BREAKING NEWS
latest

728x90

468x60

කොසු මිටක්‌ කැඩෙන තුරු ගැබිනි බිරිඳට පහරදුන් සැකකාර සැමියා චාමරට ඇප නෑ

අවුරුදු 18 ක්‌ වයසැති ගැබිනි බිරිඳගේ දරු ගැබ විනාශ කිරීමට බලකරමින් බලහත්කාරයෙන් වේදනා නාශක පෙති 15 ක්‌ එකවර පොවා කොසු මිටක්‌ කැඩෙන තුරු එම ගැබිනි බිරිඳට පහරදීමේ චෝදනා සම්බන්ධයෙන් අධිකරණ නියමයෙන් ඉකුත් 25 වැනිදා සිට රිමාන්ඩ් භාරයේ පසුවන සැකකාර සැමියාට ඇප ලබාදීම ප්‍රතික්‍ෂේප කළ මිනුවන්ගොඩ මහෙස්‌ත්‍රාත් සහ දිසා විනිසුරු ශිලනි චතුරන්ති පෙරේරා මහත්මිය සැකකරුව ලබන 16 වැනිදා දක්‌වා තවදුරටත් රිමාන්aඩ් භාරයේ තබන ලෙසට 03 වැනිදා නියම කළාය.

මිනුවන්ගොඩ ජාපාලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු වන වෑවලගේ චාමර දනන්ජය නමැති සැකකාර සැමියාව මෙසේ රිමාන්ඩ් භාරයට පත් කෙරිණි. 

සැකකරු පහර කෑමට ලක්‌ව සිටින කාන්තාව සමග මීට මාස 04 කට පමණ පෙර විවාහ වී ඇති බවට අධිකරණයේදී සඳහන් විය. 

පහර කෑමට ලක්‌වීමෙන් අනතුරුව රෝගීවූ කාන්තාව මීගමුව මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබාගත් වෛද්‍ය වාර්තා සහ ඇය එක්‌ මසක ගැබිනියක්‌ බවට වූ වෛද්‍ය වාර්තා අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ප්‍රියන්ති ලියනආරච්චි මහත්මිය අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබීය.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සරණ කරුණාරත්න මහතා චෝදනා ප්‍රතික්‍ෂේප කරමින් සැකකරුට ඇප ඉල්ලා සිටියේය. මිනුවන්ගොඩ පොලිස්‌ ස්‌ථානයේ පොලිස්‌ කොස්‌තාපල් අනුර කුමාර (34588) නිලධාරියා පැමිණිල්ල මෙහෙයවිය.
« PREV
NEXT »

Facebook Comments APPID