BREAKING NEWS
latest

728x90

468x60

බුත්තල - කතරගම පාරේ 'අලි හිඟන්නෝ' වැඩි වෙලා

බුත්තල - කතරගම ප්‍රධාන මාර්ගයේ යාල රක්‌ෂිතයට අයත් කොටසේ අලි හිඟන්නන් වැඩි වී ඇත. මේ හේතුවෙන් එම මාර්ගයේ ගමන් කරන මගීහු දැඩි පීඩාවට පත් වෙති. මෙම මාර්ගයේ ස්‌ථාන කිහිපයකදීම මිනිසුන් ලබා දෙන ආහාර ගැනීම සඳහා අලි තැන් තැන්වල තනිව හා රංචු පිටින් සිටිති.

මෙම වන අලින් සමග ඡායාරූප ගැනීමට යැම හා උන්ට ආහාර ලබාදීමට ඇතැම් සංචාරකයන් කටයුතු කිරීම නිසා ඔවුන්ගේ ජීවිත අවදානමකට ලක්‌ වන බව වනජීවී නිලධාරීහු පවසති. වනජීවී නිලධාරීන් වැඩිදුරටත් පවසන්නේ පාර දෙපස සිටිනා වන අලින්ට ආහාර ලබා දීමෙන් වළකින ලෙසයි.

මේ හේතුවෙන් කිහිප අවස්‌ථාවකදීම වන අලි ප්‍රහාර සිදු වී ඇත.
« PREV
NEXT »

Facebook Comments APPID