BREAKING NEWS
latest

728x90

468x60

සති අන්තයේ දක්‍ෂිණ අධිවේගයේ වාහන ලක්‍ෂයක්‌ - දිනක ආදායම කෝටි 3 ඉක්‌මවයි

දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ පසුගිය සති අන්තයේ වාහන ලක්‍ෂයක්‌ ධාවනය වී ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

මෙහිදී එක්‌ දිනක ආදායම රුපියල් කෝටි 3 ඉක්‌මවා ඇති බවත්, මෙය 2017 වසරේ එක්‌ දිනක්‌ තුළ ලැබූ වැඩිම ආදායම බවත් අධිවේගී මාර්ග නඩත්තු හා මෙහෙයුම් අධ්‍යක්‍ෂ එස්‌. ඕපනායක මහතා 'දිවයින' ට පැවැසීය.

මෙම මාර්ගයේ පසුගිය 22 වැනිදා පමණක්‌ වාහන එක්‌ලක්‍ෂ දසදහසක්‌ පමණ ධාවනය වී ඇති අතර, 23 වැනිදා එවැනිම සංඛ්‍යාවක්‌ ධාවනය වී ඇතැයි ද ඒ මහතා කීය.

කටුනායක අධිවේගී මාර්ගයේ එම කාලය තුළ දිනකට වාහන 22,000 ත්, 25,000 ත් අතර ප්‍රමාණයක්‌ ධාවනය වී ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

මෙම මාර්ග දෙකේ සාමාන්‍යයෙන් වාහන ධාවනය වන්නේ 50,000 සේ සිට 70,000 ක්‌ දක්‌වා සංඛ්‍යාවක්‌ බව ද එම අධිකාරිය පවසයි.

පිවිසුම් ස්‌ථානයන් හි සිදුවන තදබදය වැළැක්‌වීම සඳහා දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ කඩවත - කොට්‌ටාව, ගැලනිගම, පින්නදූව, මාතර, ගොඩගම අතර අතිරේක දොරටු මෙම ජනවාරි මාසය තෙක්‌ විවෘත කර තබන බව ද එම අධිකාරිය පෙන්වා දෙයි.

මෙහෙයුම් අංශයේ නිලධාරීන්ගේ නිවාඩු සීමා කර වැඩිපුර සේවක පිරිසක්‌ යොදවා ඇතැයි ද ඕපනායක මහතා වැඩිදුරටත් කීය.
« PREV
NEXT »

Facebook Comments APPID