BREAKING NEWS
latest

728x90

468x60

දේශපාලඥයා ප‍්‍රකට නිලිය සමග නිල නිවසේ සිටියදී බිරිදට මාට්ටුවෙලා - යේක යෙතන යෙක වලියයි

කොළඹ හැර වෙනත් දිස්ත‍්‍රික්කයකින් පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලඥයෙක් කොළඹ සිය නිල නිවසේ ප‍්‍රකට රංගන ශිල්පිනියක් හා සිටියදී ඔහුගේ බිරිද හදිසියේ එහි කඩා පැන ගාලගෝටියක් ඇති වූ බව වාර්තා වෙයි.

වාර්තා වන ආකාරයට කලක් තිස්සේ මෙම සම්බන්ධය ගැන ඉව වැටී තිබූ දේශාපලඥයාගේ බිරිද මෙම සම්බන්ධය අතටම අල්ලාගෙන ඇත්තේ ඔත්තුකරුවන් මාර්ගයෙනි.

හතුරුසිංහ මේ මාසයේ වැඩ බාර ගනියි

ශ්‍රී ලංකාවේ අලුත්ම පුහුණුකරු ලෙස චන්දික හතුරුසිංහ මහතාගේ පත්වීම මීට ටික වෙලාවකට පෙර ශ්‍රී ලංකා ආයතනය නිල වශයෙන් නිවේදනය කලා.ඒ අනුව මෙම වසර අවසානයේ සිට ඔහු ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙසට කටයුතු කිරීමට නියමිත අතර බංගලාදේශයෙන් ඔහු සමුගනු ඇත.හතුරුසිංහ ලෝක ක්‍රිකට් කිරුල දිනා දුන් 96 කණ්ඩායමේද සාමාජිකයෙකු වෙනවා.

සුන්නත් කිරීම තහනම් කරන්න - ශ්‍රී ලාංකික මුස්ලිම් කතුන් රජයෙන් ඉල්ලයි..!

ළමා අවධියේදී ලිංගික සුන්නත් කිරීම්වලට ලක්වූ ශ්‍රී ලාංකික කාන්තාවන් පිරිසක් නියෝජනය කරන නීතිඥයින් සහ ක්‍රියාකාරීන් පිරිසක් පසුගියදා (06) දිනයේ අධිකරණ අමාත්‍යවරිය මුණගැසී ඇති බව වාර්තාවේ. ඔවුන්ගේ අදාළ නීති රීති තහනම් කරන මෙන් ඉල්ලා සිටින ඔවුන් මේ පිළිබඳව අමාත්‍යවරිය මුණ ගැසී සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වෙයි.

රටේ ඇතැම් මුස්ලිම් කණ්ඩායම් විසින් භාවිතා කරන ලද මෙම සම්ප්‍රදායට එරෙහිව මතයක් ගොඩ නඟමින් මෙම සංවිධාන ගත පිරිස  රැස්වීමක්ද කැඳවා ඇති බව වාර්තා වෙයි.

සනා - සබීනාගේ පෙම් හුටපටේ මෙන්න

සනත් ජයසූරිය කියන්නේ කාගෙත් ආදරය දිනාගත්ත ලෝක පූජිත ක්‍රිකට් තරුවක් කියන එක හැමෝම දන්නවා.

ඒ තරමටම සනත් දස්කම් අතර සිටි දක්ෂයෙක් කිව්වොත් නිවැරදියි.

ලොතරයිය දිනූ සතුටට ඊට පසුදා සේවා ස්ථාන ප්‍රධානියාගේ මේසය මත මළපහ කල තරුණිය

ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර ජීවත් වූ 41 හැවරිදි කාන්තාවක්, තමන් ඩොලර් මිලියන 03ක ලොතරයියක් ජයගත් බව දැන ගත් පසු මෙතෙක් සේවය කල කාර්‍යාලයේ ප්‍රධානියාගේ මේසය මත මළ පහ කල පුවතක් වාර්තා වනවා.

මෙය 2016 වසරේ සිදුවීමක්.

කෙසේ වුවද ඇයව පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන නඩු පවරා ඇතැයි වාර්තා වනවා.

හාමුදුරුවන් තවම නැතිලු - CIDය ප්‍රශ්න කරන්න බලන් ඉන්නවලු

ගල්ගමුවේ දළ පූට්ටුවාගේ ඇත් දළ යුගල අලෙවි කිරීමේ ගනුදෙනුව සිදු වූ බව කියන පොල්පිතිගම නාගල රජමහ විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්ගෙන් ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
දළ පූට්ටුවාගේ අබිරහස් ඝාතනය සම්බන්ධයෙන් සිදු වන විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දීමත් සමඟ එහි විමර්ශන කණ්ඩායමක් මේ වන විට ගල්ගමුව ප්‍රදේශයට පිටත්ව ගොස් ඇත.

ගල්ගමුවේ දළ පූට්ටුවාගේ දළ යුගල අලෙවි කිරීමට සූදානම් කර තිබියදී එම ගනුදෙනුව සිදු කිරීමට පැමිණි හේරත්ගම ග්‍රාම නිලධාරියා වූ අසංක සෙනරත් සහ හිටපු පොලිස් ආරක්ෂක නිලධාරියකු ඇත් දළත් සමඟ වලාන දූෂණ මර්දන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

සා.පෙළ අනිවාර්ය විෂයන් ප්‍ර‍මාණය අඩු වන ලකුණු

අධ්‍යාපනයේ ගුණාත්මක බව වර්ධනය කරමින්, අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගයේ අනිවාර්ය විෂයන් ප්‍රමාණය ඉදිරියේ දී විෂයන් 06 කට සීමා කිරීම පිළිබඳව අවධානය යොමු කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

නුගේගොඩ අනුලා විද්‍යාලයේ දී ජාතික සුරක්ෂා සිසු රක්ෂණාවරණ දිනය නිමිත්තෙන් අද (07) පැවති ජාතික උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

එම ප්‍රධාන විෂයන්වලට අමතර සියලු සෙසු විෂයන් ප්‍රායෝගික මෙන්ම දියුණු ඇගයීම් ක්‍රමයකට අනුව සැලසුම්කොට, විෂය මාලාවන් හී පුළුල් වෙනසක් ඉදිරියේ දී සිදුකිරීමට අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

පාසල් පෙම්වතියගේ "වැඩිවියට පත් වීම" ජයටම සමරා ජායාරූප ෆේස්බුක් දැමූ පාසල් සිසුවා


ලාංකීය සමාජයේ සංස්කෘතික වටිනාකම් සහ හැදියාව මේ වනවිට දරුණු කඬා වැටීමකට ලක්ව තිබෙනවා. 

ඒ බව තහවුරු කරන එක් සිදුවීමක් නිසා මේ වනවිට සමාජජාල තුල යම් කැළඹීමක් ඇතිවී තිබේ.

මාතර ජනාධිපති විද්‍යාලයේ ඉගෙනුම ලබන දරුවකු සිය පෙමවතියගේ යැයි හැගී යන පාසල් සිසුවියකගෙ "වැඩිවියට පත්වීමේ" අවස්ථාවක ගන්නා ලද ජායාරූප කිහිපයක් සිය ෆේස්බුක් ගිණුමේ පළ කර ඇත.

ලංකා මාතාව බබළවන්නට ඇමරිකාවට ගිය ආසියාවේ කලු සිංහයා

ශ්‍රී ලංකේය කාය වර්ධන ශූර ලූෂන් පුෂ්පරාජ්මි ස්ටර් ඇන්ඩි මිස් ඇට්ලස් ඇන්ඩ් ෆිට්නස් එක්ස්පෝ - 2017 තරගාවලිය සහභාගී වීම සඳහා නොවැම්බර් මස 26 වැනි දින ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ පුහුණු සැසිවාරවලට සහභාගී වෙමින් සිටිනවා.

ඔහුගේ පළමු තරගයට දෙසැම්බර් 9 වැනිදා පෙ.ව. 10 ට සහභාගී වීමට නියමිතව තිඛෙනවා.

එදිනම ඇමරිකානු වෙලාවෙන් ප. ව. 3ට ඔහු අවසන් මහා තරගයට සහභාගී වන අතර මෙය ශ්‍රී ලංකාවේ වෙලාවෙන් දෙසැම්බර් 10 වැනිදා ප.ව. 3.30ට අඅඅ.ටඉදදබකසබැ.ජදප වෙබ් අඩවිය ඔස්සේ නැරඹීමේ හැකියාව පවතිනවා.

'මිය ගියා' යැයි දොස්තර කී බිලිඳාට පණ එයි

අලුත උපන් බිළිඳෙකු මිය ගොස් ඇතැයි අත්වැරදීමකින් නිගමනය කළ වෛද්‍යවරුන් දෙදෙනෙකු සේවයෙන් පහ කළ බව ඔවුන් සේවය කළ ඉන්දීය රෝහල පවසයි.

අදාළ බිළිඳා උපත ලබා තිබෙන්නේ ඔහුගේ නිවුන් සොහොයුරා උපතේදීම මිය යාමෙන් පැය කිහිපයකට පසුවය. ඉන් අනතුරුව උපත ලැබූ නිවුන් සොහොයුරා ද මිය ගොස් ඇතැයි මැක්ස් පෞද්ගලික රෝහලේ වෛද්‍යවරුන් වැරදි ලෙස නිගමනය කර තිබේ.

අවමංගල්‍ය උත්සවය සඳහා බිළිඳා රැගෙන යන අතරවාරයේ දරුවා ජීවතුන් අතර සිටින බව දෙමාපියන්ට දැකගැනීමට හැකි වී තිබේ.

මෙම වසරේ තෙවන පාසල් වාරය ලබන 8 දායින් අවසන්

2017 වර්ෂයේ රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරය ලබන 8 වැනි සිකුරාදායින් අවසන් වන අතර 2018 වර්ෂයේ පළමු පාසල් වාරය 2018 ජනවාරි මස 02 වන අඟහරුවාදා ආරම්භ වේ.

තනූජා සිරසේ සියලු තනතුරුවලින් ඉල්ලා අස්වේ


සිරස මාධ්‍ය ජාලයේ ප්‍රවෘත්ති නිවේදිකාවක් ,වැඩ සටහන් නිෂ්පාදිකාවක් සහ වැඩ සටහන් ඉදිරිපත් කරන්නියක් ලෙස වසර 19ක කාලයක් සේවය කළ තනූජා ජයවර්ධන සියලු තනතුරුවලින් ඉල්ලා අස්වී ඇතැයි වාර්තාවේ.


ඇය MBC අධ්‍යක්‍ෂ මණ්ඩලයෙන් YFm නාලිකා ප්‍රධානී තනතුර ඇතුළු සියළු තනතුරුවලින් 2017 දෙසැම්බර් මස 06 දින සිට ඉල්ලා අස්වී ඇත.

ඇය මෙරට ටෙලිවිෂන් කලාවේ සිය අනන්‍යතාව සනිටුහන් කළේ "රස රිසි ගී" නම් වූ සංගීත වැඩ සටහන තුළිනි.

මෙගාවොට් 400ක ස්වාභාවික වායු විදුලි බලාගාරයක් හම්බන්තොටට

ශ්‍රී ලංකාවේ බලශක්ති නිෂ්පාදන ක්ෂේත්‍රය සඳහා ප්‍රභවයක් ලෙස ස්වාභාවික වායු හඳුන්වාදීමේ වැදගත්කම සැලකිල්ලට ගෙන, මෙගාවොට් 400ක ස්වාභාවික වායු විදුලි බලාගාරයක් රජයෙන් රජයට පදනම මත චීන රජය සහ ශ්‍රී ලංකා රජය ඒකාබද්ධව හම්බන්තොට ප්‍රදේශයේ ස්ථාපිත කිරීම සඳහා සාකච්ඡා පවත්වනු ලැබ තිබේ.

බදුල්ලෙන් එකඳු හෝ ආසනයක්වත් මහින්දට ලබා දෙන්නෙ නෑ – අැමති හරින්

පොදුජන පෙරමුණ නැමති අහිකුණ්ඨික අනාථයන්, සමාජ ජාලා භාවිතා කරමින් පිම්බෙන්නට වෙර දැරුවද හොරුන් සම්භන්ධයෙන් රටේ සමාජ මතය කිසිසේත්ම වෙනස් නොවනා බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය. මේ වන විටත් ඒකාබද්ධ විපක්ෂයේ එකා දෙන්නා ගැළවෙමින් පවතින බවත්, නැවතත් බැසිල්කරණයක් සඳහා ඔවුන්ගේ ඇති අකමැත්ත මෙලෙස ප්‍රකාශ කරනා බවත් ඒ මහතා ප්‍රකාශ කළේ ඉකුත්දා බදුල්ලේදී ජනමාධ්‍යවේදීන් හමුවෙමිනි.

මහජන බැංකුවේ නව්‍යතා මධ්‍යස්ථානය විවෘත කෙරේ

මහජන බැංකුවේ නව්‍යතා මධ්‍යස්ථානය මහජන බැංකුවේ සභාපති හේමසිරි ප‍්‍රනාන්දු මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගියදා කොළඹ 01, යෝර්ක් වීදියේදී විවෘත කෙරිණි.

ශ‍්‍රී ලංකා බැංකුකරණ ඉතිහාසයේ සුවිශේෂි මං සලකුණක් සනිටුවහන් කරමින් මහජන බැංකුව හ`දුන්වා දි ඇති ඩිජිටල්කරණ කි‍්‍රයාදාමයට සමගාමීව තොරතුරු තාක්ෂණ දෙපාර්තුමේන්තුවේ කි‍්‍රයාවලිය තවත් වැඩිදිියුණු කිරිමේ අරමුණින් මෙම නව්‍යතා මධ්‍යස්ථානය ස්ථාපිත කර ඇත.

මෙම විවෘත කිරිමේ අවස්ථාවට මහජන බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි එන.් වසන්ත කුමාර්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ව්‍යාපාරික බැංකු* රසිත ගුණවර්ධන, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (පුද්ගල කේන්ද්‍රිය බැංකු කටයුතු* කෙ.් බී රාජපක්ෂ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (බැංකු මෙහෙයුම්* බොනිෆස් සිල්වා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (තොරතුරු තාක්ෂණ* ස`දලාල් එදිරිසිංහ, නියෝජ්‍ය සමාන්‍යාධිකාරිි(ඩිජිටල් බැංකුකරණ* රංජි්ත් කොඩිතුවක්කු යන මහත්වරුන් ඇතු`ඵ ආයතනික කළමනාකාරිත්වය හා විධායක කළමනාකාරිත්වය, බැංකු කාර්ය මණ්ඩලයේ විශාල පිරිසක් සහභාගි වූහ.

දළ පූට්ටුවාගේ අනුවේදනීය ඝාතනයේ සුලමුල මෙන්න

ගොවියා විසින් වපුල කෙතෙහි ගොයම් ගස් ඵල දැරුවා පමණක් නොව ගොජර බජිරි තුනැස්ස යනාදී වල් ගස් ද හුස්ම ඇද්දෝය. මෙහිදී ගොවියාගේ වරදක් නැත. ගොවියා වපුලේ වී පමණකි. එහෙත් වල් ගස් ඉබේම ඒ කෙත තුළ ගොයම් ගස්වලට වැසී ඒ මතින් යැපෙන්නට විණි. මෙය මා ඇසූ කතාවකි. අමනුස්ස මිනිස් කැල මැද මා හට ද ඇතැම් විට හුස්ම අදින්නට සිදුවන මොහොතේ දී ඇති වන සිත්වේදනාවෙන් මිදෙන්නට මා උක්තයෙහි සඳහන් කළ දෙය නිතර නිතර සිහි කළ දෙයකි. මේ සමාජ නමැති කෙතෙහි බත සරි කරන, කුසගින්න නැමැති මහා වේදනාව සංසිඳවන ගොයම් ගස් මෙන්ම වල් ගස් ද තිබෙන වග මා දනිමි. මිනිසුන් මැද හුස්ම අදින අමනුෂ්‍යයින්ගේ හුස්ම ඇදීම අතිශය ස්වාභාවික යැයි මා තේරුම්ගන්නට එයම කදිම සිහි කැඳවීමක් ලෙසින් මගේ හදවතේ නිධන්ගත වූ දෙයක් ය යන්න මා ඔබට මෙහිදී ප‍්‍රථමව ගෙනහැර පෑමට කැමැත්තෙමි. මන්ද මේ කතාන්දරය තුළ සැඟව ඇත්තේ ඔබත් මමත් හුස්ම අදිනා මේ පොළොවේ පය ගැසූ නොමිනිසුන්ගේ ක‍්‍රියාවන් වන නිසාය.

ගමින් කොළඹට ඇවිත් පිරිමින්ට කම්සැප දුන් පිළියන්දල රූමතියෝ

පිළියන්දල, මොරටුව පාරේ අයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවසක් වටලා එහි සිටි කාන්තාවන් අට දෙනෙකු හා එහි කළමනාකරු අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය පවසනවා.


ලැබුන තොරතුරකට අනුවයි මෙම වැටලීම සිදු කර තිඛෙන්නේ.

191 දෙනෙකුට ජීවිත අහිමි කරමින් ලංකාවේ සිදුවූ බිහිසුණුම ගුවන් අනතුර මෙන්න - වීඩියෝ

අපේ රටේ සිද්ධ වුණු බිහිසුණුම ගුවන් අනතුර සිදුවෙලා අදට වසර 40 ක් සපිරෙනවා.
1974.12.04 මක්කම බලා පියාසරකරමින් තිබූ ඕලන්ද රජයට අයත් මාර්ටින් එයාර් ඩි.සි 8 ගුවන්යානය ඉන්දුනීසියාවේ සුරවෙයාර් ගුවන් තොටුපලින් වන්දනාකරුවන් එකසිය අසුදෙකක් හා කාර්යය මණ්ඩලයේ නවදෙනෙකු රැගෙන පියාසර කරමින් තිබුණා.

රාත්‍රී 10.10ට පමණ මෙම ගුවන්යානය ආගරපතන, නෝර්වුඩ් කාසල්රි ජලාශයට ඉහළින් පියාසර කරමින් තිබියදී නෝර්ටන් බ්‍රිජ් පොලිස් වසමට අයත් ටෙබර්ටන් වතුයායට ඉහළින් පිහිටි ස්වප්තකන්‍යකන්දේ හැපී එම ගුවන්යානයේ සිටි සියලු දෙනාම අවසන් ගමන් ගියා.

ජෙට්වින්ග් කොටස් වෙළෙඳපොළ සම්ප්‍රාප්තියට දින නියම වෙයි.

මෙරට හෝටල් ක්ෂේත්‍රෙය් ප්‍රමුඛතම නාමයක් වන ජෙට්වින්ග්, සිය කොටස් වෙළෙඳපොළ ලැයිස්තුගත වීම සඳහා අවශ්‍ය පිඹුරුපත් සකස් කර අවසන් බව නිවේදනය කර සිටී.

මේ අනුව ජෙට්වින්ග් සමූහයේ ආගන්තුක සත්කාර කර්මාන්තයේ ආයෝජන හස්තය වන ජෙට්වින්ග් සිම්ෆනි ලිමිටඩ් විසින් ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් 50,218,856 ක මූලික මහජන කොටස් නිකුතුවක් කැඳවා තිබේ.

තාත්තා හිරෙන් නිදහස්‌ කර ගන්නට නීතිය ඉගෙනීමට යන දියණියකගේ කදුළු කතාව

අපි ඇයට කුමුදු යෑයි කියමු. කුමුදු දකුණු පළාතේ පිහිටි ජනප්‍රිය බාලිකා පාසලක ඉගෙනුම ලබන්නීය. මේ දැරිවිය පවුලේ එකම දියණිය වූවාය. කුමුදුගේ පියාට හරිහමන් රැකියාවක්‌ නොතිබූ අතර එදිනෙදා කුලී වැඩ කිරීමෙන් ලැබෙන ආදායමෙන් ජීවිතය සරිකරගනු ලැබීය. මේ දියණියගේ මවද ගෙදරට වී නිකන් සිටියේ නැත. ඇය මැහුම් ගෙතුම් වැඩ කිරීමෙන් තම සැමියාට ශක්‌තියක්‌ වූවාය. පවුලේ එකම දරුවා වූ මේ දියණියට මවත් පියාත් දැක්‌වූයේ දැඩි ආදරයකි. සෙනෙහසකි. කුමුදු ඉගෙනීමට ද දක්‌ෂ දැරියක්‌ වූවාය. දහසකුත් එකක්‌ වූ ආර්ථික ප්‍රශ්නවලට ද මේ දියණියට මුහුණ දීමට සිදු වූවාය. ඇය ඒ සියලු අභියෝග හමුවේ නොසැලි අධ්‍යාපන කටයුතු කරගෙන ගියාය.