BREAKING NEWS
latest

728x90

468x60

බෙල්ලේ කට් පෙන්නපු එකේ අදහස බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු හමුදාපතිට ලිඛිතව දන්වයි

අපේ රටේ කොටි ත්‍රස්තවාදය අවසන් කර හමාරයි. එම නිසා තවදුරටත් උද්ඝෝෂණය කිරීමෙන් පලක් නැහැ. මේ ස්ථානයෙන් ඉවත්ව යන්න” යනුවෙන් එංගලන්තයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණය කළ දෙමළ ඩයස්පෝරාවේ සාමාජිකයන්ට හස්ත ම්‍රදාවෙන් කළ ප්‍රකාශයේ ඇතුළත් වන අදහස බව බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු හමුදාපතිවරයාට ලිඛිතව ඉදිරිපත් කර ඇති බව සඳහන් වෙයි.

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා තවදුරටත් එම ලිපියෙන් පැහැදිලි කර ඇත්තේ ඔහු හස්ත මුද්‍රාවෙන් සිංහ කොඩිය පෙන්වන්නේ ශ්‍රී ලංකාව යන අර්ථය වන අතර ගෙල අසලින් ඇඟිල්ල හරහට ගෙන යන්නේ අවසන් කළා බව පෙන්වීමට බවයි.

පරණ කෝන්තරයක්‌ පිරිමසා ගන්න 78 හැවිරිදි පුද්ගලයකුට දේශපාලන හයිය පෙන්නලා

ම්බන්තොට වැලිගත්ත කීර්තිපුර ගම්මානයේ නිවසකට 06 වැනි දින අලුයම කඩා වැදුණු ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය සභාවට තරග කරන කීර්තිපුර ප්‍රදේශයේ අපේක්‍ෂකයකුගේ ආධාරකරුවන් දෙදෙනකු විසින් (78) හැවිරිදි පුද්ගලයකුට පහරදී ඇසකට තුවාල කර ඇති බව හම්බන්තොට පොලිසියෙන් වාර්තා වේ.

මැතිවරණ ප්‍රතිඵල ජ්‍යොතිෂයෙන් කල්තියා දැනගන්න බැරිද?

මේ එළඹ ඇත්තේ මැතිවරණ සමයකි. මෙවැනි ඡන්දවලදී විශේෂයෙන් සමාජ කරලියට පැමිණෙන පුද්ගලයෝ වර්ග කිහිපයක් වෙති. ඔවුන් අතුරින් මැතිවරණ අනාවැකි කීමට කල එළි බසින ‍ජ්‍යොතිෂවේදීන්ට අප සමාජයෙන් විශේෂ ආකර්ෂණයක් හිමි වෙයි.

රූපවාහිනී රියැලිටි වැඩසටහන් මගින් 'තරු' බිහි කිරීම මේ දිනවල ශීඝ්‍රාකාරයෙන් සිදුවෙමින් තිබේ. රියැලිටි වැඩසටහන් මගින් නොවුණත් ජනමාධ්‍ය මගින් දොරට වඩමවන '‍ජ්‍යොතිෂ තරු' කිහිපයක් මේ රටේ සිටිති. ඉතා තරඟකාරී මට්ටමින් එකිනෙකා පරයමින් අසන්නවුන්ගේ ලොමු දැහැ ගැන්වෙන අන්දමේ අනාවැකි කීම නිසා ඔවුහු එලෙස ජනකාන්ත බවට ද, තරු බවටද එසේ නැතහොත් නවීන ග්‍රාම්‍ය ව්‍යවහාරයට අනුව කිවහොත් '‍පොරවල්' බවටද පත්ව හිඳිති.

ඔස්ට්‍රේලියාවට ප්‍රතිකාර ගන්න ගිය සුපිරි ක්‍රීඩක සනත් ජයසූරියගේ එලියට ආපු අලුත්ම කතාවක් මෙන්න - sanath jayasuriya

ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කතා කරද්දි එහි හිටපු ප්‍රබලම ක්‍රීඩකයෙක් විදියට සනත් ජයසූරිය හඳුන්වන්න පුළුවන්.

ලංකාව ලැබූ ජයග්‍රහණ රැසක පසුපස සිටි සනත් ලංකාවේ නම ජාත්‍යන්තරය ඉදිරියේ බබලවපු ක්‍රීඩකයෙක්.

කොටි හිතවාදීන්ට බෙල්ලේ කට් පෙන්නූ කවුද මේ ප්‍රියංක ප්‍රනාන්දු - Priyankara Fernando


ලන්ඩන් නුවරදී කොටි හිතවාදීන්ගේ අරියාදුවට පිළිතුරු ලෙස ‘බෙල්ල කට්‘ සංඥාව නිකුත් කළ බ්‍රිගේඩියර්වරයා පිළිබඳ මේ වනවිට සමාජ මාධ්‍ය තුළ විශාල කථාබහක් ඇතිව තිබේ.



ඔහු කවුරුන්ද මේ දක්වා සිදු කළේ මොනවාද යන්න ගැනද ඇතැමුන්ට කුකුසක් පැනනැගී ඇත.


වන්නි මානුෂීය මෙහෙයුමේදී කොටි නායක ප්‍රභාකරන්ගේ මුලතිව් බළකොටුව හා ඒ අවට ගම් වැසියන් මුදා ගැනීම් සටනට 591 බලසේනාව යටතේ 11 වන ගැමුණු රෙජිමේන්ත්තු අණදෙන නිලධාරී ලෙස 
එවකට කර්නල් ධූරය දැරූ වත්මන් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු සුවිශාල මෙහෙවරක් ඉටු කළ අයෙකි.

හෙට ඡන්දෙට පෙර ලැයිස්තුවේ ඔබේ නම ඇත්දැයි මෙතනින් බලාගන්න

හෙට (10) පැවැත්වෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට ඡන්දය පාවිච්චි කිරීමට යාමේදී ඔබේ ජාතික හැඳුනුම් පත රැගෙන යායුතුය. 

බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු මන්ත‍්‍රී රනිල් ජයවර්ධන ලංකාවට - Ranil Jayawardena

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු මන්ත‍්‍රී රනිල් ජයවර්ධන මහතා දෙදින නිල සංචාරයක් සඳහා ලබන 15 වැනි දා දිවයිනට පැමිණෙන බව ශ්‍රී ලංකාවේ බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

එංගලන්ත රාජකීය සිරිත් රජ පවුලටත් හිරිහැරයක්‍ෙ වෙලාලු : Royal Family

වසරතුන්සිය පනහකට අධික කාලයක විදෙස් අධිරාජ්‍යයන්ගේ පාලනයෙන් මිදී ස්වාධින, නිවහල් රටක් බවට පත්වෙලා මේ වසරට අවුරුදු හැත්තෑවක් වෙනවා. මෙහි සැමරුම් උත්සවය පසුගිය හතරවෙනිදා මහත් හරසරින් සැමරුවා. මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වූවේ බ්‍රිතාන්‍යයේ දෙවෙනි එළිසබෙත් රැජිනගේ බාල පුතාවන එඩ්වර්ඩ්කුමරු සහ ඔහුගේ ආර්යාව වන සොෆී කුමරියයි. මීට කලින් 1998 දී පනස් වෙනිනිදහස් දින උත්සවයට බ්‍රිතාන්‍යයේ කිරුල හිම් චාර්ල්ස් කුමරාත් ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වුණා. අපේ රට වැඩිම කාලයක් යටත්කරගෙන සිටියේ ලන්දේසින්. ඊට පස්සේ තවත් වසර එකසිය පනහක් විතර පාලනය කළේ ඉංග්‍රීසින්. ලන්දේසීන්ට සාපේක්ෂව ඉංග්‍රීසින් අපේ රටේ ගොඩාක් වෙනස්කම්කළා. 

සීත ඔලිම්පික් උළෙළ උණුසුම් කර ට්‍රම්ප් දියණිය

අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දියණිය වන ඉවන්කා ට්‍රම්ප් මේ දිනවල ජාත්‍යන්තරයේ දැඩි කථා බහට ලක්වී තිබෙනවා. ඒ, දකුණු කොරියාවේ පියොංචෑන් නුවර පැවැත්වෙන සීත ඍතු ඔලිම්පික් උලෙල සඳහා අමෙරිකාව නියෝජනය කිරීමට ඉවන්කා සූදානම් වීමත් සමගයි. 

කිලිනොච්චියේ රණවිරුවෝ දහසකට අධික පිරිසකගෙන් තවත් උතුම් වැඩක්

කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් සේනාංකයන්හි යුද හමුදා සෙබලුන් 1300 කට අධික පිරිසක් කිලිනොච්චියේ පිහිටි ප්‍රාදේශීය රෝහල් පිලසකර කිරීම හා ලේ දන් දීමේ වැඩසටහනක් මේ දිනවල සංවිධානය කොට ඇත.

කිලිනොචචිය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් අජිත් කාරියකරවන මහතාගේ සංකල්පයකට හා උපදෙස් මත 66 වන සේනාංකයේ සේනංකාධිපති මේජර් ජෙනරාල් දුමින්ද කැප්පටිවලාන හා 65 වන සේනංකාධිපති මේජර් ජෙනරල් සරත් වීරවර්ධන යන අයගේ අධීක්ෂණයෙන් යුද හමුදා භට පිරිස් ශ්‍රම දායකත්වයෙන් මෙම වැඩසටහන් මාලාව සංවිධානය කොට ඇත.

අඟුලාන දුම්රිය අනතුරෙන් මියගිය දෙන්නෙක්‌ම දුම්රිය සේවකයෝ; එක්‌ අයෙක්‌ අලුත උපන් බබා බලන්න රෝහලට යමින් සිටියේ

"දුම්රිය අනතුරින් මියගිය දෙදෙනෙක්‌ දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයන්. ඉන් එක්‌කෙනෙක්‌ වන ධම්මික වැඩ ඇරිලා දුම්රියෙන් ගිහින් තියෙන්නේ කළුතර, නාගොඩ රෝහලේදී තම බිරිඳට උපන් දරුවා බලන්න. ඒ යද්දී තමයි ඔහු මේ අවාසනාවන්ත සිද්ධියට මුහුණ පාලා තියෙන්නේ..." යෑයි රත්මලාන දුම්රිය අංගනයේ පරිපාලකයකු වන ඡේ. එම්. පී. ඒ. ජයවීර මහතා පැවසීය.

ලුනාව සහ අඟුලාන දුම්රිය ස්‌ථාන අතර ධාවනය වෙමින් තිබූ දුම්රියක පාපුවරුවේ ගමන් ගත් පිරිසකගෙන් සිවුදෙනකු මහ මාර්ගයේ පසුපසට ගනිමින් තිබූ ලොරියක පිටුපස ගැටී මරුමුවට පත්වීමේ සිද්ධිය ගැන තොරතුරු සොයන්නට කළුබෝවිල දකුණු කොළඹ ශික්‌ෂණ රෝහල් අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයට ඊයේ (06 දා) ගිය අවස්‌ථාවේ ඒ මහතා එසේ කියා සිටියේය.

අප එහි යන විටත් මෙම අනතුරින් මියගිය දෙදෙනකුගේ මෘත ශරීර කළුබෝවිල දකුණු කොළඹ ශික්‌ෂණ රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබිණි. අනෙක්‌ දෙදෙනාගේ මළ සිරුරු ලුනාව රෝහලේ තබා ඇතැයි දැනගන්නට ලැබිණ.

TV පෙම්වතා FM පෙම්වතියට පහරදීලා

ජනප්‍රිය ගුවන් විදුලි නාලිකාවක තරුණ නිවේදිකාවකට පහරදුන් බව කියන ජනප්‍රිය පෞද්ගලික රූපවාහිනී නාලිකාවක තරුණ නිවේදකයෙකු කොල්ලුපිටිය පොලිසියේ විවිධ පැමිණිලි විමර්ශන අංශයේ පොලිස් කණ්ඩායමක් විසින් පසුගියදා අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
අත්අඩංගුවට ගත් නිවේදකයා විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ පුතෙකු 
බවද වාර්තාවේ.

ආධාරකරුවන් වෙනුවෙන් නිතියට හිස නැමූ රජිත - සිරගෙයි සිට ලියා එවු හිත හිරිවට්ටන ලිපිය

මෙවර මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා ගියවරට සාපේක්ෂව තරමක් අඩු බවට වාර්තාවනව. නමුත් ආධාරකරුවන් දෙපිරිසක් අතර ඇතිවු කොන්තරයක් හේතුවෙන් අපේක්ෂකයාටද සිරගෙයි ලැගීමට සිදුවූ පුවතක් නුවර ප්‍රදේශයෙන් වාර්තාවනව. ඒ නුවර මහ නගර සභාවට එ ජා පයෙන් තරගවදින රජිත සමරසූරිය වෙතයි.  අපට වාර්තාවන පරිදි අදාර කරුවන් වෙනුවෙන් තමා නීතිය හමුවේ හිස නැමීම හේතුවෙන් මොහුට මෙම ඉරනම අත්ව තිබෙන බවටයි ගොසිප්99 අපට වාර්තාවෙන්නෙ.

කෙසේ නමුත් සිරගෙයි ලැගීමට වුවත්  තම හිතාදර පාක්ෂිකයන් අමතක නොකිරීමට එම අපේක්ෂකයා කටයුතු කල පුවතක් සමාජ ජාලා වෙබ් අඩවිතුල මේ දිනවල සැරි සරනවා. ඒ බෝගම්බර සිර මැදිරියේ සිට  පාක්ෂිකයන්ට එවු ලිපියකි ... ඒ මෙලෙසිනි

පියුමි හංසමාලි ජැක්සන්ගේ බිරිඳ වෙයි

පියුමි  කියන්නේ ලංකාවේ අාන්දෝලනාත්මක පුවත් මවන චරිතයක් . නිරූපණ ශිල්පිණියක් වුණ පියුමි මියුසික් වීඩියෝවලට රංගනයෙන් දායක වෙලා තියෙනවා. පහුගිය කාලයේ ඉරාජ්ගේ වීඩියෝ එකක රඟපෑව පියුමි ගැන රටේ ලොකු කතා බහක් අැති වුණා.
කොහොම වුනත් පියුමිට කොලිවුඩ් සිනමාවට එකතු වෙන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. සති අන්ත පුවත්පතකට පියුමි අැයට මේ අවස්ථාව ලැබුණ හැටි කියලා තිබ්බා. විශේෂම කාරණාව තමයි පියුමි රඟපාන කොලිවුඩ් චිත්‍රපටියේ ප්‍රධාන චරිතය රඟපාන්නේ ප්‍රවීන රංගන ශිල්පී ජැක්සන් අැන්තනී මහතා.

සම්බාහනයට මුවා වී විකිණෙන තරුණියක් ජීවිතේ ගැන කියූ කතාව

අනුරාධපුරය විශාල නගරයකි. ඒ නගරය පුරා ඇස ගැටෙන සම්බාහන බෝඩ් ලෑලි එමටය. නා නා ප්‍රකාර නම්වලින් ප්‍රසිද්ධය. එහෙත් එම සම්බාහන මධ්‍යස්‌ථාන බොහෝමයක සිදු වන්නේ සම්බාහනයට මුවා වී සංවාසයේ යෙදවීමකි. එවැනි ඇතැම් සම්බාහන කඩ අනුරාධපුර නගරය තුළ දවස මුළුල්ලේ විවෘතය. හයෙන් පස්‌සේ ‘මෙම්බර්ස්‌ ඔන්ලි’ රහස්‌ දොරටුවෙන් ඇතුළටය. එතැනින් එහාට සම්බාහනයක්‌ නැත. සම්බාහිකාවන් සමඟ රිසි සේ සතුටු විය හැකිය. වැඩේට ඉඩ කඩ කුටි ද හරි අපූරුවට වෙන් කර තිබේ. හදවත් සසල කරවන්නේ ලෝකවාසී බෞද්ධ ජනතාවගේ වන්දනාවට පාත්‍ර වූ අති උතුම් සිරිමා බෝධීන් වහන්සේ වැඩ සිටින පූජා භූමිය ආසන්නයේ ද සම්බාහන ගුබ්බෑයම් විවෘත වී තිබීම නිසාය. හේන්වල, කුඹුරුවල වැඩ කරන මිනිස්‌සු, පූජා භූමියේ මල් විකුණන ‘මල් කොල්ලො’ දවස තිස්‌සේ හරි හම්බ කරන සොච්චම සම්බාහන ගුබ්බෑයම්වලට පූජා කර යන අයුරු දකින විටය.

හොකී ඉතිහාසයේ දැවැන්තම තරඟ පාවා දීමේ විමර්ශනයේ බාලගිරි තමරා?


හිටපු දුෂිත හොකී පරිපාලනයේ අනුභාවයෙන් වසර 4ක් ආසන්න පුරා පවත්වන්නට නොහැකි වූ ජාතික හොකී තරගාවලිය පසුගිය 19 වන දා රීඞ් මාවත කෘත්‍රිම හොකී පිටියේදී පැවැත්විණි.

වසර දෙකක් තිස්සේ ශ්‍රී ලංකා හොකී සම්මේලනයේ ක්‍රියාකාරීත්වය අත්හිටුවා තිබීම හේතුවෙන් මෙවර එය සංවිධානය කර තිබුනේ ක්‍රීඩා අමාත්‍යාංශය විසිනි.

එහිදී පැවැති තරගයකදී රාජ්‍ය සේවා කණ්ඩායම විසින් මාතර දිස්ත්‍රික් කණ්ඩායම ගෝල 28-0 කින් පරාජයට පත් කිරීම සැකයට තුඩු දෙන තරග ප්‍රතිඵලයක් බවත් එහි තරග පාවාදීමක් ඇතිදැයි සොයා බලන ලෙසත් ඉල්ලා වෙළෙඳ සේවා හොකී කණ්ඩායම තරග සංවිධායකයන්ට විරෝධතාවයක් භාරදී තිබේ.

''එකම දැයක් '' 70 වැනි ජාතික නිදහස් සැමරුම අදයි - 70 Independence Day

''එකම දැයක් '' තේමාව කොට ගත් 70 වැනි සංවත්සරික ජාතික නිදහස් සැමරුම අභිමානවත්ව කොළඹ ගාලු මුවදොර දී අද (4) පෙ.ව.8.00 ට පැවැත්වීමට නියමිතව තිබේ.

ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ සංවිධානයෙන් සහ අනෙකුත් සියලු රාජ්‍ය ආයතනවල සහභාගීත්වයෙන් නිදහස් උළෙල පවැත්වෙයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාඅත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් සහ රජයේ මැති ඇමැතිවරු ඇතුළු දෙස් විදෙස් විශේෂ ආරාධිත අමුත්තන්,රාජ්‍ය තාන්ත්‍රිකයන් රැසකගේ සහභාගීත්වයෙන් අභිමානවත් නිදහස් සැමරුම පැවැත්වෙයි.

විවේචන වලින් පසු ලැප්ටොප් නැටුම ඉවතට

හෙට ඉරිදා ගාලු මුවදොරදී පැවැත්වීමට නියමිත 70 වැනි ජාතික නිදහස් දින සැමරුම් උළෙලේ සංදර්ශන පෙළපාලියේදී “නවීන විද්‍යාඥයා” යන තේමාව යටතේ බිංගිරිය අධ්‍යාපන විද්‍යා පීඨයේ ශිෂ්‍යාවන් ඉදිරිපත් කිරීම සඳහා සූදානම්වූ නැටුම් අංගය දැඩි විවේචන නිසා වෙනස් කර ඇත.

එහිදී පයිප්ප බටවලින් තැනූ දුරේක්ෂ හා කාඩ්බෝඩ්වලින් තැනූ ලැප්ටොප් අනුරූ යොදාගනිමින් විද්‍යාත්මක සංවර්ධනය විදහාපැමට අමුතු ආකාරයේ නැටුමක් පෙර සූදානම් කළ නමුත් පෙරපුහුණුවීම් වලදී මෙය දැක මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමෙන් පසු විවේචන මතුවිය.