BREAKING NEWS
latest

728x90

468x60

ජීවිත 4 ක්‌ බිලිගත් පුත්තලමේ ඇතා මෙල්ල කෙරේ

පුත්තලම තේවනුවර, මුරියාකුලම, පුත්තලම, කොට්‌ටුකච්චිය ඇතුළු ප්‍රදේශවල සැරිසරමින් පසුගිය කාලයේ කාන්තාවන් දෙදෙනකු ඇතුළු පුද්ගල මරණ 4 ක්‌ සිදුකළ බව පැවසෙන ඇතා 2 දා අලුයම පුත්තලම කල්අඩිය සිමෙන්තිගම ප්‍රදේශයේදී නිර්වින්දනය කර අල්ලා ගත් බව කරුවලගස්‌වැව වනජීවී කාර්යාලය පවසයි. 

වනජීවී අධ්‍යක්‌ෂ ජනරාල් එම්. ජී. පී. සූරියබණ්‌ඩාර මහතාගේ නියෝගය පරිදි, පුත්තලම වනජීවී සහකාර අධ්‍යක්‌ෂ ඩබ්ලිව්. එම්. කේ. එස්‌. චන්ද්‍රරත්න මහතාගේ මෙහෙයවීමෙන් මෙම ඇතා අල්ලා ගැනීමේ මෙහෙයුම පසුගිය 29 වැනිදා සවස ආරම්භ කර තිබිණි. 

ඒ සඳහා පුත්තලම අනුරාධපුර පණ්‌ඩුලගම වනජීවී පශු වෛද්‍යවරුන් වන වෛද්‍ය චන්දන ජයසිංහ, වෛද්‍ය එච්. කේ. ඉසුරු යන මහත්වරුන් සමඟ කරුවලගස්‌වැව වනජීවී අඩවි ආරක්‌ෂක එම්. ඥනරත්න, පණ්‌ඩුලගම වනජීවී අඩවි ආරක්‌ෂක කේ. බී. දිසානායක මහත්වරු ද ඇතුළු එම වනජීවී නිලධාරීන් 21 දෙනකුගෙන් යුත් කණ්‌ඩායමක්‌ සහභාගි වී ඇත. 

වයස අවුරුදු 30 ක්‌ - 35 ක්‌ පමණ වන බව කියන මෙම ඇතාගේ උස අඩි අටහමාරක්‌ පමණ වන බවත්, දළ දෙක දිග අඩි දෙකහමාරක්‌ පමණ වන බවත් වනජීවී නිලධාරීහු පවසති. 

අල්ලා ගත් ඇතා ආරක්‌ෂිත පෙදෙසකට රැගෙන යැමට නියමිත විය. 

පුත්තලම කල්අඩිය සිමෙන්තිගම ප්‍රදේශයේදී නිර්වින්දනය කර අල්ලා ගත් දළ ඇතා බලන්න 02දා සවස වනජීවී අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ද පැමිණියේය.
« PREV
NEXT »

Facebook Comments APPID