BREAKING NEWS
latest

728x90

468x60

සා.පෙළ ලියන්න යන සිසුවකුට සිසුන් දෙදෙනෙක් මඟදී පහරදීලා

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම සඳහා ගම්පොළ ගඟසිරිපුර විභාග මධ්‍යස්ථාන වෙත යමින් සිටි ශිෂ්‍යයකුට එම විභාග මධ්‍යස්ථානය අසල දී තවත් විභාග අපේක්ෂක සිසුන් දෙදෙනකු විසින් පහරදීම නිසා එම සිසුවා ගම්පොළ ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු රෝහල තුළදී විභාගය ලිවීමට කටයුතු කටයුතු සලසා තිබුණි.

ගම්පොළ ඉඟුරුවත්ත ප්‍රදේශයේ පදිංචි මේ සිසුවා දොළුව මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන අතර එම පාසලේ විභාග මධ්‍යස්ථානය ලෙස ගම්පොළ ගඟසිරිපුර විද්‍යාලය යොදා තිබුණි.

චීන මනාල මනාලියන් 100 ක් ශ්‍රී ලංකාවේදී යුග දිවියට - Video

චීන මනාල මනාලියන් 100 ක් ශ්‍රී ලාංකික සම්ප්‍රදායට එකම දිනයක ශ්‍රී ලංකාවේදී යුග දිවියට පිවිසීමේ උත්සවයක් කොළඹ දී පැවැත්විණි.

ඉරිදා (දෙසැම්බර් 17) සවස කොළඹ නගර සභා පිටියේ පැවති මෙම උත්සවය ශ්‍රී ලංකා රජය විසින් හඳුන්වනු ලැබ තිබුණේ “රාජකීය විවාහ මංගල උත්සවයක්” ලෙසිනි.

ශ්‍රි ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සහ ඓතිහාසික චීන – ශ්‍රී ලංකා මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීම මෙම උත්සවය සංවිධානය කිරීමේ අරමුණ බව උත්සවය අතරවාරයේ අදහස් දැක්වූ අමාත්‍ය පාඨලී චම්පික රණවක සඳහන් කළේය.

මනාල මනාලියන්ගෙන් කොටසක් ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික උඩරට ක්‍රමයට සැරසී සිටි අතර තවත් පිරිසක් චීන සාම්ප්‍රදායික ඇඳුමෙන් ද තවත් පිරිසක් යුරෝපීය ඇඳුම්වලින් ද සැරසී සිටියහ.

“අපි බැන්දා. ගොඩක් සතුටුයි. බොහොම ස්තුතියි ශ්‍රී ලංකා”

ඔවුන් සියළු දෙනාම ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික ක්‍රමයට අතිනත ගනු ලැබුවේ සිංහල මංගල චාරිත්‍ර කිහිපයක් ද අනුගමනය කරමිනි.

“ගොඩක් සතුටුයි, මෙහෙම ගොඩක් අය එක්ක එකතුවෙලා අපේ මංගල උත්සවය ගන්න ලැබීම ගැන. මේ දවස කවදාවත් අමතක වෙන්නේ නැහැ,” එක් චීන මනාලයෙක් සිය විශේෂ දිනය පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේය. ශ්‍රී ලංකාව තමන්ට සුවිශේෂී රටක් බව සංවාදයට එක් වූ ඔහුගේ බිරිඳ පැවසීය.

“අපිට ශ්‍රී ලංකාව කොහොමත් විශේෂයි. මොකද මම මෙහෙ අවුරුදු තුනකට පස්සේ නිවාඩුවකට ආපු වෙලාවේ තමයි මෙයාව හම්බවුනේ. මෙයා එතකොට ලංකාවේ වැඩකරගෙන හිටියේ,” ඇය තම සැමියා ගැන විස්තර කළාය.

“අපි දෙන්නා මීට අවුරුදු හතකට කලින් විශ්ව විද්‍යාලේ හම්බවෙලා අපේ සම්බන්ධය පටන් ගත්තේ. මේක අපිට ගොඩක් වෙනස් අත්දැකීමක්,” තවත් මනාලියක් සිය සුවිශේෂී දිනය ගැන අදහස් දැක්වුයේ එලෙසිනි.

“අපි ගොඩක් වාසනාවන්තයි මේ වගේ විශේෂ අවස්ථාවක විවාහ වෙන්න ලැබීම ගැන.”

නැටුම්, ගැයුම්, වැයුම් ඇතුළු දෙරට නියෝජනය වන සංස්කෘතිකාංග රැසක් ද උත්සවයට ඇතුළත් කර තිබුණි.

මෙම මනාල මනාලියන් පිරිස විවාහ උත්සවයෙන් අනතුරුව ඉදිරි දින කිහිපය තුළ ශ්‍රී ලංකාවේ සංචාරක වශයෙන් වැදගත් ස්ථාන රැසක සංචාරය කිරීමට නියමිතය.





ශ‍්‍රී ලංකා තේ ගෙන්වීම රුසියාව තහනම් කරයි. රොයිටර් වාර්තාව මෙන්න !

රුසියාව විසින් අනිද්දා (18) දිනයේ සිට ශ්‍රී ලංකාවෙන් තේ ආනයනය කිරීම අත්හිටුවීමට තීරණය කර ඇති බව රොයිටර් පුවත් සේවය සදහන් කරයි.

මීට හේතුව ලෙස දැක්වෙන්නේ මෙරටින් රුසියාවට ආනයනය කරන ලද තේ තොගයක ‘කප්රා කුරුමිණියා’ නමින් හඳුන්වන කෘමීයක් සිටීමයි.

ශ‍්‍රී ලංකාවේ තේ නිෂ්පාදනය සදහා රුසියාව ප‍්‍රධාන ගැනුම්කරුවෙක් වන අතර මෙම 2017 වසරේ මුල් මාස 10 සදහා පමණක් රුසියාව විසින් ඩොලර් මිලියන 436ක් වටිනා තේ ටොන් 141,300ක් ශ‍්‍රී ලංකාවෙන් මිලදී ගෙන ඇත.

බයිට්, අරක්කු, සිගරට් ඉල්ලන අමුතු දෙවි කෙනෙක්

අපි උදේ හවස දෙවියන් බුදුන් වඳිනවා. දෙවියන්ට බුදුන්ට පහන පත්තු කරනවා. අපි ජීවත් වෙන්නේ අපේ පාඩුවේ. අපි කාටවත් වැරැද්දක් හිංසාවක් කරන්නෙ නෑ. ඒත් අපිට හරියන්නෙ නෑ. කිසිම දියුණුවක් නෑ. හැමදාම ප්‍රශ්න... ප්‍රශ්න... ප්‍රශ්න... ලෙඩදුක් කරදර... කවදාවත් හිතේ සැනසිල්ලක් නෑ... දෙවියන්ගේ බුදුන්ගේ පිහිටක් අපිට නෑ... දෙවියෝ අහක බලන්නෙත් අපිට.

බුදුන්ට දෙවියන්ට කොතෙක් පුදවර දුන්නත් බුදුන්ගෙන් දෙවියන්ගෙන් කිසිදු පිහිටක් නැතැයි දෙවියන්ටත් දෙස්දෙවොල් තියන මිනිසුන් අපි දැක ඇත්තෙමු.

දියවන්නාවට ආ අමුතු ටොෆිය

දියවන්නා කවුන්සිලේ මීටින් තියන වෙලාවට නිදිසුව විඳින කිහිපදෙනෙක් ඉන්නවලු... මෙහෙම නිතරම වගේ නිදිසුව විඳින්නෙ ඌවෙන් ගම්පහ දිසාවෙන් පත්වෙච්ච ලොකු ලොකු පට්ටම් දරන දෙතුන් දෙනෙක්ලු.

රියැදුරු - කොන්දොස්තර තේ බොන අතරේ ලංගම බසය පැහැරගත් හොරු සෙට්එක නිට්ටඹුවේදී මාට්ටුවෙයි

වේයන්ගොඩ ගුරු අභ්‍යාස විද්‍යාලයේ පුහුණුවකට සහභාගි වී සිටින සිසුන් පිරිසක් නැවත කඩුවෙලට රැගෙනයෑම සඳහා පැමිණි, කැස්බෑව ලංගම ඩිපෝවට අයත් අංක wp. NA 4049 දරන බස් රථය සොරාගෙන යමින් සිටි සැකකරුවකු, බස්රථයද සමඟින් නිට්ටඹුව පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.

ETI ෆයිනෑන්ස් කඬා වැටේ...! ස්වර්ණවාහිනිය ඇතුලු එදිරිසිංහ පවුලේ සියලු ව්‍යාපාර බිඳවැටෙයි...!

ඊ.ඒ.පී සමූහ ව්‍යාපාරයට අයත් ඊ.ටී.අයි. ෆයිනෑන්ස් ආයතනයේ‍ මූල්‍ය අර්බුධය මේ වන විට ඉතාමත් බරපතල තත්ත්වයට පත් වී ඇත.  ඊ.ටී.අයි. ෆයිනෑන්ස් ආයතනයේ සිදු වූ මූල්‍ය කඩා වැටීම සැලවීමත් සමගම එහි මුදල් ආයෝජනය කළ ගනු දෙනු කරුවන් විශාල වශයෙන් තමන්ගේ මුදල් තැන්පතු යළි ලබා ගැනීමට පැමිණියත් ඔවුන්ට මෙතෙක් මුදල් ලබා ගැනීමට නොහැකි වී ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ  ලියාපදිංචි මූල්‍ය සමාගමක් වන ඊ.ටී.අයි. ෆයිනෑන්ස් ආයතනයේ වත්මන් තත්ත්වය මීට වසර ගණනාවකට  පෙර ශ්‍රී ලංකාවේ සිදු වූ විශාලතම මූල්‍ය වංචාව වන ගෝල්ඩන් කී තැන්පතුවංචාවටත් වඩා බරපතල එකක් බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති. 

දරුවන් නැත්තේ ඇයි? පේරාදෙණියේ විශ්ව විද්‍යාලයේ අලුත්ම සමීක්‌ෂණයක්‌

ශ්‍රී ලංකාවේ පමණක්‌ නොව ලෝකයේ බොහෝ රටවල අද බරපතළ ගැටලුවක්‌ ලෙස වඳභාවය හෙවත් දරුවෙක්‌ බිහිකරලීමේ හැකියාව නොමැති වීම පෙන්වා දිය හැකි තත්ත්වයට පත්ව තිබේ.

ලංකාවේ වඳභාවයට පත්ව ඇති කාන්තාවන් ප්‍රතිශතයක්‌ ලෙස සියයට පහකි. ඒ අතරින් සියයට තිස්‌තුනක්‌ එසේ වඳභාවයට පත්ව ඇත්තේ, පිරිමින්ගේ සිරුර අභ්‍යන්තරයේ ඇති විවිධ රෝගී තත්ත්වයන් හේතුවෙන් බවට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍යවරුන් දෙදෙනකු විසින් කළ සමීක්‌ෂණයකින් සනාථ වී තිබේ.

ලොවම දිනූ ආසියාවේ කලු සිංහයා”ලූෂන්” මවුබිමට පිළිගත්තේ මෙහෙමයි

සමස්ත ශ්‍රී ලංකාවටම අභිමානයක් ගෙන එමින් කායවර්ධන ක්‍රීඩාවෙන් ලොවම දිනු ශ්‍රී ලංකාවේ අපේ ලූෂන් පුෂ්පරාජ් පසුගියදා ඇමෙරිකාවේ ඇට්ලස් ටෙක්සාස් ජාත්‍යන්තර කායවර්ධන තරගාවලියේ සිව් වැනි ස්ථානය දිනාගත් පුවත සැමටම පෙර නෙත් ගොසිප් අප ප්‍රථමයෙන්ම වාර්තා කළෙමු.

හිතේ දිරියට ගතේ දිරිය හරස් වූ ගයාන්ට ඔබේ උදව් අවශ්‍යයි

ජීවිතයට එන බාධක හිතේ ශක්තියෙන් ජය ගන්න උත්සාහ කරන ගයාන් චින්තක සබරගමුව විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙක්. ගයාන් ⁣වයස අවුරුදු 12 සිට රෝගී තත්වයකින් පෙළෙනවා. ඔහුගේ මොළය වර්ධනය වුවද ශරීරය වර්ධනය වීමක් වෙන්නෙ නෑ . ගයාන්ට මේ වගේම නංගි කෙනෙක් ඉන්නවා.



ඇය උසස් පෙළ සමත් වී සරසවි වරම් ලැබුවත් ඇයට ගයාන් තරම්වත් ඇවිදින්න බැරි නිසා කැම්පස් යන්න සිද්ද වුනේ නෑ. මොවුන්ගේ තාත්තා මෑතකදි මිය ගිහින්.