BREAKING NEWS
latest

728x90

header-ad

468x60

header-ad

ඌරුබොක්ක, ගල්බොක්ක ප්‍රදේශයේ පිහි ඇනුමකින් 28 හැවිදිරි මවක් මරුට - පාපතරයා සියදිවි නසාගනී

ඌරුබොක්ක - ගල්බොක්ක ප්‍රදේශයේදී පුද්ගලයෙකු නිවාස දෙකකට බලහත්කාරයෙන් ඇතුලුවී සිදුකළ පිහි ඇනුමකින් එක් කාන්තාවක් මියගොස් තවත් කාන්තාවන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා. 


පිහි ඇනුම සිදුකළ 40 හැවිරිදි සමන්ත නැමැති පුද්ගලයාද වස පානයකො සියදිවි හානිකරගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ. 

සිද්ධියෙන් මියගොස් ඇත්තේ 28 හැවිරිදි බෙරලපනාතර ප්‍රදේශයේ පදිංචි දරුවන් දෙදෙනෙකුගේ මවක් බවට වාර්තාවන අතර ස්වාමි පුරුෂයා ආරක්ෂක අංෂයේ සේවය කරන අතර එම අවස්තාව වන විට මැය දරුවන් දෙදනාට ආහාර ලබාදෙමින් සිට ඇති බවට වාර්තාවේ.

තුවාල ලැබූ අවුරුදු 32 සහ 64 යන වයස්වල පසුවන කාන්තාවන් එකම පවුලේ දියණිය සහ මව වනවා. 

ඊයේ රාත්‍රී (01) 6.45 - 7.30 අතර කාලයේදී මෙම පිහි ඇනුම සිදුව ඇති බවයි ඌරුබොක්ක පොලිසිය ප්‍රකාශ කළේ.

පිහි ඇනුම සිදුකළ සැකකරු මානසික රෝග තත්ත්වයකින් පෙළෙන අතර එය උත්සන්න වීමෙන් මෙම පිහි ඇනුම සිදුකරන්නට ඇති බවයි පොලිසිය සැක පළ කරන්නේ. 


මොහු පසුගිය වසරේ මාර්තු මාසයේදී ද පහරදීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදි ඔහුගේ මානසික තත්ත්වය පිළිබඳ වාර්තාවක් කැඳවීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මානසික රෝහල වෙත යොමු කර තිබෙනවා.
« PREV
NEXT »

Facebook Comments APPID

About Us

logo

fbtemplates in Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Nunc interdum metus vitae dui tempus ornare. Nulla facilisi. Vivamus id eros sit amet lorem condimentum ultrices. Phasellus imperdiet, magna at sodales dictum, nibh mauris tempor nulla, in consequat est purus eget.

Nulla facilisi. Vivamus id eros sit amet lorem condimentum ultrices. Phasellus imperdiet, magna at sodales dictum, nibh mauris tempor nulla, in consequat est purus eget.