BREAKING NEWS
latest

728x90

468x60

ආධාරකරුවන් වෙනුවෙන් නිතියට හිස නැමූ රජිත - සිරගෙයි සිට ලියා එවු හිත හිරිවට්ටන ලිපිය

මෙවර මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා ගියවරට සාපේක්ෂව තරමක් අඩු බවට වාර්තාවනව. නමුත් ආධාරකරුවන් දෙපිරිසක් අතර ඇතිවු කොන්තරයක් හේතුවෙන් අපේක්ෂකයාටද සිරගෙයි ලැගීමට සිදුවූ පුවතක් නුවර ප්‍රදේශයෙන් වාර්තාවනව. ඒ නුවර මහ නගර සභාවට එ ජා පයෙන් තරගවදින රජිත සමරසූරිය වෙතයි.  අපට වාර්තාවන පරිදි අදාර කරුවන් වෙනුවෙන් තමා නීතිය හමුවේ හිස නැමීම හේතුවෙන් මොහුට මෙම ඉරනම අත්ව තිබෙන බවටයි ගොසිප්99 අපට වාර්තාවෙන්නෙ.

කෙසේ නමුත් සිරගෙයි ලැගීමට වුවත්  තම හිතාදර පාක්ෂිකයන් අමතක නොකිරීමට එම අපේක්ෂකයා කටයුතු කල පුවතක් සමාජ ජාලා වෙබ් අඩවිතුල මේ දිනවල සැරි සරනවා. ඒ බෝගම්බර සිර මැදිරියේ සිට  පාක්ෂිකයන්ට එවු ලිපියකි ... ඒ මෙලෙසිනි



සිර මැදිරියේ සිට ලියා එවමි

මෙවර මහනුවර මහ නගර සභා මැතිවරණයේදි අරුප්පල නාගරික කොට්ඨාශයෙන් තරග වදින මාගේ මැතිවරණ මෙහෙයුම් කටයුතු ආරම්භ කල දිනයේ පටන් මා සමග අත්වරල් බැදගත් ඔබ සැම සිහිපත් කරන්නේ හදපිරි කෘතවේදිත්වයෙනි.

මහනුවර ඉපදී, හැදී වැඩුනු මා මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයෙන් උසස් පෙළ දක්වා අධ්‍යාපනය හැදෑරුවේ පොත පතේ දැනුම සේම, ක්‍රීඩා ඇතූළු බොහෝ විෂය බාහිර කටයුතු වලදීද පාසලේ මුල්තැනක් ගනිමිනුයි. එහිදී නායකත්වය උදෙසා ලද පන්නරය මෙතෙක් මාගේ ගමන එලිය කල මගපෙන්වීම වූ බව සිහිපත් කරන්නේ ශීර්ෂ ප්‍රණාමයෙන් යුක්තවයි.

2011 වසරේ ජනතාව ඉදිරියේ මා දේශපාලනයේ පළමු පියවර තැබූයේ මහනුවර මහා නගර සභාවේ එවක ලාබාලතම අපේක්ෂකයා ලෙසයි. මහනුවර දේශපාලනයේ පරිනතම පූර්වාදර්ශය වූ අධිනීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමාගේ ආශිර්වාදයෙන් තරුණ අපේක්ෂකයෙකු ලෙස එදා ඇරඹූ ගමන, 2011 පළාත් පාලන මැතිවරණයේදී ජනතා මනාප 1660 ක් ලබා දෙමින් ඔබ ලබාදුන් ශක්තියෙන් හෙට දවසේ ගම නංවන ගමනක මූලාරම්භය වූ බව මා විශ්වාස කරමි. පසුගිය වසර දෙකහමාර තුල කිසිදු මන්ත්‍රී ධුරයක් නොමැතිව මාගේ නායක ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මැතිදුන්ගේ පුර්ණ ආශිර්වාදයෙන් ඔබ වෙනුවෙන් දැවැන්ත මෙහෙවරක් කිරීමද එම ආරම්භය රුකුලක් විය. 

දස වසරකට වඩා කාලයක් තනතුරුවලින් බැබලෙන්නට පමණක් සීමා වූ ජනතා නියෝජිතයින් හිස් අතින් ඔබ ඉදිරියට එද්දී, ඔබ අප යන එන මාර්ගයේ පැවති අඩුපාඩු මමද දුටුවෙමි. ගරා වැටෙන පොදු ගොඩනැඟිලි, වල් බිහිවෙමින් පැවති පොදු ක්‍රීඩාංගණය මමද දුටුවෙමි. තනතුරු ලැඛෙන තුරු කල් බලා නොසිට ඔබද සමඟ එක්ව අවැසි සංවර්ධනය ගමට ගෙන එන්නට මා පෙරමුණ ගත්තේ එහෙයිනි. එදා ඇරඹූ එ් ගමන මෙතෙක් වසර 03ක් තුල කොපමණ දුරක් ආවාද යන්න මා මුල්වී කාපට් කල, කොන්ක්‍රීට් යොදා නවීකරණය කල මා්ර්ගයන්හී ගමන් කරන ඔබ හොඳින් අත්දකිනවා ඇති. පොදු පහසුකම් එකින් එක ගමට ලැඛෙන අයුරු දකින ඔබ පිලිගන්නවා ඇති. 

මෙවර පලාත් පාලන මැතිවරණයට අරුප්පල ලේවැල්ල කොට්ඨාශයේ එක්සත් ජාතික පක්ෂ නියෝජිතයා ලෙස මා ඉදිරිපත් වන්නට දිරි දුන් ශක්තිය වූයේද එ් සංවර්ධනය ගමට ඉල්ලා සිටි ගෞරවණීය ඔබයි. මැතිවරණ ව්‍යාපරය ආරම්භයේ සිටම මා හට ශක්තියක් වූ දහසක් දෙනා පාට පක්ෂ භේද අතහැර මා සමඟ අත්වැල් බැඳගත්තේද මා පිලිබඳ වූ එ් විශ්වාසය නිසා බව මේ මොහොතේ සිහිපත් කරමි.

ගමට හිතැති දහසක් දෙනා මා වටා එක් වද්දී එ් දැක කුපිිත වු බංකොලොත් ප්‍රතිපාක්ෂික අපේක්ෂකයින් අභූත චෝදනා නගා එ් ගමන අවහිර කරන්නට වෑයම් කරද්දී, මා කලේ ජනතාව සමඟ ඇරඹූ ගමන පෙරට යෑම පමණි. අවසන මා සිරගත කර හෝ ඔවුන්ට අවැසි වූයේ මේ ගමන නතර කිරීමයි. නමුත් ජනතාව වෙනුවෙන් සිටිනා මිනිසෙකු වෙනුවෙන් කොතෙක් නම් අත්වැල් බැෙඳනවාද යන්න අද මා මෙන්ම මා සිරකල විරුද්ධවාදීන්ද අත්දකින්නේ මේ මෙහොතේද මා වෙනුවෙන් යමක් කරන්නට වෙහෙසෙන සුවහසක් මිනිසුන් දකින විටයි. මේ මොහොතේදීත් මාගේ දෑත් ශක්තිමත් කරමින් මා දිරිමත් කරන ඔබ නැවත නැවතත් ගෞරවයෙන් සිහිපත් කරන්නේ එබැවිනුයි.

මා සිරගත කිරීමෙන් මාගේත් පක්ෂයේත් ජය වලක්වන්නට ඔවුන් අපේක්ෂා කළේනමි එය මහත් මුලාවකි.
සිරමැදිරියේ යකඩ කූරු අතර මා මහගු සවියක් ලැබුවෙම්. මාගේ ශක්තිය දෙගුණ තෙගුණ විය. ඔබේ ලෙංගතු පුතා, සොහොයුරා, මිතුරා ලෙස මා දිවිහිමියෙන් කැපවන්නට දැඩි ලෙස අදිටන් කර ගත්තෙමි.

මා දිනවන්නට කැපවන ඔබ දිනවන්නට මම මාගේ දිවියම කැපකරමි.
එන්න මා සමග එක්වන්න. අපි එක්ව ජයගමු. චිරුද්ධවාදි කුමන්ත්‍රණ ජනබලයෙන් පරදා පෙරටම යමු. ලෙසිනි



« PREV
NEXT »

Facebook Comments APPID