BREAKING NEWS
latest

728x90

468x60

රෝහලේ සිටි බිරිඳට සැමියා බලෙන් වස පොවයි

තම බිරිඳට බලහත්කාරයේ වස පෙවූ බව කියන හුන්නස්‌ගිරියේ දේමිත්තගම පදිංචිකරුවකු වූ සැමියා තෙල්දෙනිය වැඩබලන මහෙස්‌ත්‍රාත් සරත් ප්‍රේමකුමාර මහතා විසින් අප්‍රේල් 25 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය.

මෙලෙස රක්‍ෂිත බන්ධනාගාරගත වූයේ අජිත් සමන් කුමාර නමැති එක්‌දරු පියෙකි. මෙලෙස බලහත්කාරයෙන් වස පොවනු ලැබූ බව කියන බිරිඳ පේරාදෙණිය ශික්‍ෂණ රෝහලට ඇතුළත් කරනු ලැබිණි.

බිරිඳගේ තත්ත්වය බරපතල බව පැවසේ.

පොලිස්‌ පරීක්‍ෂණවලදී අනාවරණය කරගනු ලැබූ පරිදි සැකකාර සැමියා උඩදුම්බර රෝහලට ගොස්‌ තම බිරිඳ රෝහල්ගතව සිටියදී බලහත්කාරයෙන් ඇයගේ මුව විවෘත කර බෝතලයකින් මුවට වස වත්කර ඇත.

බිරිඳ ඇයගේ සොහොයුරියක්‌ සමග උඩදුම්බර රෝහලට ගොස්‌ සිටි බවත් බලහත්කාරයෙන් වස පෙවීමට සැබෑ හේතුව අනාවරණය නොවූ බවත් පවසන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරන බව පැවසීය.

උඩදුම්බර පොලිස්‌ ස්‌ථානාධිපති පො.ප. කේ.එම්.බී.එන්. කාංගර මහතා සහ සැරයන් කුමාරසිරි මහතා වැඩිදුර විමර්ශන සිදු කරයි.

සිරිල් විමලසුරේන්ද්‍ර සහ සමන්තී වීරසේකර
« PREV
NEXT »

Facebook Comments APPID