රෙස්ලින් ක්‍රීඩකයෙකු ලෙස ලොව පුරා ප්‍රසිද්ධියට පත්ව සිටින ජෝන් සීනාගේ ආදර සබඳතාවය බිදී ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා . ඒ අතර ජෝන් සීනා හා තමන්ගේ ආදර සම්බන්ධය අවසන් වූ බවට රෙස්ලින් ක්‍රීඩිකාවක ලෙස ප්‍රසිද්ධියට පත් නිකී බෙලා සිය ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ ද සටහන් කර තිබුණා .
ඇය සඳහන් කර තිබුණේ වසර 06ක කාලයක් එකට සිටි තමන් සහ ජෝන් සීනා වෙන්වීමට තීරණය කළ බවයි.
කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය මීට පෙර අනාවරණය කළේ ඔවුන්ගේ විවාහය ලබන මාසයට යෙදී තිබු බවයි.