BREAKING NEWS
latest

728x90

468x60

කොටින්ගේ ආයුද ගබඩාවක් සොයාගනී

මුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල් නැගෙනහිර ප්‍රදේශයේ එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් වලදමන ලද ආයුධ ගබඩාවක් පසුගියදා (09) සවස ගොඩගැනීමට මුලතිව් පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් පියවර ගෙන ඇත.

වව්නියාව හා මුලතිව් පොලීස් විශේෂ කාර්ය බලක කඳවුරට ලැබුනු බුද්ධි තොරතුරකට එම කඳවුරුහි අණදෙන නිලධාරීවරුන්ගේ නායකත්වයෙන් එහි නිලධාරීන් පිරිසක් විසින් මුලතිව් අධිකරණයෙන් ලබාගත් අධිකරණ නියෝගයකට අනුව වෙල්ලමුල්ලි වයික්කාල් නැගෙනහිර ප්‍රදේශයේ පස් කපන යන්ත්‍රයක් යොදා ගනිමින් සිදු කල කැනීම් වලදී එල්.ටී.ටී.ඊ සිංවිධානය විසින් වල දමන ලද යුද උපකරණ ගබඩාව හමු වී ඇත.

එහිදී කාලතුවක්කු උණෟඩ 34 ක්, පුද්ගල නාශක අත්බෝම්බ 34 ක්, කොටි සංවිධානය විසින් නිශ්පාදිත අත්බෝම්බ 22 ක්, පුද්ගල නාශක බිම්බෝම්බ 48 ක් , ආර්.පී.ජී උණ්ඩ 7ක්, එම්.පී.එම්.ජී බර අවි උණෟඩ 2000, ගුවන් යානා නශාක උණ්ඩ 1710 ක් , ක්ලේමෝ බොම්බ 4 ක් , අධි බලැති පුපුරණද්‍රව්‍ය කිලෝ 48ක් එල්.ටී.ටී.ඊ සාමාජිකයින්ගේ නිල ඇඳුම් ඇතුලු යුද උපකරණ රැසක් මේ අතර තිබී සොයාගෙන ඇත.

මෙසේ ගොඩ ගැනුනු යුද උපකරණ යුද සමයේදී එල්.ටී.ඊ සිංවිධානය විසින් මෙම ස්ථානය ආයුධ ගබඩාවක් වශයෙන් පවත්වාගෙන ගොස් ඇති අතර ආරක්සක අංශ ප්‍රහාරයන් හමුවේ එම ස්ථානයේ මෙම ආයුධ වලදමා පලා යන්නට ඇති බවට පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සැක පල කර සිටියහ.

ගොඩ ගත් යුද උපකරණ තොගය මුලතිව් අධිකරණයෙන් ලබාගත් අධිකරණ නියෝගයකට අනුව විනාශ කිරීමටද මුලතිව් පොලීස් විශෞධෂ කාර්ය බලකා නිලධාරීන් විසින් පියවර ගෙන ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ


« PREV
NEXT »

Facebook Comments APPID