BREAKING NEWS
latest

728x90

468x60

උ.පෙළ හොරට ලියූ සිසුවාට සදාකල් විභාග තහනම්

අති නවීන විද්යුත් තාක්‍ෂණික උපකරණයක ආධාරයෙන් උසස්‌ පෙළ විභාගයට පෙනී සිට හසුවූ ශිෂ්‍යයාට ජීවිත කාලය පුරාවටම විභාග තහනමක්‌ පැනවීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ඒ අනුව මින් ඉදිරියට දෙපාර්තමේන්තුවෙන් පවත්වන කිසිදු විභාගයකට පෙනී සිටීමට එම ශිෂ්‍යයාට අවසර නොලැබේ.

සාමාන්‍යයෙන් විද්යුත් උපකරණ ළඟ තබා ගනිමින් පෙනී සිට හසුවන අයදුම්කරුවන්ට පැනවෙන දඬුවම පස්‌ වසරක විභාග තහනමක්‌ වුවද මෙම ශිෂ්‍යයාගේ ක්‍රියාව බරපතළ හෙයින් ඔහුට ජීවිත කාලය පුරාවට විභාග තහනමක්‌ පැනවීමට තීරණය කළ බව විභාග කොමසාරිස්‌ ජනරාල් ඩබ්ලිව්. එම්. එන්. ඡේ. පුෂ්පකුමාර මහතා "දිවයින"ට පැවැසීය.

කොළඹ ප්‍රධානම පාසලකින් විභාගයට පෙනී සිටි මෙම ශිෂ්‍යයා ඇතුළු පස්‌ දෙනෙක්‌ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට රක්‍ෂිත බන්ධනාගාර ගතව සිටිති.
« PREV
NEXT »

Facebook Comments APPID