BREAKING NEWS
latest

728x90

468x60

බදුල්ලෙන් එකඳු හෝ ආසනයක්වත් මහින්දට ලබා දෙන්නෙ නෑ – අැමති හරින්

පොදුජන පෙරමුණ නැමති අහිකුණ්ඨික අනාථයන්, සමාජ ජාලා භාවිතා කරමින් පිම්බෙන්නට වෙර දැරුවද හොරුන් සම්භන්ධයෙන් රටේ සමාජ මතය කිසිසේත්ම වෙනස් නොවනා බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය. මේ වන විටත් ඒකාබද්ධ විපක්ෂයේ එකා දෙන්නා ගැළවෙමින් පවතින බවත්, නැවතත් බැසිල්කරණයක් සඳහා ඔවුන්ගේ ඇති අකමැත්ත මෙලෙස ප්‍රකාශ කරනා බවත් ඒ මහතා ප්‍රකාශ කළේ ඉකුත්දා බදුල්ලේදී ජනමාධ්‍යවේදීන් හමුවෙමිනි.

දැන් ඒකාබද්ධ විපක්ෂයට මුහුණදීමට සිදුවී ඇත්තේ තමන්ගේ සහෝදර පක්ෂ වල නායකයන් රැකගැනීමේ සටනකට මුහුණ දීමට බවත්, කෙමෙන් හිසවන බැසිල් රාජපක්ෂගේ කල්ලිය ඔවුන්ව මිරිකමින් නැවතත් බලයට පැමිණීමේ වෑයමක් යොදනා බවත් මෙහිදී ඒ මහතා ජනමාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කළේය. කෙසේ වුවත් මෙවර තමන් බදුල්ල දිස්ත්‍රික්කයෙන් එකඳු හෝ ආසනයක්වත් පරාජය නොවනා බවත්, ගියවර මෙන් මෙවරද, පෙරළිකාර ආරම්භය බදුල්ලෙන්ම අරඹන බවත් අවධාරණය කළේය.
« PREV
NEXT »

Facebook Comments APPID