BREAKING NEWS
latest

728x90

468x60

පිළිස්සුම් තුවාල ලබා ගීතා රෝහලේ

මහින්දි පිලේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය බරපතල පිළිස්සුම් තුවාල ලබා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුලත් කර තිබේ.

ඇයගේ කොළඹ පිහිටි නිවසේදී ගෑස් සිලින්ඩරය පිපිරීමෙන් ඇතිවූ අනතුරකින් ඇය මෙලෙස පිළිස්සුම් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

රා මදින්නා පොලීසියෙන් වන්දි ඉල්ලයි

කිතුල්ගල පොලීසිය විසින් තමන් නීතිවිරෝධී අන්දමින් අත්අඩංගුවට ගෙන වදහිංසා පැමිණවීමෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව කියමින් රා මැදීමේ නිරත පුද්ගලයෙක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (31දා) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇති බව වාර්තා වේ.

රා මැදීමේ නිරත ඔහු ඉන් සිදු වූ හානියට රුපියල් ලක්ෂ 50ක වන්දි මුදලක් ඉල්ලා ඇති අතරමෙහි වගඋත්තරකරුවන් ලෙස කිතුල්ගල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චානක විජේරත්න , උප පොලිස් පරීක්ෂකවරුන් වන ගුණසේන , සේනාරත්න ,කිතුල්ගල පොලිස් ස්ථානයේ පොලිස් සැරයන්වරුන් වන සඳමාල් ,ගුණවර්ධන යන මහත්වරු සහ පොලිස්පතිවරයා නම් කරනු ලැබ සිටිති.

ජනයි - ප්‍රියයි , රෝහිත රාජපක්ෂ ඇතුළු ජනප්‍රිය සෙට් එකක්ම අවසර ඉල්ලපු විදිහ මෙන්න

2009 වර්ෂයේ ආරම්භ වෙච්ච BATTERII බෑන්ඩ් එක අළුත් වැඩකින් එළියට එන්න හදනවා කියන ආරංචියට අපි බැටරියේ නිර්මාතෘ ෂෙහාන් ද සිල්වාට කථා කලා.

"ආදරයේ වැදගත්ම කොටස තමයි, ආදරයට අනෙක් කෙනාගෙන් අවසර ඉල්ලන එක. ඒ හින්දා අපි ඒ ගැන කතා කරන්න හිතුවා... ෂෙහාන් කතාව පටන් ගත්තේ එහෙම....

කවුරුත් ආදරයට අනෙක් කෙනාගෙන් අවසර ඉල්ලන එක ගැන කථා නොකරන නිසා තමයි අපි කතා කරන්න හිතුවේ.

මේ ගීතයේ ටයිට්ල් එක තමයි "අවසර ඉල්ලමි" කියන එක...

උ.පෙළ හොරට ලියූ සිසුවාට සදාකල් විභාග තහනම්

අති නවීන විද්යුත් තාක්‍ෂණික උපකරණයක ආධාරයෙන් උසස්‌ පෙළ විභාගයට පෙනී සිට හසුවූ ශිෂ්‍යයාට ජීවිත කාලය පුරාවටම විභාග තහනමක්‌ පැනවීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

මාතර - බෙලිඅත්ත අධිවේගයේ ගුවන් පාලම්වල දිග වැඩි කිරීමට අමතර මිලියන 36,000 ක්‌!

මාතර - බෙලිඅත්ත අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී ගුවන් පාලම්වල දිග වැඩි කිරීම සඳහා අමතර රුපියල් මිලියන 36000 ක්‌ වෙන් කිරීම සැක සහිත බැවින් ඒ පිළිබඳව පුළුල් විමර්ශනයක්‌ සඳහා කෝප් කාරක සභාවට ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තුවේ කෝප් කාරක සභාවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා පැවැසීය. 

ටිකක් ලැජ්ජා හිතුණත් කතුන්ට ප්‍රයෝජනවත් පණිවිඩයක්

මේ කියන්න යන දේ ප‍්‍රසිද්ධියේ කියන එකත් ඒ තරම් හරි නැති දෙයක් කියා ඔබට කියන්න පුළුවන්.මේක කියවන කාන්තාවන් පුංචි ලැජ්ඡාවකට පත්වෙන්නත් පුළුවන් .වැඩි දෙනෙක් ප‍්‍රසිද්ධියේ නොකිව්වත්,‍ ‍මේක පෞද්ගලිකව කතා බහ කරන දෙයක්. ඒ තමයි හදිසි අවස්ථාවක දී කාන්තාවන්ටත් පිරිමින් හා සමාන ඉරියව්වකින් සිටගෙන මුත‍්‍රා කරන්න පුළුවන් නම් කොයි තරම් හොඳද කියන එක. කාන්තාවන්

ගින්නට පෙර වස ශරීරගතවෙලා - තැපැල් ස්ථානාධිපතිනිය දිවිනසාගෙන ඇති බවට සැකයක්

ඇල්පිටිය කුරුදුගහ හැතැප්ම ප‍්‍රදේශයේ තැපැල් කාර්යාලය තුළ හටගත් ගින්න නිසා මියගිය තැපැල් ස්ථානාධිපතිනියගේ සිරුර පිළිබඳ සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණ අනුව ඇගේ මරණය දිවිනසාගැනීමක්ද යන සැකයක් මතුව තිබේ.
එයට හේතුවී ඇත්තේ අධිකරණ වෛද්‍ය වාර්තාවට අනුව ඇගේ සිරුර තුළ වස අඩංගු පැවති බව 
වෛද්‍යවරයා හඳුනාගෙන තිබීමයි.

ඊයේ උදෑසන ගින්න සිදුවූ අවස්ථාවේ ගිනි නිවන හමුදාව පැමිණ උප තැපැල් කාර්යාලයේ දොර කඩා ඇය සිටි ස්ථානයට යද්දී ඇගේ සිරුරු කොටස් පිළිස්සී ඇය ඇදවැටී සිටි අතර ඇය රෝහල් ගත කරන විටත් මියගොස් සිටියා.

තේරීම් කමිටු සභාපති පුටුවට රොෂාන් මහානාම?

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා ලෙස හිටපු ක්‍රීඩකයෙකු මෙන්ම තරඟ තීරකයෙකු ලෙසද කටයුතු කළ රොෂාන් මහානාම තෝරාපත් කර ගැනීමේ වැඩි ඉඩකඩක් පවතින තොරතුරු වාර්තාවනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති සනත් ජයසූරිය ඇතුළු රංජිත් මදුරසිංහ, රුමේෂ් කලුවිතාරන, අසංක ගුරුසිංහ, එරික් උපශාන්ත යන සාමාජිකයින් සිය ඉල්ලා අස්වීමේ ලිපි භාරදුන් අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තේරීම් සම්බන්ධයෙන් මේ වන විට මතුව ඇති විවේචන ඔවුන්ගේ ඉල්ලා අස්වීමට හේතුව වී තිබුණා.

මිටි අයට මාස 6කින් උස යන්න මෙන්න විශ්මිත රහස් කිහිපයක්

උස යනු පුද්ගලයෙක්ගේ පෞරුෂ වර්ධනයට බලපාන සාධකයකි.මෙය බොහෝ විට බලපාන්නේ පිරිමි ළමුන්ට අතර අද සමාජයේ බොහෝ පිරිමි ළමුන් උසින් අඩු වේ.මෙයට ප්‍රධානම හේතුව ජාන අක්රියතාවය වේ.තම දෙමාපියන්ගෙන් පැමිණෙන ජාන තමන්ගේ ශරීරය තුල තිබෙන නිසා එම ජාන වලට සුදුසු අයුරුන් ඔබට උස ලබාදෙයි.නමුත් යම් යම් සරල දේවල් කිරීමෙන් අපට කාලයත් සමග අපගේ උස මදක් වැඩි කර ගත හැකිය.

පළමු දේ නම් ඔබ හදුනා ගත යුතුයි මෙයට හේතුව.ඔබගේ උස තීරණය වන්නේ ඔබගේ ශරීරය තුල ඇති ජාන අනුවය.එය ඔබට වෙනස් කල නොහැකිය.ශරීරය ඇතුලින් කිසිම දෙයක් කිරීමට නොහැකි වුවත් ශරීරය පිටතින් උස වැඩි කර ගැනීම සඳහා අපට යම් යම් දේවල් කල හැක.
අනෙක් කරුණ නම් මත්ද්‍රව්‍ය භාවිතය නතර කිරීමයි.මෙය කිරීමට ආපසු වුවත් කෙසේ හෝ කල යුතුය.දුම්බීම,මත්පැන් පානය මෙයට අයත් වේ.තවද steroids වැනි එන්නත් වලින් ලබාගන්නා මත්ද්‍රව්‍ය වලටද තිත තැබිය යුතුය.

සිසුවකු පාසලට ගන්න අල්ලස්‌ ගත් හිටපු විදුහල්පතිනිය වසර 8 ක්‌ හිරේ

සිය පාසලට සිසුවකු ඇතුළත් කරගැනීම සඳහා රුපියල් 25,000 ක අල්ලසක්‌ ලබාගැනීම ඇතුළු අධිචෝදනා දෙකකට වරදකාරිය කරනු ලැබූ පානදුර මහානාම නවෝද්‍යා පාසලේ හිටපු විදුහල්පතිනියක වන නදීකා කේ. පීරිස්‌ මහත්මියට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඊයේ (29 දා) බරපතළ වැඩ සහිත වසර අටක සිරදඬුවම් නියම කළේය.

ජයසූරියගේ ක්‍රිකට්‌ තේරීම් කමිටුව ඉල්ලා අස්‌වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය සහ ඔහුගේ කමිටුවේ සාමාජිකයන් සිව්දෙනා ඒකාබද්ධ ලිපියක්‌ ක්‍රීඩා අමාත්‍යවරයාට භාරදී සිය ධුරවලින් නිල වශයෙන් ඉවත් වන බවට ඊයේ (29 දා) දන්වා තිබේ. මෙම ඉල්ලා අස්‌වීම අනුව ඉන්දියානු කණ්‌ඩායමේ ශ්‍රී ලංකා සංචාරය අවසන් වන තුරු එනම් ලබන මස 7 වැනිදා දක්‌වා සේවය කරන බවද තේරීම් කමිටුව දන්වා තිබේ.

පූජිත් පොලිසිය නිල් පාට කරන්න යයි

කාකි ඇඳුම වෙනුවට නිල් පැහැති ඇඳුමක්‌ පොලිසියට අවශ්‍ය බව තමාට හැඟීගියේ අද කාකි ඇඳුම් සෑම තැනම බහුලව දකින්නට ලැබෙන නිසා යෑයි පොලිස්‌පති පූජිත් ජයසුන්දර මහතා ට ඊයේ (29 දා) පැවසීය.

තවමත් තේ දලු කඩන අවුරුදු 99ක්‌ අම්මා

දිවි ගමනේ අනූනව වියේ පසුවන (අවු. 99) නෙළුව ඇඹලේගෙදර (උතුර) ගම්මානයේ පදිංචි පස්‌දරු මාතාවක්‌ තවමත් තම ගෙවත්තේ තේ ඉඩමේ දලු නෙළමින් වත්තේ පිටියේ වැඩෙහි යෙදෙමින් නිරෝගී සුවයෙන් කල් ගෙවන්නීය.

1918 ජුලි මස 15 වැනි දින හිනිදුම්පත්තුවේ ඕපාත ඇල්පිටිය ගෙදර උපත ලද ඇය තවලම ගමගේ ලීලාවතී මාතාවය.

1940 ජනවාරි මස 16 දින නෙළුව ඇඹලේගෙදර ගම්මානයේ පදිංචිව සිටි එදිරිසිංහ පීටර් මහතා සමග විවාහවී ඇති අතර දරුවන් පස්‌ දෙනෙකු ලද ඇයට මේ වන විට තම දූ දරුවන් සමග දරු මුණුපුරන් මිණිබිරියන් තිස්‌එක්‌ දෙනකුගේ සෙනෙහස ලබමින් නිරෝගී සුවයෙන් කල් ගෙවන්නීය.

ධම්මික පෙරේරා ලංකාවේ පැරණිම නැව් සමාගමක් මිල දී ගනී

ශ්‍රී ලංකාවේ පැරණිතම නෞකා සමාගම්වලින් එකක් වන Sri Lanka Shipping Company Limited හි 94.81% ක කොටස් හිමිකාරීත්වය අත්පත් කර ගැනීමට හේලීස් සමූහයේ අනුබද්ධ සමාගමක් වන හේලීස් ඇඩ්වාන්ටිස් ලිමිටඩ් කටයුතු කර තිබේ.

මේ පිළිබඳ කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දෙමින් සමාගම අනාවරණය කර සිටින්නේ මීට අදාළ ගනුදෙනුව පසුගිය අගෝස්තු 23 වන දින සිදු වූ බවයි.

නාවික හමුදාව විද්‍යා ඝාතනය කළ බවට සාක්ෂියක්

නාවික හමුදාව විසින් ශිවලෝගනාදන් විද්‍යා දැරිය ඝාතනය කළ බව විද්‍යා ඝාතන නඩුවේ විත්තිකරුවෙකු වන මහාලිංගම් සෂින්ද්‍රන් නමැත්තා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ ඊයේ (28) පැවසීය.

වවුනියාව මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂී මහේන්ද්‍රන් මහතාගේ සභාපතිත්වයෙන් යුතුව යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලංචේලියන් මහතා හා ත්‍රිකුණාමලය මහාධිකරණ විනිසුරු අන්නාලිංගම් ප්‍රේමශංකර් මහතා ඉදිරියේදී නඩුවට අදාළ සාක්ෂි විමර්ශනය පැවැත්වු අවස්ථාවේදි විත්තිකරු එලෙස පැවසුවේය.

වසර 47කට පසුව හමු වුණු මංගල මුද්ද

ඇමරිකා එක්සත් ජනපදයේ, මැසචුසෙට්ස් ප‍්‍රාන්තයේ, කේප් කෝඩ් නම් වෙරළ තීරය පිරිසිදු කරමින් සිටි ජිම් විර්ත් මහතාට මුහුදු වැලී බැඳී ගිය අඳුරු පැහැති මුද්දක් හමුවිය.

නිවසට ගොස් මුද්ද පිරිසිදු කර බැලූ ඔහුට එය අගනා රන් මුද්දක් බව වැටහුණි.

එහි අයිතිකරුවා කවුරුන් විය හැකිදැයි සිතූ ජිමි විර්ත්ට මුද්දේ කවාකාර මුහුණතෙහි 1969 college ring from Manhattan College (1969 මෑන්හැටන් විද්‍යාලයේ මුද්ද) ලෙස මුද‍්‍රණය කර තිබෙන අයුරු දැකගත හැකිවිය.

අනුරාධපුර ව්‍යාපාරිකයන් බියගන්වන කප්පම් කල්ලියක් ආරක්ෂිත කැමරාවලින් එළියට

දේශීය ආදායම් බදු නිලධාරින් ලෙස පෙනී සිටිමින් අනුරාධපුර නගරයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන්ට ආදායම් බදු නොගෙවීම් සම්බන්ධයෙන් අධිකරණයේ නඩු පවරන බවට බියගන්වමින් කප්පම් ලබා ගැනීම සැරිසරන තරුණ කණ්ඩායම් සම්බන්ධයෙන් අනුරාධපුර පිහිටි දේශිය ආදායම් බදු නිලධාරින්ට තොරතුරු ලැබී තිබේ.

පල්ලේකැලේ බෝතල් ප්‍රහාර අතරේ කෝලි ළඟට ගිය මාලිංග රටේ නම බේරගන්න ඔහුට කියූ කතාව

ඊයේ (27) පැවති තරඟයේදී ඇතිවූ උණසුම් තත්වයෙන් පසුව විරාත් කෝලි සමඟින් ලසිත් මාලිංග හදිසියේම කතාබහක නිරතවන අයුරු කාගේත් අවධානයට යොමු වුණා. ඔවුන් දෙදෙනා හදිසියේම සිදුකළ මේ කතාබහ දැනගන්නට අප ලසිත් මාලිංගගේ සමීපතමයෙකුගෙන් ඒ ගැන තොරතුරු විමසා සිටියා. ඒ පිළිබඳව විමසූ අවස්ථාවේ ඔහු පවසා සිටියේ පිටියේ සිදුවූ සිද්ධිය පිළිබඳව මාලිංග විරාත් කෝලිට කරුණු පැහැදිලි කර සිටි බවයි.ඒ පිළිබඳව ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් අප හමුවේ ප්රකාශ කලේ මෙවන් දෙයක්…

පරාජය හමුවේ වියරු වැටුණ ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින්ගෙන් බෝතල් ප්‍රහාර

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී අද (27 වැනිදා) පැවැති තුන්වැනි එක්දින තරගය ලංකාවට පරාජය අත්කරදෙමින් නිමා වීමට ආසන්න අවස්ථාවේ වියරු වැටුණ ප්‍රේක්ෂකයින්ගේ බෝතල් ප්‍රහාර නිසා ටික වේලාවකට තරගය නතර කරන්නට සිදු විය.

ලංකාව ලබාගත් 218 පසුපස හඹා ගිය ඉන්දීය පිල කඩුළු 4 ට ලකුණු 210 ලබා ජයග්‍රහණයට ආසන්න අවස්ථාවේ නරඹන්නන්ගේ අසංවර හැසිරීම හේතුවෙන් 
තරගය අතර මග නතර කිරීමට සිදුවිය. 


පසුව කැරළි මර්දන පොලිසිය සහ සෙසු පොලිස් නිලධාරීන් පැමිණ එක පෙදෙසක නරඹන්නන් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමෙන් අනතුරුව තරගය යළි ආරම්භ කළ අතර ටිකකින් තරගය ජයගැනීමට ඉන්දියාව සමත් විය.

බස් එකට නැගලා කලබලෙන් හැසිරිලා - ප්‍රශ්න අහද්දි පැනලා දුවලාල අහිංසක පාසල් සිසුවිය දූෂණය කොට මරා දැමු නරුමයා නීතියට කොටු කර දුන් කොන්දොස්තර මහතාගේ සුපිරි මෙහෙයුම

ගිරිබාව ප්‍රදේශයේ පදිංචිව සිටි 17 හැවිරිදි පාසල් සිසුවියක නිවසේ තනිව සිටි අවස්තාවක දූෂණය කර මරා දැමූ එම සිසුවියගේ අසල්වාසී නිවසක වාසය කළ සමන් කරුණාතිලක නැමැති 31 හැවිරිදි පුද්ගලයා පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබීමෙන් පසු දින 10 ක් රක්ෂිත බන්ධනාගාර ගත කරන්නට ගල්ගමුව මහේස්ත්‍රාත් නියෝග කර තිඛෙනවා.

පසුගිය දින ඝාතනයට ලක්වූ දැරිය සිය නිවසේ රූපවාහිනිය නරඹමින් සිටින අතරවාරයේ නිවසට පැමිණ ඇති මෙම පුද්ගලයා නිවසේ දොරට තට්ටු කර ඇති අතර, දැරියගේ නිවස ආසන්නයේම පදිංචි දන්නා හඳුනන කෙනෙකුවූ බැවින් ඇය දොර විවෘත කර තිඛෙනවා.

උපායශීලී ලෙස ඇය සමග කතාබස් කර ඇය රවටා නිවසට ඇතුළුවී ඇති ඔහු නිවසේ කිසිවෙක් නැති නිසා ඇය සමග අඹුසැමි සබඳතා සඳහා යෝජනා කර ඇති බවත් සිසුවිය ඊට අකමැතිවූ නිසා සහ කෑගැසීමට උත්සහ කළ නිසා ඇගේ අත්පා රෙදි පටි වලින් බැඳ නිවසේ කාමරයක ඇඳක් වෙත ගෙන ගොස් දූෂණය කර ගෙල සිරකර මරාදමන්නටද කටයුතු කර තිබුණා.

මෙම සිසුවිය නිවසේ සිටියදී ඇගේ පියා රැකියා ස්ථානයටත් මව අසළ නිවසක පිහිටි මුරුක්කු නිෂ්පාදන ආයතනයක රැකියාවක නිරතව යෙදී සිට තිබුණා.

දිවා අහාරය සඳහා මව නිවසට එනවිට දහවල් දොළහට පමණ නිවසේ දොරවල් හැර ඇති අයුරුත් නිවෙස පුරා දැරියගේ යට ඇඳුම් විසිරී තිඛෙනුත් දැක දැරිය සොයා කාමරයට ගොස් බැලීමේදී නිවෙසේ ඇඳක් මත අත්දෙක ගැට ගසා දියණිය ඝාතනය කර තිඛෙනු දැක තිබුණා.

ඇගේ කෑගැසීම ඇසුණු අසල්වාසීන්මේ විසිනුයි මේ සිද්ධිය පොලිසියට දන්වා ඇත්තේ.

සිදුවීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයා එදින දහවල මේ නිවස ආසන්න මහාමාර්ගයේ බසයකට කලබලයෙන් නගින අයුරුත් ඔහුගේ ඉරියව්වල පවතින සැකයත් ගැන බස් රථයේ කොන්දොස්තර වරයාට සැක සිතී තිබුණා.

ඔහු ඒ ගැන විමසන්නට යාමේදී එම පුද්ගලයා කලබලයෙන් පළාගොස් ඇති අතර බසයේ කොන්දොස්තර සහ රියදුරා ගිරිබාව, පාලුවැව ප්‍රදේශයේ ත්‍රීරෝද රථ රියදුරන් පිරිසකට දැනුම්දීමෙන් පසුව ඔහු අල්ලා ගැනීමට හැකි වී තිබුණා.

මෙලෙස මෙම පුද්ග්ගලයා අල්ලාගන්නවිට මෙම ප්‍රදේශයේ ස්ත්‍රී දුෂණයක් හෝ මිනීමැරුමක් වී ඇති බව බස් රියේ රියදුරා දන සිට නැහැ.

එම සිද්ධිය ගැන ප්‍රදේශය පුරා ආරංචි පැතිර යද්දී අල්ලාගත් සැක සහිත පුද්ගලයා ගැන පොලිසියට හෝඩුවාවන් ලැබී තිබුණා.

මීට අමතරව සැකකරුගේ ජංගම දුරකතනයේ තිබූ අසැබි දසුන් 300 කට වැඩි ප්‍රමාණයක් සොයා ගත් බවද ගිරිබාව පොලීසිය සදහන් කළා.

මහමග ගමන් ගත් කතගේ අතින් ඇද වාහනයෙන් රැගෙන යැමට තැත් කරලා දොස්‌තර රිමාන්ඩ්

තම දරුවා සමඟ නිවස වෙත යැමට කෑගල්ල පල්ලාදෙනිය හන්දියේ සිටි කාන්තාවකගේ අතින් ඇද යමු යෑයි කියා පවසමින් වාහනයකින් රැගෙන යැමට උත්සාහ දැරූ කෑගල්ල මහ රෝහලේ දන්ත වෛද්‍යවරයකු කෑගල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන කෑගල්ල මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු වැඩබලන මහෙස්‌ත්‍රාත් යුරේකා විමලජීව මහත්මිය විසින් සැකකරු මේ මස 30 වැනිදා තෙක්‌ රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කරන ලදී.

මෙසේ රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ කෑගල්ල මහ රෝහලේ සේවය කරන දන්ත sවෛද්‍යවරයකු වූ 31 හැවිරිදි විවාහකයෙකි.

විභාග හොරු අල්ලන්න ස්‌වයංක්‍රීය උපකරණ යෙදවීමට අවධානය

විභාග අක්‍රමිකතා සිදුකිරීම සඳහා විභාගාපේක්‍ෂකයන් භාවිත කරන නවීන විද්යුත් උපකරණ ස්‌වයංක්‍රීයව හඳුනා ගැනීමේ නව උපකරණ (Detectors) ශාලාධිපතිවරුන්ට ලබාදීමට විභාග දෙපාර්තමේන්තුව අවධානය යොමුකර තිබේ.

මීට අමතරව විභාග ශාලාවලට ඇතුළු වීමට පෙර යුද හමුදාව සහ පොලිසිය යොදවා විභාගාපේක්‍ෂකයන් සතුව නවීන විද්යුත් උපකරණ තිබෙන්නේ ද යන්න පරීක්‍ෂා කිරීමේ ක්‍රමයක්‌ පිළිබඳවද අවධානය යොමු කර ඇතැයි විභාග කොමසාරිස්‌ ජනරාල් ඩබ්ලිව්. එම්. එන්. ෙ-. පුෂ්පකුමාර මහතා "දිවයින ඉරිදා සංග්‍රහයට" පැවැසීය.

කොරියානු විභාගයට තවත් අවස්ථාවක්

පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණය හේතුවෙන් දැනට පැවැත්වෙන කොරියානු භාෂා ප‍්‍රවීණතා විභාගය සඳහා ඉරිපත්වීමට නොහැකි වූ අපේක්‍ෂකයින් සඳහා විකල්ප දිනයක් ලබාදීමට කොරියානු මානව සම්පත් අංශය තීරණය කර තිබේ.

ඒ අනුව අපේක්ෂකයින්ට හිමිවන විකල්ප දිනයන් හා වේලාව ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අඅඅගිකඉෙැගකන වෙබ් අඩවියේ පළකොට තිබේ.

මීට පෙර අයහපත් කාලගුණය හේතුවෙන් විභාගයට ඉදිරිපත්වීමට නොහැකි වූ අයදුම්කරුවන්ගෙන් අයදුම්පත් කැඳවා තිබුණු අතර අයදුම්පත් ඉදිරිපත් කළ විභාග අපේක්ෂකයින් සඳහා මෙම විභාගය පැවැත්වේ.

නාවික හමුදා සහයෙන් උතුරු මුහුදේ රත්තරන් ජාවාරමක්?

මීට වසර තුනකට පමණ පෙර, එනම් 2014 වසරේ ඔක්තෝබර් 01 වැනි දින මෙරට සිට ඉන්දියාවට නීතිවිරෝධීව ගෙනයමින් තිබූ රත්තරන් කිලෝග්රෑම් 45 ක ප්‍රමාණයක් සහ පුද්ගලයන් දෙදෙනකු නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත් අතර, එම රත්තරන් තොගය උතුරු ප්‍රදේශය භාර නාවික ආඥාපතිවරයාගේ උපදෙස් මත රේගුවට භාර දී ඇත.