BREAKING NEWS
latest

728x90

468x60

15 හැවිරිදි දැරියක් රාත්‍රී සමාජ ශාලාවක අඩ නිරුවතින් නැටවූ 18 අක්කා කෙනෙක්ගේ වැඩ මෙන්න

ගම්බද ප්‍රදේශවල තවත් රූමත් දැරියන් ගෙන ඇත්දැයි විමර්ශන...

දැරිය ලිංගික ක්‍රියා සඳහා මිලදී ගැනීමට එහි සේවකයෙකුගෙන් ඉල්ලලා..

පහළොස් හැවිරිදි දැරියක් රවටාගෙන ගොස් වැලිකඩ ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවක සේවයේ යෙදවූ තරුණියක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිඛෙනවා.

අදාළ ගණිකා සේවයේ යෙදවූ 15 හැවිරිදි දැරිය වැලිකඩ පොලිසිය විසින් සිදුකල විමර්ශනයකදී සොයාගනු ලැබුවේ වැලිකඩ ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවක සිටියදීයි.



රාත්‍රී සමාජ ශාලාවේ අනෙකුත් කාන්තාවන් සමග මෙම දැරියද අඩ නිරුවතින් නර්තනයේ යෙදී ඇති බවට ලැබුන තොරතුරක් අනුවයි මෙම සොයාගැනීම සිදුව තිඛෙන්නේ.

දුම්මලසූරිය පොලිස් වසමේ පදිංචි මෙම දැරිය තවමත් තවමත් පාසල් යන දැරියක් බවයි එහිදී අනාවරණ වී ඇත්තේ.

මෙම දැරිය ලිංගික අතවරයකට ලක්ව ඇතිදැයි සොයාබැලීම සඳහා ඇය වෛද්‍ය පරීක්ෂණයකට යොමු කරනු ලැබුවා.

ඇයගේ දෙමාපියන් විසින් දුම්මලසූරිය පොලිසියට සිදුකළ පැමිණිල්ලකට අනුව අදාල විමර්ශන ආරම්භ කර ඇති බවයි වාර්තා වුයේ.

මේ පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමේදී දැරිය වැලිකඩ පොලිස් වසමේ රාත්‍රී සමාජ ශාලාවක රඳවාගෙන සිටින බවට හෙළිව ඇති බවයි පොලිසිය පවසන්නේ.

ඒ අනුව වැලිකඩ පොලිසිය අදාළ රාත්‍රී සමාජ ශාලාව වටලා දැරිය සොයාගෙන ඇයගෙන් ප්‍රකාශයක් ලබාගෙන එම දැරිය දුම්මලසූරිය පොලිසියට බාරදී තිඛෙනවා.

මෙම දැරිය පොලිසියට කළ ප්‍රකාශයට අනුව පසුගිය 16 වැනිදා සිට 20 වැනිදා දක්වා ඇය අදාල රාත්‍රී සමාජ ශාලාවේ තබාගෙන ඇති බවත් ඒ හේතුවෙන් ඇය අනෙකුත් කාන්තාවන් සමග අඩ නිරුවතින් නර්තනයේ යෙදීමට සිදු වූ බවත් ප්‍රකාශ කර තිඛෙනවා.

එමෙන්ම රාත්‍රී සමාජ ශාලාවට පැමිණි මැදි වයසේ පුද්ගලයෙක් මෙම දැරිය ලිංගික ක්‍රියා සඳහා මිලදී ගැනීමට එහි සේවකයෙකුගෙන් ඉල්ලා ඇති බවත් එම සේවකයා එලෙස මෙම දැරියව මැදි වයසේ පුද්ගලයාට දීමට ගිය අවස්ථාවේ තවත් සේවකයෙකු එයට විරුද්ධ වූ බවත් ඇය පොලිසියට ප්‍රකාශ කර තිඛෙනවා.

ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිසිය අදාල රාත්‍රී සමාජ ශාලාවේ ගණිකා සේවයේ යෙදුනු බව කියන රූමත් කාන්තාවන් 05 දෙනෙකු සහ සේවකයින් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිඛෙනවා.

කෙසේ වෙතත් එම දැරිය නිවසේ සිට විවාහ මංගල්‍යකට සහභාගී වීමට රැගෙන යන බව පවසා වෙනත් තරුණියක් විසින් රවටාගෙන වැලිකඩ ප්‍රදේශයේ අදාළ ගණිකා නිවාසය වෙත ගෙනවිත් ඇති බවයි මේ වනවිට අනාවරණ වී ඇත්තේ.

ඒ අනුවයි දුම්මලසූරිය පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කලේ.

එහිදී සැකකාර 18 හැවිරිදි තරුණිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිඛෙනවා.

සැකකාරිය මේ ආකාරයෙන්ම ගම්බද ප්‍රදේශවල වෙසෙන රූමත් බාලවයස්කාර දැරියන් රවටා සමාජ ශාලාවල සේවයේ යොදවා ඇත්දැයි අනාවරණ කරගැනීම සඳහා පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිඛෙනවා.

දැරිය දින දෙකක් අඩනිරුවතින් සමාජ ශාලාවේ රංගනයේ යෙදීම වෙනුවෙන් ඇයට රුපියල් 7000ක මුදලක් ලබා දී ඇති බවටයි මේ වනවිට තොරතුරු අනාවරණ වී ඇත්තේ.

අදාළ දැරිය දුම්මලසූරිය ප්‍රදේශයේ සිට වැලිකඩ සමාජ ශාලාව වෙත රැගෙන ගිය මෝටර් රථයේ රියදුරාද පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

එම සැකකාරිය සහ සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර තිඛෙනවා.
දුම්මලසූරිය පොලිසියයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.

« PREV
NEXT »

Facebook Comments APPID