BREAKING NEWS
latest

728x90

468x60

කිරි පැකට් දෙකකට වස දමා බිරිදටත් දරුවාටත් දෙන්න හැදූ සැමියෙක් මාට්ටු

කිරි පැකට් දෙකකට කිසියම් වස වර්ගයක් සුක්ෂම ලෙස ඇතුළු කර එම කිරි පැකට් පානය කිරීමට සලස්වා බිරිඳ සහ තුන් හැවිරිදි දරුවා ඝාතනය කිරීඹට උත්සාහ කළ බව කියන සැමියක් නිට්ටඹුව මූලස්ථාන පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් විසින් ඉකුත්දා අත්අඩංගුවට ගනු ලැබිය.

විස සහිත කිරි පැකට් පානය කිරිමෙන් රෝගාතුරවූ බව කියන මව සහ ඇයගේ සිඟිති දියණිය වතුපිටිවල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන බව නිට්ටඹුව මූලස්ථාන පොලිසියේ නිලධාරීයෙක් පැවසීය.

පොලිසිය පරීක්ෂණ පවත්වා හෙළි කරගෙන තිබෙන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය. අගුණකොළපැලැස්සේ පදිංචි 41 හැවිරිදි කාන්තාවක සැමියා සමග ඇති කරගත් පවුල් ආරවුලක් මත අවුරුදු 03ක් පමණ වයසැති දරුවා ද ගෙන නිට්ටඹුව පොලිස් බල ප්‍රදේශයට අයත් යටියන ප්‍රදේශයේ නිවෙසක් කුලියට ගෙන එහි පදිංචිව සිටින අතරවාරයේ ජීවත් වීම සදහා රෙදිපිළි විකිණීම කරගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.

බිරිය දරුවාද සමග නිට්ටඹුව ප්‍රදේශයේ වෙසෙන බව දැනගත් සැකකාර සැමියා ඇය සොයා අගුණකොළපැලැසේ සිට පැමිණ බිරිය හා දරුවා කැඳවා ගෙන යාමට කතා කර ඇතත් ඇය ඔහු සමග යෑම තරයේ ප්‍රතික්ෂේප කර ඇතැයි කියති. මට ඉන්පසු සැමියා නිවසින් පිටත්ව ගොස් ඇත.

බිරිය සුපුරුදු පරිදි සිඟිති දරුවාද කැටුව චතුපිටිවල මහජන ක්‍රීඩාංගණය අසල 9 දා උදේ 10.30ට පමණ රෙදිපිළි විකුණමින් සිට ඇතැයි පොලිසිය පවසයි. සැකකරු කිරි පැකට් දෙකක් සහ මාළු පාන් රැගෙන එතැනට පැමිණ ඇත. කිරි පැකට් දෙකෙන් එකක් දරුවාට දී ඉතිරි කිරි පැකට් එක සහ මාළු පාන් බිරියට දී ඇතැයි ඉහත පොලිස් නිලධාරියා කීය.

කිරි පැකටි එක පානය කරද්දී බිරිඳට එහි වෙනසක් දැන් ඒ ගැන සැමියාගෙන් ප්‍රශ්න කර ඇති අතර එසේ ප්‍රශ්න කරනවාත් සමගම ඔහු පළා ගොස් ඇතැයි පොලිසිය කියයි. ඒ වන විට දරු පැටියා ද කිරි පානය කරමින් සිට ඇති අතර රෝගාතුරවූ බිරිඳ සහ දරුවා වතුපිටිවල රෝහලට ඇතුළත් කර තිබේ. පළා ගිය සැකකරු එදිනම රාත්‍රියේ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබිය.

රජයේ රස පරික්ෂක දෙපාර්තමේන්තුවේ විශේෂඥයන් වෙත යැවිමට එම කිරි පැකට් දෙකද පොලිස් බාරයට ගෙන තිබේ. සැකකරු වෙළෙඳසලකින් කිරි පැකට් දෙකක් මිලදී ගෙන ඒවාට කිසියම් විෂ ද්‍රව්‍යයක් ඇතුළු කර බිරියට සහ දරුවාට පානය කිරිමට සලස්වා ඇති බව පරීක්ෂණවලින් පෙනී ගිය බවද පොලිසිය සඳහන් කරයි.බිරිය සහ දරු පැටවා මරා දැමීමේ අරමුණින් මෙවැන්නක් කර ඇති බවද පොලිසිය කියයි.
« PREV
NEXT »

Facebook Comments APPID