BREAKING NEWS
latest

728x90

468x60

දැරියට අතවර කළ සෙබලා අත්අඩංගුවට

වයස අවුරුදු 15 ක් වන බාල වයස්කාර දැරියකට ලිංගික අතවර සිදු කළ බව කියන යුද හමුදා සෙබළෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 

වනාතවිල්ලුව පොලීසිය විසින් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වනාතවිල්ලුව පදිංචි 40 හැවිරිදි විවාහක පුද්ගලයෙක්ය.

ඔහු මිහින්තලේ ප්‍රදේශයේ යුද හමුදා කඳවුරක සේවය කරමින් සිට ඇත.

පසුගිය 18 වැනිදා නිවාඩු ලබා නිවසට පැමිණි සිටි අවස්ථාවේදී යාබද නිවසේ පදිංචිව සිටින බාල වයස්කාර දැරියකට සැකකරු විසින් අතවර කර ඇති බවට පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇත.

නැවත සේවයට ගොස් සිටි සැකකරු පණිවිඩයක් ලබා දී කැදවීමට පොලීසිය කටයුතු කර තිබේ.

අතවරයට පත්ව ඇති දැරිය වෛද්‍යය පරීක්ෂණයක් සඳහා යොමු කිරීමට නියමිතවය.

වනාතවිල්ලුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.වයස අවුරුදු 15 ක් වන බාල වයස්කාර දැරියකට ලිංගික අතවර සිදු කළ බව කියන යුද හමුදා සෙබළෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 

වනාතවිල්ලුව පොලීසිය විසින් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වනාතවිල්ලුව පදිංචි 40 හැවිරිදි විවාහක පුද්ගලයෙකය.

ඔහු මිහින්තලේ ප්‍රදේශයේ යුද හමුදා කඳවුරක සේවය කරමින් සිට ඇත.

පසුගිය 18 වැනිදා නිවාඩු ලබා නිවසට පැමිණි සිටි අවස්ථාවේදී යාබද නිවසේ පදිංචිව සිටින බාල වයස්කාර දැරියකට සැකකරු විසින් අතවර කර ඇති බවට පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇත.

නැවත සේවයට ගොස් සිටි සැකකරු පණිවිඩයක් ලබා දී කැදවීමට පොලීසිය කටයුතු කර තිබේ.

අතවරයට පත්ව ඇති දැරිය වෛද්‍යය පරීක්ෂණයක් සඳහා යොමු කිරීමට නියමිතවය.

වනාතවිල්ලුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
« PREV
NEXT »

Facebook Comments APPID