BREAKING NEWS
latest

728x90

468x60

ලංකාවේ මගුල් කන චීන නෝනා මැණික්‌ සමග ගුවන්තොටේදී දැලේ වැටුන හැටි

රුපියල් හතළිස්‌ අටලක්‍ෂ හැටදහසකට අධික වටිනාකමින් යුත් මැණික්‌ තොගයක්‌ නීති විරෝධීව රැගෙන ආ චීන ජාතික කාන්තාවක්‌ කටුනායක බණ්‌ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී රේගු නිලධාරින් විසින් පෙරේදා (03වැනිදා) අත්අඩංගුවට ගන්නා ලදී.


පෙරේදා (03වැනිදා) රාත්‍රි තායිලන්තයේ බැංකොක්‌ සිට පැමිණි යුඑල් 407 දරන ගුවන් යානයෙන් මෙරටට පැමිණි ගුවන්තොටුපළ භාණ්‌ඩ කිසිවක්‌ ප්‍රකාශ කිරීමට නොමැති (ග්‍රීන් චැනල්) දොරටුවෙන් පිටවී යැමට තැත් කිරීමේදී රේගු නිලධාරීන් මෙම චීන ජාතික කාන්තාව අත්අඩංගුවට ගෙන පරීක්‍ෂා කිරීමේදී මෙම මැණික්‌ තොගය සොයා ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ සුනිල් ජයරත්න මහතා පැවසීය.

මෙම චීන ජාතික කාන්තාවගේ ගමන් මල්ලේ රුපියල් හතළිස්‌ අට ලක්‍ෂ හැටහතරදහස්‌ හත්සිය හැත්තෑහතක්‌ පමණ වටිනා විශාල මැණික්‌ කැට 18ක්‌ සහ කුඩා ප්‍රමාණයේ මැණික්‌ කැට විශාල වශයෙන් වූ පාර්සල් 13ක්‌ තිබූ බවද රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිsටියේය.

35 හැවිරිදි මෙම චීන ජාතික කාන්තාව මෙරට පුද්ගලයකු සමග විවාහවී වසර 12ක පමණ කාලයක සිට මීගමුව ප්‍රදේශයේ පදිංචිව සිටින්නියකි.

රේගු අධිකාරි එස්‌. රවි කුමාරන්, සහකාර රේගු අධිකාරීවරුන් වන කේ. ඒ. ආර්. ඒ. ආරියසේන, එස්‌. ඒ. බී. ආනට්‌, බී. එම්. ආර්. සිරිල්, පී. එච්. ඩී. පීS. චන්ද්‍රසිරි යන නිලධාරීන් මෙම චීන ජාතික කාන්තාව අත්අඩංගුවට ගෙන තිබේ.

අතිරේක රේගු අධ්‍යක්‍ෂ ජනරාල් රංජිත් ළමාහේවා මහතාගේ උපදෙස්‌ මත ගුවන්තොටුපළ රේගු අධ්‍යක්‍ෂ ඕ. එම්. ජබීර් මහතාගේ අධීක්‍ෂණය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ ආර්. රුෂාන්දන් මහතා මේ පිළිබඳ රේගු පරීක්‍ෂණය පවත්වා මැණික්‌ තොගය රාජසන්තක කර චීන ජාතික කාන්තාවට රුපියල් හතළිස්‌දහසක දඩ මුදලක්‌ නියම කළේය.

ප්‍රභාත් විතාන, ටී. කේ. ජී. කපිල - ගුවන්තොටුපළ
« PREV
NEXT »

Facebook Comments APPID