BREAKING NEWS
latest

728x90

468x60

ලංකාවේ මගුල් කන චීන නෝනා මැණික්‌ සමග ගුවන්තොටේදී දැලේ වැටුන හැටි

රුපියල් හතළිස්‌ අටලක්‍ෂ හැටදහසකට අධික වටිනාකමින් යුත් මැණික්‌ තොගයක්‌ නීති විරෝධීව රැගෙන ආ චීන ජාතික කාන්තාවක්‌ කටුනායක බණ්‌ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී රේගු නිලධාරින් විසින් පෙරේදා (03වැනිදා) අත්අඩංගුවට ගන්නා ලදී.


පෙරේදා (03වැනිදා) රාත්‍රි තායිලන්තයේ බැංකොක්‌ සිට පැමිණි යුඑල් 407 දරන ගුවන් යානයෙන් මෙරටට පැමිණි ගුවන්තොටුපළ භාණ්‌ඩ කිසිවක්‌ ප්‍රකාශ කිරීමට නොමැති (ග්‍රීන් චැනල්) දොරටුවෙන් පිටවී යැමට තැත් කිරීමේදී රේගු නිලධාරීන් මෙම චීන ජාතික කාන්තාව අත්අඩංගුවට ගෙන පරීක්‍ෂා කිරීමේදී මෙම මැණික්‌ තොගය සොයා ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ සුනිල් ජයරත්න මහතා පැවසීය.

2019 නිවාඩු බොහොමයක් සෙනසුරාදා සහ ඉරිදාට එන හැටි මෙන්න.

1971 අංක 29 දරන නිවාඩු පනතේ 4 වැනි වගන්තියෙන් ස්වදේශ කටයුතු අමාත්‍යවරයා වෙත පවරා ඇති බලතල ප්‍රකාරව 2019 වර්ෂය සඳහා රජයේ සහ බැංකු නිවාඩු දිනයන් සඳහන් අතිවිශේෂ ගැසට් පත්‍රය පසුගිය ජූනි 28 දා නිකුත් කරන ලදී.


මෙම 2019 නිවාඩු ලේඛනයට අනුව ප්‍රධාන පෙළේ නිවාඩු දින බොහෝමයක්, සති අන්තයට යෙදී තිබීම විශේෂත්වයකි.

2019 දුරුතු පුර පසළොස්වක පොහොය දිනය ජනවාරි 20 ඉරිදා දිනට යෙදී තිබේ.

මෙහිදී වැදගත්ම කරුණ නම් සිංහල හා දෙමළ අලුත් අවුරුදු යෙදෙන අප්‍රේල් 13 හා 14 දින දෙක, සෙනසුරාදා සහ ඉරිදා දිනයන් වීමයි.

ජීවිත 4 ක්‌ බිලිගත් පුත්තලමේ ඇතා මෙල්ල කෙරේ

පුත්තලම තේවනුවර, මුරියාකුලම, පුත්තලම, කොට්‌ටුකච්චිය ඇතුළු ප්‍රදේශවල සැරිසරමින් පසුගිය කාලයේ කාන්තාවන් දෙදෙනකු ඇතුළු පුද්ගල මරණ 4 ක්‌ සිදුකළ බව පැවසෙන ඇතා 2 දා අලුයම පුත්තලම කල්අඩිය සිමෙන්තිගම ප්‍රදේශයේදී නිර්වින්දනය කර අල්ලා ගත් බව කරුවලගස්‌වැව වනජීවී කාර්යාලය පවසයි. 

වනජීවී අධ්‍යක්‌ෂ ජනරාල් එම්. ජී. පී. සූරියබණ්‌ඩාර මහතාගේ නියෝගය පරිදි, පුත්තලම වනජීවී සහකාර අධ්‍යක්‌ෂ ඩබ්ලිව්. එම්. කේ. එස්‌. චන්ද්‍රරත්න මහතාගේ මෙහෙයවීමෙන් මෙම ඇතා අල්ලා ගැනීමේ මෙහෙයුම පසුගිය 29 වැනිදා සවස ආරම්භ කර තිබිණි. 

ඇඳුම නිසා සෞදි අරාබියේ රූපවාහිනී නිවේදිකාවට එරෙහිව පරීක්‌ෂණ

සෞදි කාන්තාවන්ගේ රියෑදුරු බලපත්‍ර තහනම ඉවත් කිරීම පිළිබඳ රූපවාහිනියේ වාර්තා කරන අවස්‌ථාවේදී "නුසුදුසු" ඇඳුමකින් සැරසී සිටියා යෑයි චෝදනා එල්ලවී සිටින වාර්තාකාරිනියකට එරෙහිව පරීක්‌ෂණයක්‌ පැවැත්වීමට සෞදි බලධාරීන් කටයුතු කරමින් සිටී.


ෂිරින් අල්-රිෆායි (Shireen al-Rifaie) එළිමහනේ වාර්තා කිරීමේ යෙදී සිටියදී ඇය ඇඟලා සිටි අබායා ලිහිල් ඇඳුම සුළඟට හසුවී ඉදිරියෙන් විවෘත වීම නිසා යටින් ඇඳ සිටි වස්‌ත්‍ර නිරාවරණය විය. 

මෙම වීඩියෝ දර්ශනය අන්තර්ජාලයේ විශාල වශයෙන් සංසරණය වූ අතර ෂිරීන් අල්-රිෆායි බොහෝ පුද්ගලයන්ගේ විවේචනයට ලක්‌ වී තිබේ. ඇයට එරෙහිව අරාබි භාෂාවෙන් "රියාද්හි නිර්වස්‌ත්‍ර" කාන්තා රියදුරු" යන තේරුම ඇති හැෂ්ටැගයක්‌ ද නිර්මාණය කර තිබෙනු දක්‌නට ලැබේ. 

ඌරුබොක්ක, ගල්බොක්ක ප්‍රදේශයේ පිහි ඇනුමකින් 28 හැවිදිරි මවක් මරුට - පාපතරයා සියදිවි නසාගනී

ඌරුබොක්ක - ගල්බොක්ක ප්‍රදේශයේදී පුද්ගලයෙකු නිවාස දෙකකට බලහත්කාරයෙන් ඇතුලුවී සිදුකළ පිහි ඇනුමකින් එක් කාන්තාවක් මියගොස් තවත් කාන්තාවන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා. 


පිහි ඇනුම සිදුකළ 40 හැවිරිදි සමන්ත නැමැති පුද්ගලයාද වස පානයකො සියදිවි හානිකරගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ. 

අක්‌කාගේ බැංකු පොතෙන් සල්ලි ඇද්ද මල්ලීගේ අනියම් බිරිඳ අත්අඩංගුවට

අක්‌කාගේ බැංකු පොත සහ හැඳුනුම්පත සොරකම් කරගෙන ගොස්‌ ගාල්ල නගරයේ රාජ්‍ය බැංකුවකින් රුපියල් අසූපන් දහසක්‌ වංචනික ලෙස ලබාගෙන ඇති මල්ලි කෙනෙකුගේ අනියම් බිරිය පසුගියදා (29) අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි. 

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්ගම ඕවකන්ද පදිංචි කාන්තාවකි. 

පොලිස්‌ පරීක්‌ෂණවලදී අනාවරණය වී ඇති ආකාරයට මෙම සැකකාරිය ගාල්ල කලේගාන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු සමඟ අනියම් සබඳතාවක්‌ පවත්වාගෙන ගොස්‌ තිබේ. මේ අතර පසුගිය 18 වැනිදා එම පුද්ගලයා තමාගේ අක්‌කාගේ බැංකු පොත සහ හැඳුනුම්පත සොරකම් කරගෙනවිත් අනියම් බිරිය ලවා අක්‌කාගේ ගිණුම පවත්වාගෙන යනු ලබන ගාල්ල නගරයේ රාජ්‍ය බැංකුවකින් රුපියල් අසූපන් දහසක්‌ ලබාගෙන ඇත. 

ඇවිදින පුස්ථකය, චාමර අවසන් ගමන් යයි


සිළුමිණ ඉරිදා සංග්‍රහයේ ප්‍රධාන කතෘ මෙන්ම රැස දිනපතා පුවත්පතේ ආරම්භක කතෘවරයාව සිටි චාමර ලක්ෂාන් කුමාර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

චාමර ලක්ෂාන් කුමාර මහතා පොසොන් පොහොය නිමිත්තෙන් ලේක්හවුස් ආයතනය සංවිධානය කරන ලද මිහින්තලා ආලෝක පූජාවට සම්බන්ධ වී සිටියදී හදිසි අනතුරකට ලක්ව දින කිහිපයකට පෙර රෝහල් ගත කර තිබේ. එහිදී අසාධ්‍ය තත්වයෙන් පසුවූ ඒ මහතා ඊයේ(30) පස්වරුවේ අභාවප්‍රාප්ත වී තිබේ.