BREAKING NEWS
latest

728x90

468x60

තමන්ම කුලියට දෙන භාණ්‌ඩ උස්‌සලා ගැනුම්කරුවන්ගෙන් අලාභ අරගත් පට්ට හොරා

දෙහිවල නැදිමාල ප්‍රදේශයේ උත්සව භාණ්‌ඩ හිමිකරුවකු විසින් තමා කුලියට ලබාදෙන භාණ්‌ඩ වෙනත් පුද්ගලයන් යොදවා සොරාගෙන ගැනුම්කරුගෙන් මුදල් ලබාගන්නා ජාවාරමක්‌ අනාවරණය කර ගැනීමට මිරිහාන විශේෂ අපරාධ කොට්‌ඨාසයේ නිලධාරීහු සමත් වූහ.

මෙම පුද්ගලයා මීට පෙර දෙහිවල ව්‍යාපාරිකයකුගේ මෑණියන්ගේ උපන්දිනය වෙනුවෙන් මහා සංඝරත්නය අසූතුන් නමක්‌ සඳහා සූදානම් කළ දානය ලබාදීමට මුදල් ලබාගෙන එම දානය ලබා නොදී මුදල් වංචා කර ඇතැයි විමර්ශනවලදී හෙළි වූ බවද උසස්‌ පොලිස්‌ නිලධාරියෙක්‌ පැවසීය.

කොසු මිටක්‌ කැඩෙන තුරු ගැබිනි බිරිඳට පහරදුන් සැකකාර සැමියා චාමරට ඇප නෑ

අවුරුදු 18 ක්‌ වයසැති ගැබිනි බිරිඳගේ දරු ගැබ විනාශ කිරීමට බලකරමින් බලහත්කාරයෙන් වේදනා නාශක පෙති 15 ක්‌ එකවර පොවා කොසු මිටක්‌ කැඩෙන තුරු එම ගැබිනි බිරිඳට පහරදීමේ චෝදනා සම්බන්ධයෙන් අධිකරණ නියමයෙන් ඉකුත් 25 වැනිදා සිට රිමාන්ඩ් භාරයේ පසුවන සැකකාර සැමියාට ඇප ලබාදීම ප්‍රතික්‍ෂේප කළ මිනුවන්ගොඩ මහෙස්‌ත්‍රාත් සහ දිසා විනිසුරු ශිලනි චතුරන්ති පෙරේරා මහත්මිය සැකකරුව ලබන 16 වැනිදා දක්‌වා තවදුරටත් රිමාන්aඩ් භාරයේ තබන ලෙසට 03 වැනිදා නියම කළාය.

රටම හඳුනන සුපිරි චිත්‍රශිල්පියා බිරිද ඝාතනය නිසා පොලිස් කුඩුවට

වේයන්ගොඩ කටුවස්ගොඩ ප්‍රදේශයේදී ජනප්‍රිය චිත්‍රශිල්පියෙක් විසින් සිදුකළ දරුණු පහරදීමකින් කාන්තාවක් මියගොස් තිබුණා.


මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 27 හැවිරිදි කාන්තාවක් වන අතර ඝාතකයා ඇගේ සැමියා බවත් ඔහුගේ වයස අවුරුදු 24ක් බවටයි වාර්තාවුණේ.

මොවුන් දෙදෙනා විවාහ වී ඇත්තේ මෙම වසරේ ජනවාරි මාසයේදී බවයි තොරතුරු අනාවරණ වී ඇත්තේ. මොවුන් අතර නිතර නිතර ගැටුම් ඇතිවී තිබෙනවා.

රාජකීය විවාහයට ප්‍රියංකා චොප්රාට ඇරයුම්


සුපිරි බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රා හට බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ මෙගන් මර්කල්ගේ විවාහයට ඇරයුම් ලැබී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දීපිකාගේ පැරණි පෙම්වතාවන රන්බීර් කපූර්ගෙන් දීපිකාට දුන් උණුසුම් හාදුව නිසා සිදු වූ දේ

රන්බීර් කපූර් හා දීපිකා පදුකෝන් යුවළ කාලයක් හරිම ආදරණීය පෙම්වතුන් විධියට හිටිය බව නම් කාටත් රහසක් නෙවෙයි. ඒ වුණත් දැන් නම් මේ දෙන්නා අතරේ එතරම් සුහදත්වයක් දකින්න ලැබෙන්නේ නැහැ.

"ෆේස්බුක්" වෙතින් මංගල යෝජනා සේවාවක්

ලොව ප්‍රසිද්ධ සමාජ මාධ්‍ය ජාලය වන ෆේස්බුක් සමාගමේ නවතම සේවාව ලෙස "මංගල යෝජනා සේවාවක්" අරඹන බවට එහි ප්‍රධානි මාර්ක් සකර්බර්ග් ඊයේ (01) නිවේදනය කළේය.

වාර්ෂික F8 සම්මන්ත්‍රණයට එක් වෙමින් මාර්ක් සකර්බර්ග් කියා සිටියේ ෆේස්බුක් හරහා ආරම්භ කිරීමට යන මෙම නවතම "මංගල යෝජනා සේවාව" හරහා ලොව වටා සිටින පුද්ගලයින්ට එක්වීමේ අවස්තාව හිමිවන බවයි.

සකර්බර්ග් පවසන්නේ දැනට ෆේස්බුක් භාවිත කරන පුද්ගලයින් ගෙන් මිලියන 200 ක පිරිසක් තමන් "තනිකඩයින්" ලෙස සිය ගිණුමේ හදුන්වා ඇති බවයි.

ලෝකයක් පුදුම කර ගයන පුංචි කෙල්ල. ලෝකයට කියාදුන් පාඩම | America's Got Talent 2017

ඇය ඇන්ජලිකා හේල් යට මේ වනවිට හැකිව තිබෙනවා ලෝකය පුර තරු තරඟ නරඹන්නන්ගේ ආකර්ෂණය දිනාගන්නට. අයගේ විශේෂත්වය වන්නේ ය මේ වනවිටත් ජිවත් වන්නේ මව විසින් අවුරුදු හතරේදී පරිත්‍යාග කර බද්ධ කරනු ලැබූ වකුගඩුවක් ආධාරයෙන්. වයස අවුරුදු හතරේදී අයගේ වකුගඩු දෙකම නරක්වී ගොස් ඇයට ජිවිත වධානමක් ගෙන එනවා. 

ඇමති මහින්ද අමරවීරගේ පුත් පසන් උපන්දිනය සැමරූ හැටි මෙන්න


ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ පුත් පසන් අමරවීර පසුගිය 21 වැනිදා සිය උපන්දිනය සැමරුවා . ඒ වෙනුවෙන් ඔහුගේ මිතුරන්ට හා හිතවතුන්ට සාදයක්ද සංවිධාන කර තිබුණා.

ලබන මාසේ විවාහ වෙන්න සිටි ජෝන් සීනාගේ විවාහයට වුන දේ මෙන්න

රෙස්ලින් ක්‍රීඩකයෙකු ලෙස ලොව පුරා ප්‍රසිද්ධියට පත්ව සිටින ජෝන් සීනාගේ ආදර සබඳතාවය බිදී ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා . ඒ අතර  ජෝන් සීනා හා තමන්ගේ ආදර සම්බන්ධය අවසන් වූ බවට රෙස්ලින් ක්‍රීඩිකාවක ලෙස ප්‍රසිද්ධියට පත් නිකී බෙලා සිය ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ ද සටහන් කර තිබුණා .

වෙසක්‌ සඳ අතරින් දෝරෙ ගලන නරකාදියක්‌ - රට පුරාම තරුණ පිරිස රැස්‌ කර මිටියාගොඩදී උමතු සාදයක්‌

මේ කාලයේ ජනප්‍රියම මාධ්‍ය මුහුණු පොතය. එහි ඇලවුණු කෙනෙක්‌ ගැළවෙන්නේ කලාතුරකිනි. ඇතැම් තරුණ, තරුණියන්ට මුහුණු පොතේ සැරිසරන්නට වේලාවක්‌, කලාවක්‌ නැත. මඟ තොටේ ඇවිදින විටත් මුහුණු පොත දිග ඇරගෙන උන්මත්තකයන් සේ සිනාසෙයි. විටෙක මුහුණු ඇද කරගන්නේය. කන, බොන කෑම ජාති බත් පිඟන් පිටින් මුහුණු පොතේ අතුරන්නේය. විලිලැඡ්ජාවකින් තොරව අතිශය පුද්ගලික තොරතුරු පවා මුහුණු පොතෙන් සමාජගත කරන්නේය. ඒ අල්ලපනල්ලේ ඇතැම් මානසික රෝගීහු මුහුණුපොත පුරා අසභ්‍ය තොරතුරු වපුරන්නාහ. සිහිබුද්ධියෙන් බලන කෙනෙකුට දැන් මුහුණුපොත කෝලම් මඩුවකි. දැන් අප කියන්නට යන්නේ ද මුහුණු පොත නමැති කෝලම් මඩුව හරහා සංවිධානය වූ අපූරු මත්පැන් සාදයක්‌ ගැනය.