අනුරාධාපුර මහ නගර සභාව මගින් පාලනය වන අනුරාධපුර නගරයේ උද්‍යාන දෙකක් වැටලීමෙන් ඒ තුළ අසභ්‍ය ලෙස හැසිරුණු තරුණ තරුණියන් එකසිය පනස් දෙදෙනෙකු (152) පොලිස් අත්අඩංගුවටගෙන ඇත.
මාධ්‍ය මගින් වරින් වර කළ හෙළිදරව්වකට අනුව මෙම වැටලීම සිදුකර ඇත්තේ අනුරාධාපුර මූලස්ථානාධිපති පොලිස් පරීක්ෂක සංජීව මහානාම මහතාගේ උපදෙස් මතය.
ශ්‍රී මහා බෝධි මාවතට යාබදව පිහිටි ‘‘රිවර් පාක්“ සහ මහජන ක්‍රීඩාංගනය අසල පිහිටි නේචර් පාක් යන උද්‍යාන දෙක මෙසේ වැටලීමේදී පාසල් යන වයසේ තරුණ තරුණියන් එම උද්‍යානය තුළ අසභ්‍ය ලෙස හැසිරෙමින් සිටි බව පවසයි.
බොහෝ දෙනෙක් පෞද්ගලික පංති යන මුවාවෙන් මෙලෙස උද්‍යාන තුළ පැමිණෙන බව පරීක්ෂණ වලදී හෙළිවී ඇත.
මෙවැනි කටයුතු නිසා සිදුවන හානිය පිළිබදව ඔවුන් දැනුවත් කර තද බල ලෙසට අවවාද කර ඔවුන් පොලීසිය මගින් මුදා හරින ලදී.
එසේ ම ඉදිරියේදී සිනමා ශාලාවල දිවාකාලයේ දර්ශන හා පූජානගරයේ ජනතාව වැඩිපුර ගැවසෙන්නේ නැති අතුරු මාර්ගද මෙවැනි පරීක්ෂණයන් වලට යොදා ගන්නා ලෙස පොලීසියට ප්‍රසාදය පළකරන ජනතාව ඉල්ලා සිටී.