BREAKING NEWS
latest

728x90

468x60

බෙල්ලේ කට් පෙන්නපු එකේ අදහස බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු හමුදාපතිට ලිඛිතව දන්වයි

අපේ රටේ කොටි ත්‍රස්තවාදය අවසන් කර හමාරයි. එම නිසා තවදුරටත් උද්ඝෝෂණය කිරීමෙන් පලක් නැහැ. මේ ස්ථානයෙන් ඉවත්ව යන්න” යනුවෙන් එංගලන්තයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණය කළ දෙමළ ඩයස්පෝරාවේ සාමාජිකයන්ට හස්ත ම්‍රදාවෙන් කළ ප්‍රකාශයේ ඇතුළත් වන අදහස බව බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු හමුදාපතිවරයාට ලිඛිතව ඉදිරිපත් කර ඇති බව සඳහන් වෙයි.

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා තවදුරටත් එම ලිපියෙන් පැහැදිලි කර ඇත්තේ ඔහු හස්ත මුද්‍රාවෙන් සිංහ කොඩිය පෙන්වන්නේ ශ්‍රී ලංකාව යන අර්ථය වන අතර ගෙල අසලින් ඇඟිල්ල හරහට ගෙන යන්නේ අවසන් කළා බව පෙන්වීමට බවයි.

එංගලන්තයේ අවසන් යන අර්ථය හස්ත මුද්‍රාවෙන් පෙන්වන්නේ ඒ ආකාරයටය. එම රටේ භාවිතා වන්නේ එවැනි සංඥා අර්ථයන් වෙයි.

ඒ අනුව බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු රණවිරුවා එංගලන්තයේ මහකොමසාරිස් කාර්යාලය අසලට එක් රොක් වී සිටි දෙමළ ඩයස් පෝරාවේ සාමාජිකයන් උද්ඝෝෂණයක යෙදී සිටි අවස්ථාවේ හස්ත මුද්‍රාවන් ශ්‍රී ලංකා ලාංඡනය සහ ගෙල පෙදෙස හරහා අත පෙන්වා හස්ත මුද්‍රාවෙන් කළ ප්‍රකාශයේ කිසිදු වරදක් නොමැති බව ඔහු සම්බන්ධව පැවැත් වූ පරීක්ෂණයෙන් තීරණය කර තිබේ.

එංගලන්ත මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරයකු ලෙස කටයුතු කරන බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු රණවිරුවා පසුගිය 4 වැනිදා මෙරට 70 වැනි නිදහස් සමරු දිනයේ දී සිය රාජකාරී කටයුතුවල යෙදී සිටියදී දෙමළ ඩයස්පෝරාවේ සාමාජිකයන් එම මහ කොමසාරිස් කාර්යාලය වටකර දැඩි උද්ඝෝෂණ ව්‍යාපාරයක් ආරම්භ කර ඇත. ප්‍රභාකරන් ඝාතනය කළා යන්න සම්බන්ධයෙන් ඔවුන් එසේ උද්ඝෝෂණය කර ඇත.

ඒ අවස්ථාවේ ඔවුන් එම ස්ථානයෙන් ඉවත් කිරීම සඳහා ඔවුන් වෙත ගොස් මේ ආකාරයෙන් ඔවුන් සන්සුන් කර ඉවත් කිරීමේ අරමුණ මත මෙරට ත්‍රස්තවාදය අවසන් බවත් කිසිදු ගැටලුවක් දැන් නොමැති නිසා මෙවැනි උද්ඝෝෂණ කිරීමෙන් පලක් නොමැති බව ඔවුන්ට කියා දුන් බවත් බ්‍රිගේඩියර් ප්‍රියංක රණවිරුවා හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා වෙත ලිඛිතව එවා ඇති ලිපියේ සඳහන් වෙයි. බ්‍රිගේඩියර් ප්‍රියංක රණවිරුවා හස්ත මුද්‍රාවෙන් කළ ප්‍රකාශයෙන් ගම්‍ය වෙන්නේ ගෙල කපනවා, ඝාතනය කරනවා යන අර්ථය බවත් ඒ සම්බන්ධයෙන් ඔහුට දඬුවම් දිය යුතු බවත් දෙමළ ඩයස් පෝරාව සහ විවිධ වෙබ් අඩවි අන්තර් ජාලය ඔස්සේ ප්‍රචාරයක් ගෙන ගොස් තිබුණා.

ඒ අවස්ථාවේ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු රණවිරුවාට එම බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයෙන් පැවරී තිබූ වගකීම්වලින් ඉවත් කර ඔහුගේ ප්‍රකාශය සම්බන්ධව වහාම පරීක්ෂණයක් සිදු කිරීමට බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය කටයුතු යොදා තිබුණි.

ඒ අවස්ථාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වහාම ඊට සම්බන්ධ වී බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු සිදු කරමින් සිටි කිසිදු කටයුත්තකින් ඉවත් නොකර ඔහු සම්බන්ධව පරීක්ෂණයක් සිදුවෙනා නම් එය සිදු කරන ලෙස දැනුම් දී තිබුණි.

ඒ අනුව ඒ වනවිට බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුගෙන් ඉවත් කර තිබූ සියලු වගකීම් යළි ඔහු වෙත ලබාදී ඇත.

හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගේ උපදෙස් මත යුද්ධ හමුදාව බ්‍රිගේඩියර් ප්‍රියංක හස්ත මුද්‍රාවෙන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහුගෙන් කරුණු විමසා තිබුණි.

ඊට පිළිතුරු වශයෙන් බ්‍රිගේඩියර් ප්‍රියංක තමා හස්ත මුද්‍රාවෙන් කියූ දෙයින් ගම්‍ය වන අදහස ඇතුළත් කරුණු ලිඛිතව හමුදාපතිවරයා වෙත ඉදිරිපත් කර ඇත.

ඒ අනුව බ්‍රිගේඩියර් ප්‍රියංක රණවිරුවා පළ කළ අදහස්වල කිසිදු වරදක් නොමැති බව පරීක්ෂණ අංශ තීරණය කර තිබේ.

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කළ කරුණ සහ ඔහු විසින් කිසිදු වැරැද්දක් කර නොමැතිවීම සම්බන්ධව යුද්ධ හමුදාපතිවරයා විසින් ජනාධිපති සේනාධිනායක මෛත්‍රීපාල සිරිසේන මහතාව ද දැනුවත් කර ඇත.
« PREV
NEXT »

Facebook Comments APPID