BREAKING NEWS
latest

728x90

468x60

සයිටම් ගැන තීරණ ගැනීමේ අයිතියක් වෛද්‍ය සභාවට නැතිලු

මාලඹේ පෞද්ගලික විශ්වවිද්‍යාලයෙහි (සියටම් හි) අවම ප්‍රමිතිය පිළිබඳ පරීක්ෂා කිරීමට හෝ තීරණ ගැනීමට කිසිඳු අයිතියක් හෝ හැකියාවක් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට නැති බව නීතිපතිවරයා ඊයේ (29) ශ්‍රේෂ්ඨාධිකරණයේ දී කීය. එබැවින් එම අවම ප්‍රමිති තීරණය මත පදනම්ව සයිටම් සිසුවිය ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ගත් තීරණය වැරැදි බැවින්, සයිටම් සම්බන්ධයෙන් දෙන ලද අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ගොනුකර ඇති විශේෂ අභියාචන පෙත්සම විභාගයට අවසර නොදී නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේය. අභියාචනාධිකරණයෙන් දෙන ලද ‘සයිටම්’ නඩු තීන්දුවට එරෙහිව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ඉදිරිපත් කළ විශේෂ අභියාචන පෙත්සම සලකා බැලූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සංජේ රාජරත්නම් මහතා මේ බව කීය.

“ගීතය හැදුවේ වික්ටර් මහත්මයාට නෙවෙයි. මගේ තාත්තට” – ඉරාජ් ගොඩ යාමට පියාත් විකුණයි

අපි කව්රුත් දන්නවා ඉරාජ් ලඟදි වික්ටර් රත්නායක මහතාගේ ජිවිත කතාව පාදක කොටගෙන ‘දැනුනා’ කියලා ගීතයක් නිර්මාණය කර තිබුනා. මෙම ගීතය පළකිරීමත් සමග ඉරාජ්ට සමාජ මාධ්‍ය හා වෙබ් තුල ලැබුනේ හොඳ ප්‍රතිචාරයක් නම් නෙවෙයි. එයට හේතුව වෙන්නේ, වික්ටර් රත්නායක මහතා කියන්නේ ලංකාවේ සංගීත ක්ෂේශ්ත්‍රයට මහඟු මෙවරක් කල ශේෂ්ඨ ගායකයෙක්. එවන් උතුම් පුද්ගලයකුව, ඉරාජ් වැනි නවක ගායකක් විවේචනය කිරීමේ කිසිසේත්ම සාදරනිකරණය කල නොහැකීය.


මාධ්‍ය විවේචන පසෙකලා නුවර මහ රෝහලේ දෙවැනි හදවත් සැත්කමත් සාර්ථකයි

මහනුවර මහ රෝහලේදී පෙරේදා (26දා) රාත්‍රි සාර්ථක ලෙස දෙවැනි හදවත් සැත්කමද සිදු කළේය. මෙම සැත්කමට පැය හතක් ගතවී තිබේ. මෙම සැත්කම අවසන් වන විට ඊයේ අලුයම වී තිබිණි.

මෙවර සැත්කම සිදුකරනු ලැබුවේ 19 හැවිරිදි සචිනි සෙව්වන්දි නම් තරුණියකටය. ඇයගේ හදවතේ ක්‍රියාකාරිත්වය සියයට දහය දක්වා අඩුවී තිබුණු අතර ඇයට හදවතක් බද්ධ කිරීමට වෛද්‍යවරුන් නිර්දේශ කර තිබිණි. ඒ අනුව මීට පෙර ඇයට හදවතක් බද්ධ කිරීමට සූදානම් වුවත් වෛද්‍ය උපකරණවල ඇති අඩුපාඩුවක් නිසා එය තාවකාලිකව නතර කිරීමට වෛද්‍යවරුන් කටයුතු කළේය.

නියමිත වයසේදී ත්‍රීපෝෂ ලබා දුන්නානම් ඇතැම්විට මේ තත්වය වෙනස් වෙන්න තිබ්බා – පුතාගේ මොඩ ආතල්වලට සමන් එදිරිමුණි ඉරාජ්ගේ පියාට ලිපියක්

ඉරාජ් වීරරත්න විසින් සිදු කළ නවතම වීඩියෝවට මේ වන විට සමාජ මාධ්‍යවල පමණක් නොව, අන්තර්ජාලය පුරාවටම බොහෝ විවේචන එල්ල වෙමින් පවතිනවා.



2016 වර්ෂයේදී මේ ඉරාජ්ගේ “ගිණියම් රෑ” මියුසික් වීඩියෝව නිකුත් කල අවස්ථාවේ ඔහු විසින් එම ගීතය, දෙවන ඉණිම කතාවේ නිර්මාණකරු සමන් එදිරිමුණිටද යවා ඇති අතර, එවිට එම ගීතය බැලු ඔහු විසින් එම ගායකයාගේ පියාට ලියු ලිපියක් මේ දවස් වල බුකියේ නැවත උඩට පැමිණ තිබෙනවා. මේ ඔහු විසින් එදා තැබූ ඒ සටහනයි.

ලෝක ජනාවාස දිනයට සමගාමීව අඩු ආදායම්ලාභීන්ට නිවාස ආධාර

''නිවාස ප්‍රතිපත්ති : පහසු නිවාස''මැයෙන් 2017 - ලෝක ජනාවාස දින සැමරුම් වැඩසටහන නිමිත්තෙන් අඩු ආදායම්ලාභී හා අවදානම් සහගත පවුල් සඳහා වන නිවාස ආධාර හා වැසිකිළි ආධාර බෙදා දීමේ උත්සවයක් දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය හා ක්‍රීඩා හා ග්‍රාම සංවර්ධන, නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය ෂාන් විජයලාල් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.



දිගම සාරි පොටේ ගිනස් වාර්තාව අවලංගු වෙයි – මෙන්න හේතුව

මේ ටිකේ ලංකාවම හිටියේ මනාලියකගේ සාරි පොටේ එල්ලිලා. ඉස්කෝලේ ළමයි සාරි පොට උස්සන්න ගත්ත එක වැරදියි කියලයි හැමෝම කිවුවේ. හැබැයි ඒ අතර ටික දෙනෙක් කිවුවේ ඒකෙ ඇති වැරද්දක් නැහැ කියලයි.

කොහොම වුනත් මේ ප්‍රශ්නේ ගැන ගිනස් වාර්තා පොතටත් ආරංචි වුණා. ඒ නිසා මේ වාර්තාව ගිනස් කමිටුවෙන් අවලංගු කරන්න තීරණය කරලා. ඒකට හේතුව විදිහට එයාල කියන්නේ නීති රීති කඩ කරපු කිසිම වාර්තාවකට අනුමැතිය ලබා දෙන්නේ නැහැ කියලා. ලංකාවේ ආයතන කිහිපයක් මේ සම්බන්ධව නීතියෙන් කටයුතු කරන්න ඉදරිපත් වෙලා තියෙනවා වගේම වාර්තාවකුත් හදලා. ඒ නිසා අදාළ වාර්තාව ගැන මේ වෙනකොට අයදුම්පතක් ගිනස් කමිටුවට ලැබිලා තියෙනවා කියලත් ගිනස් කමිටුවෙන් තහවුරු කළා. මේ ඔක්කොම හේතු ගැන සැලකිලිමත් වුන ගිනස් කමිටුව කියන්නේ තියන්න ගියපු වාර්තාව අවලංගු ගිනස් වාර්තාවක් කියලයි.

ඊයේ සවස සියල්ලන් හඩවා තිහාරියේදී දසුන් අවසන් ගමන් යයි

කලා ක්ෂේත්‍රය හැඬවූ නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පී දසුන් නිශාන් අද අවසන් ගමන් ගියා. ඔහුට ආදරය කළ රසිකයන්ගේ, හිතවතුන්ගේ මෙන්ම ඥාතින්ගේද සෝසුම් මැද අද තිහාරිය මල්වත්ත සුසාන භූමියේදී ඔහුගේ අවසන් කටයුතු සිදු කෙරුණා.

15 හැවිරිදි දැරියක් රාත්‍රී සමාජ ශාලාවක අඩ නිරුවතින් නැටවූ 18 අක්කා කෙනෙක්ගේ වැඩ මෙන්න

ගම්බද ප්‍රදේශවල තවත් රූමත් දැරියන් ගෙන ඇත්දැයි විමර්ශන...

දැරිය ලිංගික ක්‍රියා සඳහා මිලදී ගැනීමට එහි සේවකයෙකුගෙන් ඉල්ලලා..

පහළොස් හැවිරිදි දැරියක් රවටාගෙන ගොස් වැලිකඩ ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවක සේවයේ යෙදවූ තරුණියක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිඛෙනවා.

අදාළ ගණිකා සේවයේ යෙදවූ 15 හැවිරිදි දැරිය වැලිකඩ පොලිසිය විසින් සිදුකල විමර්ශනයකදී සොයාගනු ලැබුවේ වැලිකඩ ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවක සිටියදීයි.

යක්කලමුල්ලේ කෝටි ගණනක් හොරා කෑ මහ හොරා ඇල්ලූ පොලිස් මෙහෙයුම මෙන්න

රටට පෙනෙන්නට, උගතෙක්, බුද්ධිමතෙක්, සමාජ සේවකයෙක් වශයෙන් සුපිරි ජීවිතයක් ගත කරන හිනිදුම මහත්තයා ගමන් බිමන් යන්නේ මිල අධික සැප වාහන වලිනි. අද ආ වාහනය හෙට නැත. තවත් වාහනයකින් ඊයේ ආවද අද එන්නේ එවැනිම වෙනත් සුපිරි වාහනයකිනි. එසේ වැඩ පෙන්වා කෝටි ගාණනක් මුදල් වංචාවක සුල මුල සොයා ගැනීමට ගාල්ල යක්කලමුල්ල පොලිස් ස්ථානය සමත් වන්නේ වංචාකරුවන්ට මොනම ආකාරයෙන් වංචාව සිදු කර ද ඒවා විසදීමට ලංකාවේ පොලිසිය තවමත් සමත් බව මොනවට කියා පාමිනි.

දසුන් නිෂාන්ට අවසන් ගෞරව දක්වන්න ශලනී තාරකා යයි.. හෙලි නොවූ කතා සියල්ල එළියට


ගෙල වැලලාගෙන සිය දිවා නසාගත් රංගන ශිල්පී දසුන් නිෂාන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සදහා රංගන ශිල්පිනී ශලනි තාරකා පෙරවරුවේ ගම්පහ පිහිටි ඔහුගේ නිවසට ගොස් ඇත.

ඇයට සමීප ආරංචි මාර්ග පවසන්නේ දසුන් නිෂාන් සමග සබදතාවක් තිබූ නමුත් ඔහු විවාහකයෙකු බව දැනගත් පසු ඇය විසින් එය නවතා දමා ඇති බවයි.

කෙසේ වෙතත් ඔවුන් දෙදෙනා එක්ව ජීවත් වූයේ යයි පලවන වාර්තා අසත්‍ය බවද සදහන් වන අතර මියගිය දසුන් නුගේගොඩ බෝඩිමක සිටිද්දී ශලනී සිය මවුපියන් සමග නිවසේ සිට ඇත.

විද්‍යා ඝාතකයෝ හතක්‌ පෝරකයට චෝදනා 41 ටම වරදකරුවෝ වෙති

මහත් ආන්දොලනයට තුඩු දුන් යාපනය විද්‍යා ශිෂ්‍යාව පැහැරගෙන ගොස්‌ සමූහ දූෂණයට ලක්‌කර ඝාතනය කිරීමේ සිද්ධියේ විත්තිකරුවන් වන ස්‌වීස්‌ කුමාර ඇතුළු හත්දෙනකු වරදකරුවන් බවට තීන්දු කළ යාපනය ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල එම විත්තිකරුවන්ට ඊයේ දහවල් (27 වැනිදා) 1.26 ට මරණීය දණ්‌ඩනය නියම කළහ. 

විද්‍යා ශිෂ්‍යාව ඝාතනය කිරීමේ සිද්ධියේ විත්තිකරුවන් හත්දෙනාට එල්ලවී තිබූ චෝදනා 41 ටම වරදකරුවන් බව ඒකමතිකව තීන්දු කළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල ජනාධිපතිවරයා විසින් ලබාදෙන දිනයක හා වේලාවකදී ඔවුන් ප්‍රාණය නිරුද්ධවන තුරු එල්ලා මරා දමන ලෙසද නියෝග කළහ.

ඇත්ත එයා ජනප්‍රිය නිළියක් එක්ක සම්බන්ධයක් තිබුණා - දසුන්ගේ ආදරණීය බිරිද

ජනප්‍රිය නළු දසුන් නිශාන් ද සිල්වාගේ සියදිවි නසා ගැනීමේ පුවත වාර්තා වූ මෙහොතේ සිට ඔහු සම්බන්ධයෙන් විවිධ තොරතුරු මාධ්‍ය ඔස්සේ වාර්තාවීමට පටන් ගැනුණි.


එලෙස පුවත් ගලා එන්නට ආරම්භ වූවේ ඔහු ජනප්‍රිය නළුවෙකුවීම සහ ඔහුගේ මරණයට ජනප්‍රිය නිළියක් ගෑවී සිටීමත් නිසා විය හැකි ය. කෙසේ වුව ද මේ ඔහුගේ මිය යෑමෙන් අනතුරු ව මේ වනවිට වාර්තා වී තිබෙන අලුත් ම තොරතුරු ය. එනම්, දසුන් පසු ගිය කාලයේ ආදරය කළ ජනප්‍රිය නිළිය හා දසුන්ගේ ළඟම මිත්‍රයෙක් පවසන තොරතුරු ය.

“ඇත්තටම දසුන් පසුගිය කාලයේම හිටියේ මානසික පීඩනයෙන්. ඔහු ළඟින් හිටි කෙනෙක් හැටියට හිත හදා ගන්න අපිත් උදව් කළා. නමුත් දරා ගන්න බැරි වුණු තැන ජිවිතේ දාලා යන්න තීරණය කරන්න ඇති. අපි නම් හිතුවේ නැහැ එයා මෙහෙම කරයි කියලා. දසුන් මිය ගියාට පස්සේ බොහෝ දෙනා විවිධ දේ කියනවා.

කාකි ඇදුමෙන් වටවූ උණුවෙන හදවතක් තිබූ කැලණියේ පොලිස් මහත්වරුන්ගෙන් අසරණ පවුලකට සෙවණ

අව්වට වැස්සට තෙමී මඩුවක් වැනි තාවකාලික කුඩා නිවෙසක ගුලිවී සිටි කැලණිය ගෝනවල බතලහේනවත්ත ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුලකට කැලණිය‍ පොලිස් ස්ථානයේ මැදිහත්වීමෙන් රුපියල් ලක්ෂ 5 කට අධික වටිනාකමින් යුත් නව නිවෙසත් පසුගියදා පරිත්‍යාග කෙරිණි.

මේ නිවාසලාභියා වූයේ බතලහේනවත්ත ප්‍රදේශයේ එම්. ඩී. පියදාස මහතාය. හෙතෙම දරුවන් 5 දෙනෙකුගේ පියෙකි. එක් පුත්‍රයෙකු මේ වන විට මියගොසිනි. එම පුත්‍රයාගේ එකම දරුවා රැකබලා ගනිමින් අධ්‍යාපන කටයුතු ද කරනුයේ පියදාස මහතාය.

ආයෝජකයන් අද්දවා ගැනීමට කැලෑ ඉඩම් අන්තර්ජාලයට

ණය බරින් මිරිකී සිටින ශ්‍රී ලංකාවේ මුදල් යෙදවීම සඳහා ආයෝජකයන් ආකර්ශනය කරගනු පිනිස රට තුල ඇති කැලෑ ඉඩම් සියල්ල කඩිනමින් හඳුනාගැනීම පහසු කිරීම සඳහා රජය කටයුතු සලසා තිබේ.

එම පියවර ගෙන ඇත්තේ අගමැති රනිල් වික්‍රමසිංහ යටතේ ඇති ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ මධ්‍යම වැඩසටහන් කළමණාකරන ඒකකයේ ඉල්ලීම පරිදි ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් සකස් කරන ලද රජයේ ඉඩම් පිළිබඳ තොරතුරු ඇතුලත් සිතියමක් අන්තර්ජාල ගත කිරීමෙනි.

දසුන් නවක නිලියක් සමග සබඳතාවක් පවත්වන බව පෙර දිනක දුරකතනයෙන් සිය මවට කියල

ජනප්‍රිය රංගන ශිල්පී දසුන් නිශාන් ගෙලවැලලාගෙන මියයන අවස්ථාවේ සිය ජංගම දුරකථනය මගින් සියල්ල රූගත කර තිබියදී පොලිසියට හමුවී තිබෙනවා. පන්නිපිටිය පැලැන්වත්ත ප්‍රදේශයේ නිවසකදීයි ඔහු මෙලෙස ඊයේ ගෙලවැලලාගෙන මියගොස් තිබුනේ.

28 හැවිරිදි වියේ පසුවූ දසුන් නිශාන් හිරු ටීවී ඔස්සේ විකාශය වන කවුරුන්ද නුඹ මගේ නාට්‍යටද රංගනයෙන් දායක වූ අතර මියුසික් වීඩියෝ රැසකටද ඔහු රංගනයෙන් දායක වූවා.
බොහෝ රූප රචනා සදහා නිරූපනයෙන් දායක වූ මොහු ජනතාවගේ ආදරය දිනා ගත් නිරූපණ ශිල්පියෙක්. පන්නිපිටියේ නවතැන්පොලක සිට රංගන කටයුතු සදහා යොමු වූ දසුන් මිය ගොස් තිබෙන්නේත් එම කාමරයේදීමයි.

රෝහින්ග්‍යා විරෝධී ගල්කිස්සේ බෞද්ධ ප්‍රහාරයක් - රොහින්ග්‍යා සරණාගතයින් බූස්ස රැඳවුම් බාරයට : VIDEO

ජාතීන් අතර සංහිඳියාව වෙනුවෙන් ආණ්ඩුව අත් කරගෙන ඇති ප්‍රගතිය ගැන ජගත් නායකත්වයේ ප්‍රසාදජනක කතා ඇමරිකා එක්සත් ජනපදයේදී අසන්නට ලැබුණු බව ප්‍රකාශයට පත් කළ ජනාධිපතිවරයා පෙරලා සියරට බලා පැමිණ දිනට පසුදා කාන්තාවන් හා අත දරුවන් ඇතුළු අනාථයන් පිරිසක් පොලිසිය බලා සිටියදී ශ්‍රී ලංකාවේ භික්ෂුන් පෙරටු කොටගත් බෞද්ධ කණ්ඩායමක ප්‍රචණ්ඩතාවට ගොදුරු වීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය විමර්ශනයක යෙදී සිටී.



එක්සත් ජාතීන්ගේ අනුග්‍රහය යටතේ ගල්කිස්සේ නිවසක රඳවා සිටි රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් පිරිසක් එල්ල කොටගත් ප්‍රහාරය පිළිබඳව කරුණු එක්රැස් කරමින් සිටින බව සරණාගතයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශිකාවක් ගගන හා කියා සිටියාය.

කිසිම එල්.ටී.ටී.ඊ. නායකයෙක්‌ හමුදාවට භාර වුණේ නෑ

කිසිම එල්.ටී.ටී.ඊ. නායකයකු හමුදාවට භාර නොවූ බව යුද හමුදාව වෙනුවෙන් මුලතිව් මහෙස්‌ත්‍රාත් අධිකරණයේදී කරුණු දැක්‌වූ මේජර් ජෙනරාල් චානක ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

එල්.ටී.ටී.ඊ. නායක එලීලන් හමුදාවට භාර නොවූ බවත් ඔහු අත්අඩංගුවට පත්වී නොමැති බවත් ගුණවර්ධන මහතා අධිකරණය හමුවේ පසුගිය 19 දා ප්‍රකාශ කළේය.

එල්.ටී.ටී.ඊ. නායකයකු වූ එලීලන්ගේ අතුරුදන්වීම පිළිබඳ මුලතිව් මහෙස්‌ත්‍රාත් අධිකරණයේ පැවැත්වෙන නඩු විභාගයේදී මේ කරුණු අනාවරණය විය.

එලීලන්ගේ බිරිය ආනන්දි සසිදරන් :

අට අවුරුද්දකට ඉහතදී ශ්‍රී ලංකා යුද හමුදාවට භාරවූ ජ්‍යෙෂ්ඨ එල්ටීටීඊ නායකයකු අත් අඩංගුවට ගන්නා ලද බව ශ්‍රී ලංකා යුද හමුදාව විසින් අධිකරණය හමුවේ ප්‍රතික්ෂේප කරන ලදී.

ට්‍රැවිස්ගේ වැට බිඳින්න ඉන්දීය බෝට්ටු පස්ස ගහයි - කවුද මේ සින්නයියා !

නාවික හමුදාපති වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතාගේ උපන් දිනය අදට යෙදී තිබේ.

ශ්‍රී ලංකාවේ 21 වැනි නාවික හමුදාපතිවරයා වන ඔහු අදාළ ධූරයේ දිවුරුම්දෙනු ලැබුවේ පසුගිය (2017) අගෝස්තු 18 වැනිදා වන අතර ඔහු එම ධූරයේ වැඩ භාරගනු ලැබුවේ ඉකුත් අගෝස්තු 22 වැනිදාය.

වැඩ භාරගැනීමෙන් පසුව ගෙවා දැමුණු ඉකුත් මාසයේදී ඔහු නව ක්‍රියාන්විත හරහා ඉන්ධීය ධීවරයන් විසින් ලාංකීය මුහුද ආක්‍රමණය කිරීම 90%ක් පමණ අඩු කිරීමට සමත්ව ඇති බව නාවික හමුදා අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

අනුරාධපුර නගරයේ උද්‍යාන දෙකක අසභ්‍ය ලෙස හැසිරෙමින් පෙම් කෙළි 150ක් ‘අතේකෝට්’

අනුරාධාපුර මහ නගර සභාව මගින් පාලනය වන අනුරාධපුර නගරයේ උද්‍යාන දෙකක් වැටලීමෙන් ඒ තුළ අසභ්‍ය ලෙස හැසිරුණු තරුණ තරුණියන් එකසිය පනස් දෙදෙනෙකු (152) පොලිස් අත්අඩංගුවටගෙන ඇත.



මාධ්‍ය මගින් වරින් වර කළ හෙළිදරව්වකට අනුව මෙම වැටලීම සිදුකර ඇත්තේ අනුරාධාපුර මූලස්ථානාධිපති පොලිස් පරීක්ෂක සංජීව මහානාම මහතාගේ උපදෙස් මතය.

ශ්‍රී මහා බෝධි මාවතට යාබදව පිහිටි ‘‘රිවර් පාක්“ සහ මහජන ක්‍රීඩාංගනය අසල පිහිටි නේචර් පාක් යන උද්‍යාන දෙක මෙසේ වැටලීමේදී පාසල් යන වයසේ තරුණ තරුණියන් එම උද්‍යානය තුළ අසභ්‍ය ලෙස හැසිරෙමින් සිටි බව පවසයි.

පොකට් ගසා ATM කාඩ් පතින් Shopping කල දෙදරු මව අත්අඩංගුවට

හැටන් නගරයේ ප්‍රසිද්ධ හින්දු කෝවිලක් තුලදි මුදල් පසුමිබියක් සොරකම් කරන ලද දෙදරු මවක් හැටන් පොලිසිය මගින් පෙරේදා (23.09) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකාර කාන්තාව ඉකුත් (20.09) වැනිදා කෝවිලට යන අවස්ථාවේ එහි පුජාවකට පැමිණ සිටි අලුත විවහා වු යුවලක් විසින් එම කෝවිලේ බැමිමක් මත තබා තිබු මුදල් පසුමිබිය සොරා ගෙන එහි තිබු රැපියල් අසුදහසක මුදලක් හා එම ඒ.ටි.එමි කාඩි පතින් හැටන් නගරයේ නිමි ඇදුමි වෙළදසැලකින් රැපියල් තිස්දහස් හත්සිය අනුවක් වටිනා නිමි ඇදුමි තොගයක් හා හැටන් සතොස ශාඛාවෙන් නිවසට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැපියල් පන්දහක වටිනාකමකින් යුක්තව මිළදි ගෙන තිබෙනවා.

මවට පියාට වඳින්න දන්නැති උසස් පෙළ සිසුන්ට පොලිසියෙන් පාඩමක්

මවට වඳින ගාථාව කියන්න ….දන්නේ නෑ
පියාට වඳින ගාථාව කියන්න …. මුල් පද අමතකයි සර්.
ශ්‍රී ලංකාවේ අගමැති කවුද? රවී කරුණානායක

ඉහත දඳහන් කෙරුනේ ඉකුත් දිනක පෙරවරුවේ ගලේවෙල පොලිසියට පැමිණ සිටි ප්‍රදේශයේ ප්‍රධාන පෙලේ විදුහලක උසස් පෙළ පන්තියේ අධ්‍යාපනය ලබන සිසුන් තිදෙනෙකුගෙන් අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක ජානක වීරරත්න මහතා ඇසූ ප්‍රශ්නවලට ලබාදුන් පිළිතුරු කිහිපයකි.

මෙම සිසුන් තිදෙනා පාසලේ පන්ති මගහරිමින් තැන් තැන්වල නිකරුණේ ගැවසෙමින් සිටීම නිසා ඔවුන්ගේ මවුපියන් හා විදුහල්පතිවරයාගේ ඉල්ලීම මත අවවාද කිරීම සඳහා පොලීසියට යොමු කර තිබිණි.

කාන්තාවන් 65ක් අමාරුවේ දැම්ම අනංගයෙක් කොටුවෙයි

ලංකාවේ විවිධ ප්‍රදේශවල පදිංචි කාන්තාවන් 65ක් ඇතුළු පුද්ගලයන් රැසක් නොමඟ යවමින් කෝටි 10කට අධික මුදලක් වංචා කළ, අධිකරණ කිහිපයකින් වරෙන්තු ලැබූ පුද්ගලයකු යක්කලමුල්ල පොලිසියෙන් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු කුලී පදනම මත ලබාගත් මෝටර් රථයකින් පැමිණ යක්කලමුල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක නැවතී සිටින බවට ලද තොරතුරක් මත පොලිසිය එහි ගොස් තිබේ. ඒ වනවිට මෝටර් රථය හැරදමා සැකකරු පැනගොස් ඇති අතර පසුව කළ විමර්ශනයකදී අම්බලන්ගොඩ ප්‍රදේශයේ විහාරස්ථානයක සිටියදී ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම පුද්ගලයා ප්‍රදේශ කිහිපයක කාන්තාවන් 65 දෙනකු මුළා කරමින් මුදල් වංචා කර ඇති බවටත් එම කතුන් අතරින් 40කට අධික පිරිසක් සමඟ අඹු සැමියන් ලෙස සිටි බවටත් සැකකරු පොලිසියට ප්‍රකාශ කර තිබේ.

සෙව්වන්දිගේ පියාගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

බද්ධ කිරීම සඳහා සුදුසු හදවතක් ලැබී තිබියදී එම බද්ධ කිරීම සිදු නොකර සිටීමෙන් තම දියණියගේ ජීවිතය අවධානමට ලක්වීම හරහා ඇගේ මානව හිමිකම් උල්ලංඝනයවී තිබෙන බව පවසමින් මහනුවර මහ රෝහ‍ලේ හෘද ඒකකයේ ප්‍රතිකාර ලබන සෙව්වන්දි තරුණියගේ පියාවන මහේෂ් කුමාර නැමැති අය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

දසුන් නිෂාන් සියදිවි හානි කරගත්තේ පෙම් පටලැවිල්ලක් නිසාද?

නව පරපුරේ නැගී එන නළුවෙකු වූ දසුන් නිෂාන් සිය දිවියෙන් සමුගෙන තිබෙනවා. ඔහු මෙලෙසින් මියගොස් ඇත්තේ පන්නිපිටියේ පිහිටි ඔහුගේ බෝඩිමේදී වන අතර දසුන්ගේ සිරුර එහි තිබියදී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

ආදරය කියන්නේ මුහුනේ අලංකාරය හෝ බාහිර සුන්දරත්වය නොවේ. එය ආත්මීය බැදීමක්

2004 දී මගේ වයස අවුරුදු 17 යි. දිනක් මම දැක්කා නවක දැරියක් අපේ පන්ති කාමරය ඉස්සරහින් යනවා දැක්කා. මට ඈ දිහා දිගටම බලන් හිටියා. මම කවදාවත් ඇය වගේ කෙනෙක් දැකලා නැහැ. කාලයත් සමඟම අපි හොඳ මිතුරන් බවට පත් වූ නමුත් වෙනත් කෙනෙකු සමඟ ඇය සිටිනු දුටු සෑම මොහොතකම මගේ හදවත කම්පනයට පත් වුනා.

වැඩි කල් යන්න කලින් මම ඇය සමඟ කතා කරන එක නතර කළා. ඇය මම ඇයි කතා නොකරන්නේ කියන බව දැනන් හිටියේ නැහැ. විභාගයෙන් පසු ඇය කතා කිරීමට අවශ්ය බව පවසමින් ඇය මගේ පොත පිරිවෙන්න පණිවුඩ ලියා එවූ නමුත් එය කිසි විටෙක සිදු නොවිය. මම විශ්ව විද්‍යාලයට ගියා, නමුත් ඇය වගේ තවත් කෙනෙක් හමු වුණේ නැහැ. ඇයද බංගලාදේශයට ගියා.

යූරියා කියා ග්ලයිෆොසෙට් ගෙන්වලා

ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කරමින් රේගුවට සගවමින් මෙරටට ගෙනා රුපියල් ලක්ෂ 600ක් පමණ වටිනා ග්ලයිෆොසේට් තොගයක් ඔරුගොඩ වත්ත රේගුවේ පිහිටි මධ්‍යම බහාලුම් අංගනයේ තිබී පෙරේදා (23) අත්අඩංගුවට ගෙන ඇත.

සාරි පොටේ මනාලිය කියන කතාව

අපි තීරණය කළේ දිගම සාරි පොට සම්බන්ධයෙන් ගිනස් වාර්තාවට තබන්න මිසක් පාසල් දරුවන් අපහසුතාවයට පත් කිරීමට නොවන බව දිගම සාරි පොටේ මනාලිය සජිනි සුරවිර මහත්මිය පවසයි.

ඇය අප වෙත දුරකතනයෙන් සම්බන්ධ වෙමින් කියා සිටියේ මංගල දිනයේදී පාසල් නිල ඇදුමින් සැරසි මෙම සාරි පොට අල්ලා සිටිම වැරදි යැයි තදබල වරදක් වේවි යැයි තමා නොසිතු බවයි.

දැරියට අතවර කළ සෙබලා අත්අඩංගුවට

වයස අවුරුදු 15 ක් වන බාල වයස්කාර දැරියකට ලිංගික අතවර සිදු කළ බව කියන යුද හමුදා සෙබළෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 

වනාතවිල්ලුව පොලීසිය විසින් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වනාතවිල්ලුව පදිංචි 40 හැවිරිදි විවාහක පුද්ගලයෙක්ය.

ඔහු මිහින්තලේ ප්‍රදේශයේ යුද හමුදා කඳවුරක සේවය කරමින් සිට ඇත.

පසුගිය 18 වැනිදා නිවාඩු ලබා නිවසට පැමිණි සිටි අවස්ථාවේදී යාබද නිවසේ පදිංචිව සිටින බාල වයස්කාර දැරියකට සැකකරු විසින් අතවර කර ඇති බවට පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇත.