රෝගවලට ගොදුරුව මියයන ශ්‍රී ලාංකිකයන් පිළිබඳව ලැබී ඇති තොරතුරු අනුව වාර්ෂිකව වැඩිම පිරිසක් මිය යන්නේ හෘදයාබාධ නිසාය. ඉන් පසු මියයන්නේ පිළිකා රෝගය නිසාය. පිළිකා මර්දන ව්‍යාපාරයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසන පරිදි වසරකට ශ්‍රී ලංකාවේ පුද්ගලයන් 15,000 ක් පිළිකා රෝග නිසා මරණයට පත්වෙති.
සෑම වසරකම අලුතින් පිළිකා රෝගීන් 16,000 ත් 20,000 ත් අතර පිරිසක් හඳුනා ගැනෙන බවද විශේෂඥ වෛද්‍යතුමන් සඳහන් කරයි.2013 වසරේදී ශ්‍රී ලංකාවේ පිළිකා රෝගීන් 25,515 ක් ලියාපදිංචිව සිටි අතර 2014 වසරේදී එය 26,341 දක්වාද 2015 වසරේදී 28,474 දක්වාද ලියාපදිංචි පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් තිබුණි.