BREAKING NEWS
latest

728x90

468x60

කොරියානු විභාගයට තවත් අවස්ථාවක්

පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණය හේතුවෙන් දැනට පැවැත්වෙන කොරියානු භාෂා ප‍්‍රවීණතා විභාගය සඳහා ඉරිපත්වීමට නොහැකි වූ අපේක්‍ෂකයින් සඳහා විකල්ප දිනයක් ලබාදීමට කොරියානු මානව සම්පත් අංශය තීරණය කර තිබේ.

ඒ අනුව අපේක්ෂකයින්ට හිමිවන විකල්ප දිනයන් හා වේලාව ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අඅඅගිකඉෙැගකන වෙබ් අඩවියේ පළකොට තිබේ.

මීට පෙර අයහපත් කාලගුණය හේතුවෙන් විභාගයට ඉදිරිපත්වීමට නොහැකි වූ අයදුම්කරුවන්ගෙන් අයදුම්පත් කැඳවා තිබුණු අතර අයදුම්පත් ඉදිරිපත් කළ විභාග අපේක්ෂකයින් සඳහා මෙම විභාගය පැවැත්වේ.

මීට පෙර විභාගයට ඉදිරිපත්වීමට අපොහොසත් වූ අපේක්ෂකයින් සඳහා පිරවිය යුතු වූ අයදුම් පත කාර්යාංශ වෙබ් අඩවියේ පළකර තිබුණු අතර එම අයදුම්පත‍්‍රය අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් කොරියානු භාෂා ප‍්‍රවීණතා විභාගයට නියමිත දිනට ඉදිරිපත් වීමට නොහැකි වූ බවට ප‍්‍රදේශයේ ග‍්‍රාම නිළධාරීවරයා හෝ සමාදාන විනිශ්චයකාරවරයෙකුගෙන් ලබාගන්නා තහවුරු ලිපියක් මඟින් සහතික කළ යුතුවිය.

මෙවර කොරියානු භාෂා ප‍්‍රවීණතා විභාගය අපේ‍්‍රල් මස 27 වන දින ආරම්භ කරන ලද අතර මෙවර විභාගය පරිගණක ආශ‍්‍රයෙන් පමණක් පැවැත්වේ. එක් එක් අපේක්‍ෂකයින්ට විභාගය පැවැත්වෙන දිනය හා වේලාව
කාර්යාංශයේ වෙබ් අඩවිය මඟින් ප‍්‍රකාශයට පත් කොට තිබිණි.

මෙවර විභාගය සඳහා අයදුම්කරුවන් 22888 දෙනෙකු සුදුසුකම් ලබා ඇති අතර ඉන් 16431 ක් නිෂ්පාදන අංශය සඳහා විභාගයට පෙනීසිටින අතර 6457 දෙනෙකු ධීවර අංශයේ විභාගය සඳහා පෙනි සිටියි.
මේ පිළිබඳව අදහස් දක්වමින් විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය සඳහන් කළේ, පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් විභාගයට ඉදිරිපත්වීමට නොහැකි වූ අපේක්‍ෂකයින්ට මෙය මහඟු අවස්ථාවක් බවත් එම අවස්ථාව මඟනොහැර ප‍්‍රයෝජනයට ගන්නා ලෙසයි.
« PREV
NEXT »

Facebook Comments APPID