BREAKING NEWS
latest

728x90

468x60

191 දෙනෙකුට ජීවිත අහිමි කරමින් ලංකාවේ සිදුවූ බිහිසුණුම ගුවන් අනතුර මෙන්න - වීඩියෝ

අපේ රටේ සිද්ධ වුණු බිහිසුණුම ගුවන් අනතුර සිදුවෙලා අදට වසර 40 ක් සපිරෙනවා.
1974.12.04 මක්කම බලා පියාසරකරමින් තිබූ ඕලන්ද රජයට අයත් මාර්ටින් එයාර් ඩි.සි 8 ගුවන්යානය ඉන්දුනීසියාවේ සුරවෙයාර් ගුවන් තොටුපලින් වන්දනාකරුවන් එකසිය අසුදෙකක් හා කාර්යය මණ්ඩලයේ නවදෙනෙකු රැගෙන පියාසර කරමින් තිබුණා.

රාත්‍රී 10.10ට පමණ මෙම ගුවන්යානය ආගරපතන, නෝර්වුඩ් කාසල්රි ජලාශයට ඉහළින් පියාසර කරමින් තිබියදී නෝර්ටන් බ්‍රිජ් පොලිස් වසමට අයත් ටෙබර්ටන් වතුයායට ඉහළින් පිහිටි ස්වප්තකන්‍යකන්දේ හැපී එම ගුවන්යානයේ සිටි සියලු දෙනාම අවසන් ගමන් ගියා.




ඒවනවිට මෙම යානයේ 191 දෙනෙක් ගමන් කළා.

මෙම 191 දෙනාගෙන් 190 දෙනෙකු ස්වප්තකන්‍යා කන්ද පාමුල මිහිදන් කර තිඛෙනවා.
මෙම ගුවන් යානයේ ගමන් කළ ගුවන් සේවිකාවගේ සිරුර පමණක් ඇයගේ පෙම්වතා විසින් ඉන්දුනීසියාවට ගෙන ගිය බවයි වාර්තාවල දැක්වෙන්නේ.

ගුවන් යානයේ කොටස් කැබලිවලට කැඩී වැටි තිබූ බවත් එම ගුවන්යානයේ තිබී වැටී තිබූ විශාල මුදල් තොගයක් ප්‍රදේශ වාසීන් විසින් අහුලා ගත් බවද සඳහන්.
ගුවන්යානයේ සිදුවු තාක්ෂණ දෝෂයක් හේතුවෙන් මෙම අනතුර සිදුවූ බවයි ඒ ගැන පරීක්ෂණ සිදුකළ කණ්ඩායම වාර්තාවක් මගින් ඉදිරිපත් කර තිබුණේ.

« PREV
NEXT »

Facebook Comments APPID