BREAKING NEWS
latest

728x90

468x60

''එකම දැයක් '' 70 වැනි ජාතික නිදහස් සැමරුම අදයි - 70 Independence Day

''එකම දැයක් '' තේමාව කොට ගත් 70 වැනි සංවත්සරික ජාතික නිදහස් සැමරුම අභිමානවත්ව කොළඹ ගාලු මුවදොර දී අද (4) පෙ.ව.8.00 ට පැවැත්වීමට නියමිතව තිබේ.

ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ සංවිධානයෙන් සහ අනෙකුත් සියලු රාජ්‍ය ආයතනවල සහභාගීත්වයෙන් නිදහස් උළෙල පවැත්වෙයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාඅත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් සහ රජයේ මැති ඇමැතිවරු ඇතුළු දෙස් විදෙස් විශේෂ ආරාධිත අමුත්තන්,රාජ්‍ය තාන්ත්‍රිකයන් රැසකගේ සහභාගීත්වයෙන් අභිමානවත් නිදහස් සැමරුම පැවැත්වෙයි.

ත්‍රිවිධ හමුදා ආචාර පෙළපාළිය, සංස්කෘතික සංදර්ශන සමඟින් නිදහස් දින පෙළපාලිය වර්ණවත් වෙයි. ආචාර පෙලපාලිය සඳහා ශ්‍රී ලංකා යුධ හමුදාව 3620ක්, ශ්‍රී ලංකා නාවික හමුදාව 1249ක් ශ්‍රී ලංකා ගුවන් හමුදාව 830ක් ශ්‍රී ලංකා පොලීසිය 800ක් සිවිල් ආරක්ෂක බලකාය 505ක් ජාතික ශිෂ්‍ය භට බලකාය 100ක් සහභාගී වෙයි.

එමෙන් ම සංස්කෘතික සංදර්ශන සඳහා පළාත් සංස්කෘතික කණ්ඩායම්, පාසල් සිසු සිසුවියෝද විශාල පිරිසක් එක්වෙති. නිදහස් දිනය සැමරෙන අද දින ආගමික වැඩසටහන් රැසක් පවැත්වෙන අතර ,ජාතියේ නිදහස වෙනුවෙන් කැප වූ ජාතික විරුවන් අනුස්මරණය කෙරෙන පුෂ්පෝපහාර පැවැත්වීමද සිදු කිරීමට නියමිතය.

අද දින රාත්‍රියේ ''නිදහස් රෑ ''සංස්කෘතික සංදර්ශනය හා සංගීත ප්‍රසංගය පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම සංස්කෘතික ප්‍රසංගය සඳහා බ්‍රිතාන්‍ය රාජකීය නියෝජිත එඩ්වර්ඩ් කුමරු ද සහභාගී වීමට නියමිතය.

කොළඹ මහ නගර සභා පරිශ්‍රයේදී රාත්‍රී 8.30 ආරම්භවන මෙම සංගීත සංදර්ශනයේ දී ජාතික තරුණ සේවා සභාව, ශ්‍රී ලංකා පොලිසිය, නාවික හමුදාව, යුද හමුදාව, ගුවන් හමුදාව, සිවිල් ආරක්ෂක බලකාය විසින් විවිධ විශේෂාංග ඉදිරිපත් කිරීමට නියමිතය.
« PREV
NEXT »

Facebook Comments APPID