BREAKING NEWS
latest

728x90

468x60

කිලිනොච්චියේ රණවිරුවෝ දහසකට අධික පිරිසකගෙන් තවත් උතුම් වැඩක්

කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් සේනාංකයන්හි යුද හමුදා සෙබලුන් 1300 කට අධික පිරිසක් කිලිනොච්චියේ පිහිටි ප්‍රාදේශීය රෝහල් පිලසකර කිරීම හා ලේ දන් දීමේ වැඩසටහනක් මේ දිනවල සංවිධානය කොට ඇත.

කිලිනොචචිය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් අජිත් කාරියකරවන මහතාගේ සංකල්පයකට හා උපදෙස් මත 66 වන සේනාංකයේ සේනංකාධිපති මේජර් ජෙනරාල් දුමින්ද කැප්පටිවලාන හා 65 වන සේනංකාධිපති මේජර් ජෙනරල් සරත් වීරවර්ධන යන අයගේ අධීක්ෂණයෙන් යුද හමුදා භට පිරිස් ශ්‍රම දායකත්වයෙන් මෙම වැඩසටහන් මාලාව සංවිධානය කොට ඇත.

මේ අනුව කිලිනොච්චිය ඌරතීපුරම් , වරාවිල් , මුලන්කාවිල් ,අක්කරායකුලම් හා මල්ලාවි යන රෝහල්වල තිබූ අඩු පහසුකම් සියල්ලක්ම සපයා දෙමින් අවශ්‍ය රෝහල් පිලිසකර කරදෙමින්ද සියලු රෝහල්හි අභ්‍යන්තරය හා පිටත සම්පූරණයෙන්ම පිරිසිදු කිරීමට යුදහමුදා සෙබලුන් 1300 කට අධික ප්‍රමාණයක් යොදවා ඇත.

ඊට අමතරව අදාල රෝහල්හි නේවාසික ප්‍රතිකාර ලබන රෝගීන්ට දිවා ආහාර වේලක් හා තේ පැන් ලබා දීමටද යුද හමුදා සෙබලුන් විසින් පියවර ගෙන තිබුණි.

මේ අතරම යුද හමුදා සෙබලුන් විසින් පිලිසකර කරන රෝහල් වලට අවශ්‍ය ලේ එම රෝහල්හි වෙවෙද්‍යවරුන්ගේ හා කාර්ය මණ්ඩලයේ දායකත්වයෙන් යුද හමුදා සෙබලුන් විසින් ලේ දන්දීමද සිදු කරනු ලැබුවේ 66 වන සේනංකාධිපති මේජර් ජෙනරල් දුමින්ද කැප්පටිවලාන මහතාගේ අධීක්ෂණයන් පරිදිය.

– වන්නි රොමේෂ් මධුෂංඛ
« PREV
NEXT »

Facebook Comments APPID