BREAKING NEWS
latest

728x90

468x60

කෝටිපති ශනිදාවෙන් ශනිදා වාසනාවෙන් සුපිරි කෝටිපතියෝ 2ක්

කෝටිපති ශනිදාවෙන් කෝටි 7.8 ක සුපිරි ජයග්‍රාහකයෙක් සහ ශනිදා වාසනාවෙන් කෝටි 5 ක තවත් සුපිරි ජයග්‍රාහකයෙක් මෙවරත් සංවර්ධන ලොතරැයි පවුලෙන් බිහි වූ වගයි.

වසර ගණනාවක් ශ්‍රී ලාංකික හද රැඳි විශ්වාසයේ හිමිකරුවා වූ සංවර්ධන ලොතරුයිය දිනෙන් දිනම එම විශ්වාසය තහවුරු කළ ලොතරැයියකි. විශ්වාසය තරම් සමීපතමයෙක් තවත් නැති නිසාවෙන්ම වැඩි වැඩියෙන් ඔබට මුදල් ත්‍යාග උරුම කරන්නට සංවර්ධන ලොතරැයිය සමත් වූ බව රහසක් නොවේ. පසුගිය මාස කිහිපය ඇතුළත එක පිට එක දිනුම් ලබාදුන් සංවර්ධන ලොතරැයි පවුලෙන් නැවතත් සුපිරි කෝටිපති ජයග්‍රාහකයන් දෙදෙනෙක් සමගින් ලක්ෂපතියන් දාහත් දෙනෙකු බිහි කර ඇත.

ශ‍්‍රී ලංකා ටෙලිකොම් හි TIER 3 දත්ත මධ්‍යස්ථානය මෙහෙයුම් අැරඹීමට සියල්ල සූදානම්

අති නවීන TIER 3 දත්ත මධ්‍යස්ථානයක් පිටිපන ප‍්‍රදේශයේ ඉදිකර ශ‍්‍රී ලංකා ටෙලිකොම් මූලස්ථානයේ සහ වැලිකඩ පිහිටි බහුවිධ දත්ත මධ්‍යස්ථාන අතර අන්තර් සබඳතාවක් ගොඩ නැගීම මඟින් ශ‍්‍රී ලංකා ටෙලිකොම් හි දත්ත මධ්‍යස්ථාන යටිතල පහසුකම් සුවිශේෂී පරිවර්තනයකට ලක්ව තිබේ.

මෙම පරිවර්තනයත් සමඟ පුළුල් හා ශක්තිමත් Co-location දත්ත පහසුකම් සහ Data Hosting පහසුකම්, තරගකාරී ගාස්තු යටතේ ලබාදීමට ශ‍්‍රී ලංකා ටෙලිකොම් වෙත හැකියාව ලැබේ.

තොරතුරු සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ පරිවර්තනීය අවධිය මධ්‍යයේ වුවද සිය තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ උපායමාර්ගයේ වැදගත්ම අංගයක් ලෙස ශ‍්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සිය දත්ත මධ්‍යස්ථාන ශක්තිමත් කිරීම අඛණ්ඩව සිදු කළේය. මෙම දත්ත මධ්‍යස්ථාන දැනටමත් උසස් හා ක‍්‍රියාකාරී තොරතුරු තාක්ෂණ පද්ධති මඟින් සිය පාරිභෝගික භවතුන්ගේ අවශ්‍යතාවන් සපුරාලීමට ක‍්‍රියා කර ඇති අතර ඒමඟින් නව සේවා සම්පාදක අවස්ථාවන් විවිධ ආයතන හා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවාසායකයන් වෙත සැලසීමට ද කටයුතු කර ඇත. 

රසිකයෙකුගේ අතින් මැරුම් කෑ සුරූපී නිළිය

ජනපි‍්‍රය නළු නිළියන්ට ඇතුවත් බැරි නැතුවත් බැරි පිරිසක් හැටියට රසිකයන් හඳුන්වා දිය හැකිය. රසිකයන් අතරේ පවතින ජනපි‍්‍රයතාවය නළු නිළියන්ගේ සාර්ථකභාවයට ඛෙහෙවින් හේතුවන බව විශ්වාස කෙරේ. තමන් ආදරය කරන නළුවා හා නිළිය වෙනුවෙන් මරණයට පත්වීමට කැමති රසිකයන් ද මේ අතර සිටී. එසේම එම නළුවා හා නිළිය තමාට පමණක් සිමා කරගැනීමට තැත් කරන මානසික ව්‍යාධීන්ගෙන් පෙළෙන රසිකයන් ද මේ අතර සිටින බව නොරහසකි.

නැගී එන හොලිවුඩ් නිළියක් වූ සුරූපී රෙඛෙකා ෂෙෆර් ද රසිකයකු නිසා අකල් මරණයකට පත් වූ නිළියකි. ඇයගේ මරණය කලා කේෂත්‍රයේ මහත් ආන්දෝලනයක් ඇති කළ අවාසනාත්මක සිදුවීමකි.

සඳ දෙවිඳු පියුමි හංසමාලිගේ අඟ පසඟට ආශිර්වාද කරලා - පියුමිගේ බැල්මටත් සඳ දෙවිඳු බැල්ම දායි

ෆෙස්බුක් හෙල්ලූ සඳ දෙවිඳු පියුමි හංසමාලිගේ අඟ පසඟට ආශිර්වාද කරලා - පියුමිගේ බැල්මටත් සඳ දෙවිඳු බැල්ම දායි

කාලෙන් කාලෙට කරළියට එන එක එක සිද්ධි අතර පසුගියදා කරලියට ආපු සිද්ධියක් තමයි සඳ දෙවිඳු කියලා කියන්නේ.

නිළි නංගිගෙ ටින්ට් කිරිල්ලෙන් අධ්‍යක්ෂකට මලේ මල

අපි පහුගිය සතියෙත් කතා කළේ අද කලා ක්ෂේත්‍රයේ නියැලී සිටින ශිල්පීන් ශිල්පිනියන් බොහෝ දෙනෙකුගේ කැපවීම හා වෘත්තියට තිබෙන ගරැත්වය ගැනනෙ.

මේ පරපුරේ ඇතැම් අයගේ ක්‍රියාකාරකම් ගැන කතා කරලා වැඩක් නැහැ.

ඔන්න පහුගිය දවසක එක්තරා තරැණ නිළියක් දර්ශන තලයට ඇවිත් තියෙන්නෙ කොණ්ඩෙ ටින්ට් කරගෙන. ඒකෙ එයා රඟපාන්නෙ ගැමි කෙල්ලෙක්ගේ චරිතයක්. ඒකෙ ෂූටිං භාගයක් කරලත් ඉවරයි.

ශ්‍රිලංකාව වෙනුවෙන් නාට්‍යකරුවන් 10ක් ඉන්දියාවට


ඉන්දියාවේ මධ්‍යම ප‍්‍රාන්ත රජය සහ කීර්තිමත් ඉන්දීය රංග කලා මධ්‍යස්ථානයක් වන Encemble Theater Group එක්ව 2017 වසර සඳහා සංවිධානය කරනු ලබන ළමුන් හා තරුණයන් වෙනුවෙන් පවත්වනු ලබන රංග කලා වැඩමුළු මාලාව සඳහා මේ වසරේ ශ‍්‍රී ලංකාවේ Red Apple Theater Gathering කණ්ඩායම තෝරාගෙන ඇත. මේ සඳහා ඉන්දියාව, නේපාලය ශ‍්‍රී ලංකාව සහ ඇමරිකාව යන රටවලින් නාට්‍ය කණ්ඩායම් රැසක් සහභාගී වේ.

ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් එම අවස්ථාව උදාවී ඇත්තේ Red Apple Theater Gathering නාට්‍ය කණ්ඩායමටයි. ළමා නාට්‍යකරණය හා අධ්‍යාපන උදෙසා නාට්‍ය කලාව භාවිතා කිරීම යන තේමාව ඔස්සේ පවත්වනු ලබන මෙම නේවාසික නාට්‍ය වැඩමුළු මාලාවට Red Apple Theater Gathering නියෝජනය කරමින් නාට්‍යකරුවන්ගේ 10 දෙනෙකු සභභාගී වේ. මෙම නාට්‍ය කණ්ඩායම සමඟ Red Apple Theater Gathering අධ්‍යක්ෂ සචිත‍්‍ර රාහුබද්ධ ළමා හා යොවුන් නාට්‍යවේදියාද මෙම සංචාරය සඳහා සහභාගී වන අතර ඇමරිකාව, ජර්මනිය හා ඉන්දියාව නියෝජ්‍ය කරමින් පැමිණෙන ළමා නාට්‍ය විශේෂඥයින් සමඟ වැඩමුළු මාලාව පැවැත්වීමේ සම්පත් දායකයෙකු ලෙස ද ඔහු කටයුතු කරයි.

ඒක කරන්න බැරිලු

රටේ ලොකු මහත්තයා ගැන සැර කතාවක් කරපු සුජීතුමා ගැන ආණ්ඩුවෙ අත පාටියෙන් අලි පාටියෙ ඉහළම තැන්වලට යෝජනාවක් ඇවිල්ලලු...

ඒකෙන් ඉල්ලා සිටියෙ මේ කොලොප්පම් කතාව කරපු සුජී ඇමැති පුටුවෙන් බස්සන්න කියලයි අපට ආරංචි... මේ කතාව අලි පාටියෙ මහගෙදරදිම කරපු නිසා වැඩේ බරපතළයි කියලත් අත පාටියෙ කස්ටිය අලි පාටියට දන්වලා...

රන් ආලේපිත බොරු ඊයම් කැබලි ලක්‍ෂ 50 කට ව්‍යාපාරිකයකුට විකුණන්න හදලා

අනුරාධපුර පූජා භූමියේදී පුරාවිද්‍යා කැණිම්වලදී හමු වූ රන් කහවණු බව පවසා රන් පැහැ ගැන්වූ ඊයම් කැබලි කිලෝ ග්‍රෑම් දෙකක පමණ ප්‍රමාණයක්‌ ධනවත් ව්‍යාපාරිකයකුට රුපියල් පනස්‌ ලක්‌ෂයක මුදලකට අලෙවි කිරීමට උත්සාහ කළ මත්කුඩුවලට ඇබ්බැහි වූ තරුණයන් දෙදෙනෙක්‌ අනුරාධපුර පොලිස්‌ කොට්‌ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් කණ්‌ඩායමක්‌ විසින් ශ්‍රාවස්‌තිපුර මංසන්ධියේදී අත්අඩංගුවට ගෙන ඇත.

අනුරාධපුර කොට්‌ඨාස පොලිස්‌ අධිකාරි තිලිණ හේවාපතිරණ මහතාට ගාල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගෙන් ලද තොරතුරකට අනුව පොලිස්‌ අධිකාරිවරයාගේ උපදෙස්‌ මත අනුරාධපුර පොලිස්‌ ස්‌ථානයේ කොට්‌ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් එම ව්‍යාජ රන් කැබලි මිලදී ගැනීමේ මුවාවෙන් උපාය දූතයන් යොදවා ගොස්‌ සිදු කළ වැටලීමකදී සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත. 

වෛද්‍ය පුහුණුවක්‌ නැතිව නීති විරෝධී ගබ්සා කළ හොර දොස්‌තර 'වන්ෂොට්‌' කූඩුවේ

වසර 16 ක්‌ පුරා වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින් ප්‍රතිකාර හා ගබ්සා කිරීම් කළ හොර වෛද්‍යවරයකු, බෙහෙත් පෙති විසිදහසකට අධික සංඛ්‍යාවක්‌ ඇතුළු වෛද්‍ය උපකරණ සමඟ ගම්පොළ කොට්‌ඨාස නොවිසඳුණු අපරාධ අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

ගම්පොළ ගලහ පාලම හංදිය අසල වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්‌ථානයක්‌ තුළ නීති විරෝධී ගබ්සා කිරීම් සිදු කරන බවට ගම්පොළ කොට්‌ඨාස බුද්ධි තොරතුරු ඒකකය විසින් අනාවරණය කර ගැනීමෙන් පසු මෙම වැටලීම සිදු කොට තිබිණි.

සුළු පියාගේ ලිංගික අතවරයකට ලක්‌ව රෝහලේ සිටි දැරිය වාට්‌ටුවේ සිටි කතක්‌ හොරෙන් උස්‌සලා

බාලවයස්‌කාර දැරියක්‌ ලිංගික අතවරයට ලක්‌වීම හේතුවෙන් රෝහල් ගතකර සිටියදී එම රෝහල් වාට්‌ටුවේම නේවාසිකව සිටි කාන්තාවක්‌ හොර රහසේම දැරියව රෝහලෙන් රැගෙන යැමේ සිද්ධියක්‌ හලාවත පොලිසියෙන් වාර්තා වෙයි.

මාදම්පේ පොලිස්‌ වසමේ පදිංචි වයස අවුරුදු 12 ක්‌වූ හය වසර ඉගෙනුම ලබමින් සිටි දැරියට ඇයගේ සුළු පියා ලිංගික අතවරයක්‌ සිදුකර ඇති බවට දැරියගේ මව මාදම්පේ පොලිසියට පැමිණිලිකර තිබුණාය. ඒ අනුව මාදම්පේ පොලිසිය එම දැරිය ඇයගේ කිරි අම්මා භාරයේ හලාවත මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ පරීක්‍ෂාව සඳහා රෝහල් ගත කර සිටියහ.