාංකිකයන්ට මෙන්ම විදෙස්‌ ජාතිකයින්ටත් "සද්‍යාරි මෝල්" වෙළෙඳ සංකීර්ණයේදී විශේෂ මිල ගණන් යටතේ අත්‍යාවශ්‍ය දෑ මිල දී ගැනීමට කටයුතු සැළසීම මෙහි ද විශේෂත්වයකි.
« PREV
NEXT »

Facebook Comments APPID